බෙන්තොට ආදාහනාගාරය වසා දමා සේවකයන් දෙදෙනා ප‍්‍රාදේශීය සභාවේ කාර්යය මණ්ඩලය සමඟ විනෝද චාරිකාවක් යාම නිසා මරණ තුනක් ආදාහනය කිරීමට වැඩි මිලක් ගෙවා වෙනත් ආදාහනාගාර වලට රැගෙන යාමට සිදු වු බව ගම්වැසියෝ කියති. බෙන්තොට ආදාහනාගාරයට රුපියල් 4500 කි. එහෙත් ගමෙන් පිට ආදාහනාගාර ගාස්තුව රුපියල් 7500 කි.
බෙන්තොට ප‍්‍රාදේශීය සභාවේ ලේකම් සුරංගි දේශපි‍්‍රය මහත්මිය පැවසුවේ සුභසාධන සමිතියේ වාර්ෂික විනෝද චාරිකාව සඳහා ඉකුත් 26 , 27 යන දෙදින සියලුම දෙනා එක්වු බවයි.
“ආදාහනාගාරයේ වැඩ කරන අය වෙනුවට අන් කෙනෙකු එහි රඳවා තැබීමට කිසිසේත්ම හැකියාවක් නැහැ.දේහයක් ගිනි දැල්වීමේදී එයට උපයෝගී කරගන්නා ගෑස් මෙන්ම අනෙකුත් උපාංග නිසි පරිදි කළමනාකරණය කිරීමට පුහුණු කෙනෙකු නොමැති නිසා දෙදෙනාම මෙම චාරිකාවට එක්වීම නිසා එය වසා තැබීමට සිදුවූ බව පිළිගන්නවා.”
වසරකට වරක් යන විනෝද ගමනට එක්වීම ඒගොල්ලන්ගේ සිවිල් අයිතිවාසිකමක්.ඔය කියන මරණ සම්බන්ධව ළඟම ඇති ආදහනාගාර වෙත ඒවා ගෙනගොස් අවසන් කටයුතු කර ගැනීමට කරන්දෙණිය ඇල්පිටිය අලූත්ගම යන ආදාහනාගාර සම්බන්ධ කරදීමට අප කටයුතු කළා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකේ කොච්චර දියුණු වුණත් අපි නම් කවදාවත් දියුණු වෙන්නේ නෑ පුතෝ....(ම)
නිවාඩු දින දෙකක විනෝද ගමනක් යාමේ අයිතිය ඒ සේවකයන්ට තියෙනවා .. අනික කලින් ලැහැස්ති කළ ගමනක් නේ ..මොකුත් කියන්න විදියක් නැ.. ඒ මිනිස්සුත් විනෝද විය යුතුයි ..(බ)
නිවාඩු අයිතිවාසිකමක් වෙන්නේ නිවාඩු යන සේවකයාගේ රාජකාරි ආවරණය කරන වැඩ පිළිවෙලක් සමගයි.රාජකාරි ආවරණය කරන්න ආදේශකයින් පුහුණු කරවා ගැනීම බලධාරීන්ගේ වගකීමක්. ලේකම්තුමිය බොළඳ කතා කීමෙන් වලකින්න. (බ)
බෙනට්, චන්න මහත්වරුන් නිවැරදි වුවත් මරණයක් වුනාට පස්සේ එම නිවසේ අයට මේ වගේ ප්‍රශ්න හරි විශාලයි. ආදාහනාගාර ගාස්තුව විතරක් නොවෙයි දුර ගෙනියනවානම් ප්‍රවාහන ගාස්තුවත් වැඩි වෙනවා. (බ)
තමන්ගේ නිල වගකීම පැහැර හරින සේවකයෝ සහ බලධාරියෝ .නිදහසට කරුණුත් කියනවා (ම)
අපරාදේ මැරුන අය තව දවසක් හුස්ම අල්ලගෙන හිටියා නම් වැඩේ 4500න් කර ගන්න තිබුනානේ.(ම)
හැමදාම දුක දකින ඒ මිනිස්සු දෙන්න විනෝද ගමනක් ගියාම මොකද වෙන්නේ. අපි මානුෂික පැත්තක් හිතන්න ඕනි.(හේ)