අභාප්ප්‍රාප්ත ඩබ්ලිව්.ඩී. අමරදේව හෙළයේ මහා සංගීතඥයාගේ දේහය කොළඹ නිදහස් චතුරස්‍රයේ දී සෙනසුරාදා (5) පස්වරු 6 ට ආදාහනය කරන බව ආදාහන කමිටුවේ සභාපති මහාචාර්ය සුනිල් ආරියරත්න කියයි.
දේහය වෛද්‍ය විද්‍යාලයයට බාරදීමේ තීරණය මේ අනුව වෙනස් වෙයි. අමරදේව මහතාගේ දේහය සිකුරාදා (4) උදෑසන 9 ට කොළඹ ජයරත්න මල් ශාලාවේ සිට පෙරහරින් කොළඹ ටොරින්ටන් පෙදෙසේ නිදහස් චතුරස්‍රයට රැගෙන යන බවත් එම පෙරහරට සහභාගී වන ලෙස අමරදේව සහෘදයන්ගෙන් ඉල්ලීමක් කරන බවත් ඔහු කියයි.
අමරදේව මහතාගේ ආදාහනය රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරිමට යයි. සිකුරාදා පෙරවරු 10 සිට පසුදා පස්වරු 3.30 දක්වා නිදහස් චතුරස්‍රයේ දී දේහයට අවසන් බුහුමන් දැක්වීමට හැකි බවත් ආදාහන කමිටු සභාපති කියයි. සෙනසුරාදා පස්වරු 3.30 ට ආගමික වතාවත් සිදු කිරිමෙන් පසුව දේහය ආදාහනය කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා වැදගත් තීරණයක් .(හේ)
මියගියේ නැත ඔබ.... සිහින නෙලුම් මල ජීවිත පොකුණේ .... සැමදාම අපේ දෑස අබියස පිපි වැනෙනු ඇත... (නි)
අමරදේව මහත්තයාගේ අන්තිම කැමැත්තත් වෙනස් කරලා. කගේ වැඩද? දේශපාලුවන්ගේ න්‍යාය පත්‍රයක්ද (අ)
අහස ඉසව්වේ ඔබ මා දුටු වේ රිදි පහන් තරුවක් වගේ........ඒ රත්තරන් මිනිසාට නිවන් සුව පතමු (හේ)
එතුමාගේ ප්‍රාර්ථනය මහා පුණ්‍ය කර්මයක් වන තම සිරුර වෙද විදුහලට ලබාදීම නම් එය සිදුකල යුතුය. වෙනත් අරමුණු වෙනුවෙන් එය වෙනස් කිරීමට වෙනත් අයට හිමිකමක් නෑ.(හේ)
වාසනාවන්ත ජීවිතයක් ගතකල සහ වාසනාවන්ත මරණයකින් කෙලවර වුන ඔබට ඒ අමා මහ නිවන වැඩි ඈතක නොවෙයි .(හේ)
එතුමාගේ ප්‍රාර්ථනය හා අරමුණ වෙනස්වී නැත. අප සිත් යොමුකල යුත්තේ එතුමාගේ දේහයට පරීක්ෂණ සඳහා අත තැබීමට හිත හදාගත හැක්කේ කාටද යන්නය. ඒ නිසා මේ වැඩපිළිවෙල වඩා හොඳ බව මගේ මතයයි.(හේ)
වාසනාවන්ත ජීවිතයක් ගතකල සහ වාසනාවන්ත මරණයකින් කෙලවර වුන ඔබට ඒ අමා මහ නිවන වැඩි ඈතක නොවෙයි. එතෙක් කල් සසර වසන තුරුම පින්වත් මිනිස් ආත්මයක් ලබා පින්කෙත මේ රන් දෙරණේ යලි ඉපදෙන්නට හේතු වාසනා වේවා ! (හේ)
මහා ගාන්ධර්වයාණනි, යුග පුරුෂයාණනි, ගීත ගෝවින්දයාණනි, දේශීය ගීතයේ උල්පත, මාධුර්යයේ දෝංකාරය. එකී මෙකී නොකී මොන වදනින් හැඳින්වුණත් ඔබගේ ප්‍රතිභාපුර්ණත්වයේ ගුප්ත බව පැහැදිලි කරන වචන මොනම ශබ්ද කෝෂයකවත් ඇද්ද කියා මට සිතාගත නොහැකියි. මිහිපිට දුක් විඳින සතසහස් සංඛ්‍යාත ජනතාවගේ දුක්ඛ දෝමනස්ස සිත සනහාලනු පිණිස ඔබ මිහිපිටට ආ සුර දුතයෙක්ද ගුරුතුමාණනි? පීඩාවටපත් මිනිසුන් සනහාලන්නට ඔබගේ වීනාව ඔබගේ ගුප්ත හඳට මුසුවී දසත සිසාරා ගලා හැලෙනවිට අප පත්වූ අමන්දානන්දය දිව්‍යය සම්පතක් වන්නේමය. (නි)
අපිට හරිම කණගාටුයි මෙතුමාගේ නික්මයාම ගැන (නි)
අමරදේව මහත්තයාගේ අන්තිම කැමැත්ත අනුව එය සිදුවිය යුතුයි නේද (නි)
එතුමා වැනි අමිල කලාකරුවෙක් වෙද සිසුන්ගේ ඉගෙනීමට වුනත් අනවශ්‍ය ලෙස ප්‍රදර්ශනය නොකළ යුතුයි යන්නයි මගේ හැඟීම. ආදාහනය වඩා හොඳයි. වෙද සිසුන්ට අවශ්‍ය දේහ කොටස් ලබාගැනීමට රෝහල් වලින් පුළුවන්. ඊට අයිතිකරුවන් රැගෙන නොයන මළ සිරුරු ඇත (නි)
ජාතියේ පිනට පහළ වු මැණිකක් ඔබ. විරල ගණයේ සැබෑ නිහතමානී ඔබ වැනි මිනිසුන් ජාති ජාතිත් වාසනාවන්. ඔබට නිවන් සුව! (නි)