දුම්කොළ හා මද්‍යසාර පනත උල්ලංඝණය කරමින් දුම්කොළ හා මද්‍යසාර වෙළඳ ලකුණු ප්‍රදර්ශනය කළැයි කියන ආදරණිය කතාවක් චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ප්‍රියන්ත කොළඹගේ හා සම නිෂ්පාදක චමින්ද ගමගේගේ කට උත්තර ලියා ගත් බව නාරාහේන්පිට පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවේ කියා සිටියේය.
නාරාහේන්පිට පොලිසිය අධිකරණයට පැවසූයේ තහනම් වෙළඳ ලකුණු එම චිත්‍රපටයේ ජවනිකා 10 ක පමණ ඇති බවයි. එම චිත්‍රපටයේ සී.ඩී. පිටපතක් ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත් චිත්‍රපට සංස්ථා සභාපතිට හා මැජෙස්ටික් සිනමා හලේ කළමණාකරුට නියම කළේය. නාරාහේන්පිට පොලිසිය කරුණු දක්වමින් කියා සිටියේ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයෙන් සී.ඩී පිටපතක් ලබා ගැනීම පහසු බවයි.
පැමිණිල්ල ජූලි 11 දක්වා කල්තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චිත්‍රපටය හෝල්වල පෙන්වනකම්ම ඔය කියන දර්ශන දැක්කේ නැද්ද? ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයට ගිහින් නෙවෙයිද හෝල්වලට ගියේ... එතකොට ඒකේ ඉන්න ඇයෝ ඕවා දැක්කේ නැද්ද? එහෙම නම් නඩු දාන්න ඕනි ඔය වගේ ලස්සන චිත්‍රපටයක් කාලෙකට පස්සේ හදපු අයට නෙවෙයි අර ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ මේ චිත්‍රපටය සිනමා ශාලාව ප්‍රදර්ශනයට අවසර දීපු අයට. (ර)