(යොහාන් භාසුර)

කොළඹ, ආදුරුප්පුවීදිය ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක අද (09) අළුයම හටගත් ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර අවසන් යැයි ආදුරුප්පුවීය පොලිසිය පවසයි.

මෙම ගොඩනැගිල්ලේ ගින්න අළුයම 5.00 ට පමණ වාර්තා වූ බවත් පැයක පමණ කාලයකදී ගින්න මැඩපැවැත්වීමට ගිනිනිවීමේ නිලධාරීන් සමත් වූ බවත් පොලිසිය කියයි.

පළමු මහලේ ගින්නත් සමඟ පස්වැනි මහලේ ද ගින්නක් හටගත් බවත් ග්‍රෑන්ඩ්පාස් ගිනි නිවීමේ ඒකකය ගින්න නිවීමට සමත් වූ බවත් පොලිසිය සඳහන් කරයි.

ආදුරුප්පුවීය පොලිසිය පැවසුවේ විදුලි කාන්දුවකින් ගින්න ඇතිවන්නට ඇති බවට අනුමාන කරන බවත්ය.

(ඡායාරුප: ශාන්ත රත්නායක)