දුම්කොළ හා මද්‍යසාර ප්‍රවර්ධනය වන අයුරින් දර්ශන ඇතුළත් ආදරණීය කතාවක් චිත්‍රපටය තිරගත කිරීමට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස දුම්කොළ හා මධ්‍යසාර අධිකාරිය කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (12) ප්‍රතික්ෂේප කළේය.
මහේස්තාත් වරයා පැවසූයේ
දුම්කොළ හා මද්‍යසාර අධිකාරි පනත යටතේ හෝ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත යටතේ වාරණ නියෝගයක් නිකුත් කිරීමට විධී විධාන නොමැති බවයි
චිත්‍රපට අධ්‍යක්ෂක හා නිෂ්පාදක, ජාතික චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂක, රැඟුම් පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂක යන 4 දෙනාට මෙම චිත්‍රපටයේ සී.ඩී තැටියක් නාරාහේන්පිට පොලිසියට ලබා දෙන ලෙස කළ නියෝගයට ප්‍රතිචාර නොදැක්වීම සම්බන්ධයෙන් කරුණූ දැක්වීමට ඔවුන්ට නොතීසිද නිකුත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් ඒකේ වරදක් පෙනෙන්නේ නැහැ (නි)
මොනවා කළත් හොඳක් නොඅසන රටක් (නි)
එඩිතර තීරණයක් ,??? (ම)
හැම එකටම වාරණ දාන එක හොඳ ප්‍රතිපත්තියක් නොවෙයි. (නි)
මේ ෆිල්ම් එක බැලුව නම් වාරණයක් දාන්න බෑ. සිගරට් අරක්කු බොන දර්ශන තිබුනට අන්තිමට මේ බොන ගායකයා පෙනහළු පිළිකාවකින් මැරෙන සිද්ධියක් මේ ෆිල්ම් එකේ තියෙන්නේ. සිගරට් බොන මිනිස්සුන්ට ආදර්ශවත් ෆිල්ම් එකක්. ඉතින් මොන මගුලටද වාරණ දාන්නෙ. (බ)
ඔබ තුමා හරි.(හේ)