IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


ආදායම් නිලධාරිනිය ලාච්චුවට සුද්දයක් දීලා

(විමුක්ති සංජය පෙරේරා)

බදුල්ල මීගහකිවුල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ රථ වාහන සදහා ආදායම් බලපත්‍ර නිකුත් කිරිමේ නිළධාරිණිය විසින් රථ වාහන සදහා ආදායම් බලපත්‍ර නිකුත් කර අය කරන මුදල් ඌව පළාත් සභා ගිණුමට බැර නොකර වංචා සහගතව සොරා ගෙන ඇතැයි මීගහකිවුල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරි පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි .

මීගහකිවුල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් ආදායම් බල පත්‍ර නිකුත් කර උපයාගන්නා මුදල් ඌව පළාත් සභා ගිණුමට බැර කළ යුතු වන අතර ඌව පළාත් සභාවේ විගණණ අංශයේ නිළධාරින් විසින් සිදුකරන ලබන විමර්ශණයකදි 2025 ආගොස්තු මස 1 වැනිදා සිට 30 වන දින දක්වා ආදායම් බලපත්‍ර නිකුත් කර ලාබාගත් රුපියල්  451700.00 මුදලින් රුපියල් 175400.00 මුදලක් පමණක් ඌප පළාත් සභා ගිණිමට බැරවි ඇති අතර ඉතිරි 276300.00 මුදලක් මෙම නිළධාරිණීය විසින් වාංචනික ලෙස සොරාගෙන ඇති බවට අනාවරණයවීමෙන් අනතුරුව ඌව පළාත් සභා විගණන අංශය මීගාහකිවුල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට සිදුකළ ලිඛිත දැනුම් දී ඇත.

ඒ අනුව මීගහකිවුල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ගණකාධීකාරිවරයා  කැන්දකැටිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව පොලිසිය වැඩිදුරටත් සදහන් කළේය.

 



අදහස් (1)

ආදායම් නිලධාරිනිය ලාච්චුවට සුද්දයක් දීලා

Fernando Tuesday, 28 October 2025 06:53 PM

ඉස්සර රජයේ කාර්‍යාලවල මුදල් කටයුතු සඳහා සරප් නමින් වෙනම තනතුරක් තිබුණා. යතුරුලියන කටයුතු වගේම ලඝුලේඛක තනතුරු තිබුණා. ඔය කාලයේ ලිපිකරු තනතුරුවල අයට යතුරු ලියන හැකියාව අවශ්‍යවුනා එහෙම කලේ ටයිපිස්ට්ට විරුද්ධව විනයානුකූල පරීක්ෂණයක් කරන්න වුනොත් විනය කටයුතු විෂයභාර නිළධාරින් ටයිප් කිරීමට ගතයුතු නිසා.මේවා නොතේරුනු ලොක්කො කරපු සේවාවන් ඒකාබද්ධ කිරීම නිසා පනින රිලවුන්ට ඉනිමං වගේ හොරා කෑමට පහසු වූ මේ තත්වය ඇති වුණා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1583 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1375 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site