IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


ආදරණීය කතාවට මල් මිටක් සහ ගල් ටිකක්

2016-06-02-ent-01කර්මාන්තයට උත්තේජනයක් ලබාදෙන ඕනෑම සිනමාකරුවෙක් පිළිබඳව මා තුළ ඇත්තේ මාර ගෞරවයකි. (වල් චිත්‍රපට හදන අය ගැන නොවේ.) මන්ද නැවත මේ සිනමා කර්මාන්තය සෞන්දර්යවාදී සිනමාකරුවන් විසින් ආක්‍රමණය කළ යුතුය. ඒනිසා මා "ආදරණීය කතාවට" ප්‍රේම කරන වග සටහන් කරන්නේ අවංකවමය. මෙහි සිනමාකරුවා හා කැමරා ශිල්පියා, පිටපත් රචකයන්, තාක්‍ෂණික නිර්මාණකරුවන් ඉතාමත් බරපතළ ලෙස %ආදරණීය කතාවට ප්‍රේම කර ඇති බව ඉතාම පැහැදිලිය. ප්‍රේක්ෂකාගාරය වර්ධනය කිරීම ශ්‍රී ලාංකේය සිනමාවට කරනු ලබන මහා පුණ්‍යකර්මයකි. ඒ පුණ්‍යකර්මය %ආදරණීය කතාවක්’ චිත්‍රපටයේ නිර්මාපකයෝ හොඳින්ම හැඟෙන දැනෙන පරිද්දෙන් කළ ඇති බව මාගේ හැඟීමයි.

මා මිත්‍ර රුවන් නළුවෙකු නොවීම සිනමාවේ මහා පුණ්‍යකර්මයට මහඟු දායාදයක් සේ මා සිතමි. වර්ණ ගැන්වීම පිළිබඳව මා තුළ ඇත්තේ පහන් සතුටකි. චිත්‍රපටය ඉතා හොඳින් විචිත්‍රවත් කිරීමට වර්ණ ගැන්වීම මහත් සේ උපකාරී වී ඇත. පිටපත රචකයන් අපව අවසානය දක්වා චිත්‍රපටය තුළ අභව්‍ය සිද්ධීන්ගෙන් තොරව රඳවා ගැනීමට සමත් වීම මෙම චිත්‍රපටයේ ප්‍රධානම හේතු සාධකය වී හමාරය. මෙහි මට ඇති ඊළඟ ප්‍රශ්නය වන්නේ මේ චිත්‍රපටයට යොදා ගෙන තිබූ ගීත ප්‍රමාණයයි. එම ගීත පිටපත හා බද්ධ කිරීමේදී, ගීත රචකයා කෙතරම් පිටපතට අනුගත සාධාරණයක් කර තිබෙනවාද යන්න ගැටලුවකි. පිටපත හා බරපතළ ලෙස බැඳුන ගීත තුළින් පිටපතට සාධාරණය සිදුකර ඇද්ද යන්න සිතා බැලිය යුතු ප්‍රධාන කරුණකි.

අධ්‍යක්ෂවරයා තමා සතු සියලු උපක්‍රමයන් මේ සඳහා නිර්ලෝභීව යොදා ගත්තේ ඔහුටද මේ කර්මාන්තය තුළ තිබෙන අර්බුදය හොඳින් පසක් වී ඇති නිසාය. කාලයක් වෙනම මගක ගමන් කළ කොළඹගේ මා මිතුරා, පීලි පැනීම යහපත් ක්‍රියාවකි. මෙය අනිවාර්යයෙන් සෞන්දර්යවාදී සිනමාවේ පුළුල් හැඩතලයක් ලෙස මම විශ්වාස කරමි. කෙසේ නමුත් පට්ට පතුරු නොගසා කෙටියෙන් මට දැනුණු දේවල් කිහිපයක් ලිවීම මාගේ හෘදසාක්ෂියට එකඟ වීමකි. ගායකයෙකු වටා ගෙතෙන මෙම සිනමාපටයේ ඔහුගේ හඬ වෙනුවෙන් ගායකයන් කිහිපදෙනෙකු යොදා ගැනීම බරපතළ වරදකි. ඔහු සංවේදී චරිතයක් ලෙසත් ඔහුගේ හඬ ගැනත් සිතූ කළ ඔහුට ගැළපෙන එක් හඬක් යොදාගත්තා නම් මේ අලකලංචිය සිදුනොවනු ඇත. ආරම්භක ගීතයේ හඬ කිසිසේත් ඔහුට නොගැළපේ. ගායකයෙකුට ශෛලීන් කිහිපයකින් ගායනා කිරීමට හැකිමුත් හඬවල් කිහිපයකින් ගායනා කිරීමට හැකිදැයි ප්‍රශ්නයකි. උදාරි අසාර්ථක රංගනයක නිරතවීම චිත්‍රපටයට යම් හානියක් සිදුකර ඇත. ඇයට මෙම චරිතය නිසිලෙස ග්‍රහණය කරගැනීමට නොහැකිවීම එයට හේතුව ලෙස මට හැඟේ. අවසාන දර්ශනය රූපගත කිරීමේදී ඒ සඳහා කළ හැකි උපරිම සත්කාරය කර නොතිබුණේ මන්ද යන්න වටහා ගැනීමට තරම් කරුණු කාරණා මට දැනුණද එය කෙසේ හෝ මීට වඩා යහපත් ලෙස කිරීමට පෙළඹීමට තිබුණා යැයි හැඟේ.

චිත්‍රපටයේ අවසානයේ ප්‍රධාන නළුවා අපිට දකින්නට සැලැස්වීම සාමාන්‍ය අවසානයක් දක්වා අප රැගෙන යන්නේ අධ්‍යක්ෂවරයා මානසික භීතියක් ගොඩදමා ගැනීමට දෝ යැයි සිතෙයි. කර්මාන්තය උදෙසා සුවිශේෂ උත්තේජනයක් සපයන්නට සමත් මේ චිත්‍රපටයේ වැරදි කීම ජාතික අපරාධයක් බව මම දනිමි. ඒ පව්‍කාරකම කරන්නට සිත නොකීවද මේ ටික නොලියාම බැරිය. හේමාල් අපේ රටේ අනාගත පරිණත නළුවා වීම වළක්වන්නට බැරිබව ඔහු හොඳින් පැහැදිලි කර ඇත. බිමල් ගැන අමුතුවෙන් කිව යුතු නැත. සහාය නළුවා ලෙස ඔහු ඔහුගේ හොඳම දේ ලබා දී ඇතැයි මා නිර්ලෝභීව කියමි. අරුණිගේ රංගනය විශිෂ්ට නොවූවද ඇය ඇයගේ චරිතය ගොඩ දමාගන්නා සැටියක් පෙනේ. සමස්තයක් වශයෙන් වේශනිරූපණය ප්‍රධාන නිළි චරිත දෙකට සාධාරණයක් කර නොමැති බව හැඟේ. අරුණි පත්තිනි තුළ මීට වඩා ප්‍රබල රංගන විලාසයක් හා පරිණත බවක් පෙන්නුම් කර තිබුණි. කෙසේ නමුත් "ආදරණීය කතාවක්" සිංහල සිනමා කර්මාන්තය අලංකාර කළ නිර්මාණයක් ලෙස මා දකිමි.

2016-06-19-ent-176

    

කැලුම් පාලිත මහීරත්න.

 



අදහස් (0)

ආදරණීය කතාවට මල් මිටක් සහ ගල් ටිකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 247 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 740 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site