කොළඹ වික්ටෝරියා උද්‍යානය ඉදිරිපිට මාර්ගය යළි ශ්‍රී ලංකාවේ කීර්තිමත් ඉතිහාසඥයකු හා කලාකරුවකු වූ ආනන්ද කුමාරස්වාමි මහතා නමින් නම් කිරීමට නව රජය තීරණය කැර ඇත. පසුගිය රජය නෙළුම් පොකුණ ඉදිරිකිරීමෙන් පසු එම මාර්ගය 2011 දෙසැම්බර් මස 15 දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නෙළුම් පොකුණ නමින් මේ මාර්ගයේ කොටසක් නම් කළේය.
දෙමළ ජාතික විද්වතකු වූ කුමාරස්වාමි මහතාගේ නම වෙනස් කිරීම ගැන ඒ දිනවල දැඩි විරෝධයක් එල්ලවිය. ගිය රජය ඒ ගැන සැළකිල්ලක් දැක්වූයේ නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ්ක හොඳ අදහසක්. ශ්‍රී ලාංකීය ජනතාව ජාති, පක්ෂ, ආගම් භේද නැතුව සුදුස්සාට සුදුසු තැන දීම අතීතයේ ඉඳලාම කරගෙන අපු දෙයක්. "ආනන්ද කුමාරස්වාමි යළි කොළඹට".....මේකත් එවැනිම දෙයක්. එ්කට කාටවත් විරුද්ද වෙන්නත්, අඬන්නත් ඕන නැහැ. (නදී)
අතීතයේ යම් විශාල සේවයක් කල විද්වතුගේ නාමයට අගෞරව කිරීම හොඳ නැති දෙයක්. මෙම කර්තව්‍ය මම අගය කරමි (නදී)
හරිම හොඳ තීරණයක්. පැරණි ජාතික වීරයන්, උගතුන් අමතක නොකරමු. (නදී)
වටිනා වැඩක්. මෙන්න හොඳ වැඩ. (නි)
මේ විදියට නම මාරුකිරීම විචාර බුද්ධියක් නැති අදහසක් කියලා තමයි අපිට පෙනුනේ. දැන්වත් ඒ වැරැද්ද නිවැරදි කෙරුණ එක හරිම වැදගත්. (නි)
මහරගම පැත්තේ, තරුණ ගායිකාවකගේ නමින් මාවතක් නම් කළා. මෙහෙම ඉතිහාසගත විද්වතෙකුගේ නමින් තිබුන මාවතේ නම වෙනස් කළා. (නි)
නෙළුම් පොකුණ නෙමෙයි හැමතැනම තමන්ගේ නම ගහගන්න පුළුවන් නම් එච්චරයි. ඒ කාලයේ ඊටවැඩිය දෙයක් නැහැ. (නි)
මේ කළ කාර්යය ඉතා ඉහළින් අගයමි (නි)
මේක නෙමෙයි, එයාලට පුළුවන් නම් හැම තැනකම නම වෙනස් කරාවි. ඒ වගේ වැඩ කළොත් කවුරු වුණත් වැඩේ කැතයි කියන නිසා ඒ ටික සිද්ධවුණේ නැහැ. (නි)
සමහරු ඉන්නවා තමන්ගේ පරම්පරාවේ නම ඇරෙන්න වෙන කිසිම කෙනෙකුගේ, රටට වැදගත් වෙන නමක් ප්‍රසිද්ධ තැනක සඳහන් වෙනවා තියා ඒ ගැන කවුරුවත් කතාකරනවාටවත් කැමති නැහැ. (නි)
මෙහෙම වැදගත් කෙනෙකුගේ නමින් දශක ගණනාවක් තිබුන පාරේ නම වෙනස් කළ එකට නම් අපෙත් අකමැත්තක් තිබුණා (නි)
තව ටික කලක් ගියා නම් අලුත් උපදින ළමයින්ටත් ඒගොල්ලන්ට ඕනෑ නම් දාන්න කියයි. (නි)
පොළොන්නරු යුගයේ සිට පවතින නෙළුම් පොකුණ "පරාක්‍රමබාහු නෙළුම් පොකුණ" ලෙස නම් කිරීම වඩා සුදුසු බවයි මගේ හැඟීම (නි)
පැවති රජයෙන් ඉතිහාසගත වැදගතුන්ට ගරුත්වයක් තියා එකල වර්තමානයට අයත් උගතුන්ට විද්වතුන්ට අයිති නිසි තැනවත් ලැබුනේ නැහැ. (නි)
එතකොට රූපය විතරක් නෙමෙයි නාමයත් දිරනවා හරි වැඩ නොකලොත් (නදී)
ප්‍රභාෂ්වරගේ අදහසේ නම් කිසිම ප්‍රභාශ්වර ගතියක් නැහැ. එක්කෝ ලංකාවේ ඉතිහාසය ගැන නොදන්නා කෙනෙක් නැතිනම් අසවල් නම විතරක් නගරයේ කටවුට් එකේ ඉඳල ගමේ බෝක්කුව දක්වාම කැපී පෙනෙන්න ඕන කියල හිතෙන කෙනෙක්. (නදී)
ප්‍රභාෂ්වර, මෝඩ උනාට කමක් නෑ, ප්‍රදර්ශනය කරන්න එපා. එහෙනම් අර ගෙනාවා කිව්ව කැසිනෝ එක හැදුවනම් ''කැසිනෝ'' පාර කියල නම වෙනස් කරනවද ? නෑනේ .... ඒ හින්දා මෝඩ තර්ක ගෙන්න එපා (නදී)
පසුගිය කාලයේදී අනන්තවත් ඔවැනි වැඩ තමා සිදුකළේ. (නි)
ඉල්ලන් කන්න එපා. මේක රජය ගත් ගොඩක් හොඳ තීරණයක්. දෙමල උනත් ගරු කරන්න ඕන අයට අපි ගරු කරන්න ඕනේ. (ස)
එතකොට පොදු වැසිකිලියක් තිබෙන පාරක් නම් "වැසිකිලි පාර " වෙන්න ඕනද ? (ස)
මම ආනන්ද කුමාරස්වාමි මහතාට නිගරුවක් කලේ වත් එහෙම හිතුවෙවත් නැහැ. මම කියන්න කව්රු හැදුවත් ජාතික හා අන්තර් ජාතික වටිනාකමක් තියන තැනක පාර ඒ නමින් නම් උනාට වරදක් නෑ කියන එකයි. නැතුව තිබුන නම වෙනස් කරන්න පටු අරමුණක් තිබ්බේ නෑ. මොකද ඔය පාරට එතුමාගේ නමින් නම් කරනකොට ඔය නෙලුම් පොකුණක් තිබ්බේ නෑනේ. නෙලුම් පොකුණට මහින්ද රාජපක්ෂ කෑල්ල ගෑවුණු නිසා පාරටත් ඒ නම වැටිලා. එ්ක නම් ප්‍රශ්නයක් තමයි එත් ඔය මහින්ද කෑල්ල නැතුව නෙලුම් පොකුණ පාර කිව්වා නම් ගැලපෙනවා කියන එක තමා කියන්න හැදුවේ. කාගේ හරි හිත රිදුනනම් සමාවෙන්න. එහෙමයි කියල අර පල්ලිය පාර මේ ඇමතිගේ පාර අරව මේවා වගේ නම්, තිබ්බ පැරණි නම් වෙනස් කරල දානවට නම් විරුද්දයි. ආයිත් කියනවා ආනන්ද කුමාරස්වාමි මහතාට අගෞරවයක් උනානම් සමාවෙන්න (නදී)
ඉතා හොඳයි. බොහොම ස්තූතියි! (නි)
හරිම හොඳ වැඩක් (නි)
ඔය වැඩේ වැරදියි. දේශපාලකයන්ගේ නම් පාරවල්වලට දැම්මට කමක් නැහැ නමුත් ගරු කල යුතු අයගේ නම් දාන්න එපා. ඔය පාරවල්වල මිනිස්සු කෙළ ගහනවා බල්ලෝ පුසෝ ජරා කරනවා ඒක නිසා. අනිත්තෙක කාට ගරු කරන්නද කොටා රෝඩ් කියල නම දාල තියෙන්නේ (නදී)
හොඳ වැඩක් (නි)
දන්නේ නැති හින්ද අහන්නේ. අර නුවර පාරක නමකුත් වෙනස් කළා නේද . එකට මොකද වුණේ දන්නේ නෑ (දිල්)
දැන් බයියෝ ටික ඕකටත් කෑ ගහයි. යහ පාලනය කියන්නේ දෙමළුන්ට කඩේ යන එකටද කියලා. (නදී)
නෙලුම් පොකුණ හැදුවට පස්සේ පාරට නෙලුම් පොකුණ පාර නොකිය වෙන මොකක් කියන්නද ? (නදී)
'සහේලි ගමගේ' මාවතට මොකද වෙන්නේ?(දිල්)
නෙලුම් පොකුණ හැදුවට පස්සේ පාරට නෙලුම් පොකුණ පාර නොකිය වෙන මොකක් කියන්නද ? (නදී)
අප්‍රේල් මාසෙන් පස්සේ අායෙත් නෙලුම් පොකුණ වේද ? (නදී)
මම සිංහලයෙක්මි. මම ආනන්ද කුමාරස්වාමි මහතාට නිගරුකළ අයගේ ක්‍රියාකලාපය හෙළාදකිමි. කුමාරස්වාමි මහතා අපේ රටේ ජාතික වස්තුවකි. එතුමා සැබෑ මානව හිතවාදියෙකි. (නි)
මෙම පුවත ගැන සන්තෝෂයි! අදත් ලෝකයේ වෙළඳසැල් වල එතුමාගේ පොත් තිබෙනවා. බුදුදහම හින්දු දහම ගැන එතුමා ලියූ පොත් ඉතා වැදගත්. මෙම නිවැරදි කිරීම ගැන කෘතවේදී වෙමු! (නි)
අගනා කටයුත්තක්. පසුගිය රජය කාලයේ ජනාදිපති වෙනුවෙන් සින්දු කියපු අයගේ නම් පාර වලට දැම්මා. මේ වාගේ විද්වතුන් සහ රටට සේවයක් කල අයගේ නම් පාරවල් වලට දැම්මා නම් මොකද ? (නදී)