පාලිත ආරියවංශ
දඹාන ආදීවාසීන්ගේ බඩඉරිඟු අස්වැන්න තරමක් අඩු වුවද පාරම්පරික කෙම් විධි අනුගමය කිරීමෙන් ‘සේනා’ දළඹුවා පැරදූ බවත් ආදීවාසිනායක වනස්පති ඌරුවරිගේ වන්නියලැත්තෝ පැවසූහ.
කෙසේ නමුත් විවිධ හේතු නිසා බඩඉරිඟු අස්වැන්න අනෙක් වසරවලට සාපේකෂව අඩු වූ නමුත් රජය ඉල්ලා සිටි අයුරු තමවරිගේ අය බඩඉරිඟු වගා විනාශ නොකළ බවත් කීහ.
වගාබිම් ඈතින් ඈතට පිහිටීම ද මේ උවදුරු පැතිර නොයාමට හේතු වූ බව සඳහන් කළ ආදිවාසි නායකයා දේශීය බඩඉරිඟු බීජ වගාකිරීමෙන් මේ උවදුරුවලට ඔරොත්තු දුන් බව ද අවධාරණය කළේය .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩ ඉරිඟු ඇටේ ත් මැලේසියාවෙන් .
මෙන්න මේවා තමයි ඉගනගන්න ඕනි ක්‍රම. පිට රටින් එන හැම එකම බදාගන්නෙ නැතුව. ලංකවේ පරීක්ෂකයෝ පරීක්ෂණ කරන්න ඕනි මේ වගේ දේශීය දැනුම මුලික කරගෙන.
ලංකාවට අවශ්‍ය බිජ ටිකත් රටින් ගෙන්වනවා නම් , රජය මෙතරම් විශාල මුදලක් වියදම් කරමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගොවිපලවල් , නිලධාරීන් නඩත්තු කරන්නේ කුමටද?
අපේ උගතුන්යැයි කියාගන්නා පිරිස් රටේ ආදියේ සිටම අත්දැකීම් පාරම්පාරිකව රැකගන්නා පිරිස්වලින් උපදෙස් ගන්න අකමැතියි .දැන්වත් දේශිය දේ අගයකර කටයුතු කරනවානම් හොඳයිනේද?
අපේ රටේ කෘෂිකර්මය විනාශ කරන්නේ කෘෂිකර්ම අමාත්‍යංශය . අමාත්‍ය වරයා ප්‍රමුක මේ පරිපාලන නිලධාරීන් රටට ණයක් සහ බරක්.
හා හා වන්නියලැත්තෝ බලාගෙනයි ඔයවගේ කතා පොජ්ජවල් කියවන්නේ ! අපේ 225 හේ අම්බරුවන්ගේ හිත් පොජ්ජවල් රිදෙයි. හිරේ විලංගුවේ දාන්න බැරිකමකුත් නැත.
මේ ආදීවාසි නායකයාට කෘෂිකර්මය පිළිබඳව තිබෙන දැනුම ලංකාවේ ලක්ෂ ගණන් පඩි ගන්න උසස් කෘෂිකර්ම නිලධාරීන්ට නැහැ
බලාගෙන වන්නිල ඇත්තෝ ඔය ඇට පොජ්ජ මසුරන් වගේ පරිස්සන් කරගන්න. හෙට අනිද්දට එක එක ඇත්තෝ ඒවි පරීක්ෂණ කරන්න කියල. ඇවිත් අලුත් ඇට දේවි. ගන්න එහෙම එපා.
අපි ඉතින් 2020 වෙනකන් බලන් ඉන්න එපැය සේනා පරදන්න
ආදිවාසි ඇත්තන් හරිම පිළිතුර දීල තියෙනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවටත් එක්කම. බොහෝ අය පොත පතේ දැනුම ලබා ගත්තම ජාතියට උරුම පාරම්පරික දැනුමට ගරහනවා. අපේ මුතුන් මිත්තන් රට සරුසාර කලේ රට පොහොර වලින් හෝ රට බීජ වලින් නොවේ.