IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘ආදර වැස්සේ’ තෙමෙන ආදරණීය තරු ශිහාන්, ප‍්‍රදීප් සමඟ දසුන්

‘‘සුපර් ස්ටාර්’’ තරු ?නෙන් තාරුණ්‍යයට පායා ආ ශිහාන් මිහිරංග, ප‍්‍රදීප් රංගන සහ දසුන් මදුශාන් මේ සූදානම් වන්නේ ‘‘ආදර වැස්සේ’’ තෙමෙන්නටයි. පෙබරවාරි 14 වැනිදා ආදරවන්තයින්ගේ හෙවත් වැලැන්ටයින් දිනයේදී මේ විදයට මේ තුන්දෙනා තෙමෙන්නට හදන ‘‘ආදර වැස්ස’’ මොකක්ද? මේ වැස්සේ තෙමෙන්නට නතාෂා පෙරේරාත් එනවලූ. මේ විදියට ආදර වැස්සේ තෙමෙන්නට හදන ශිහාන්, ප‍්‍රදීප් සහ දසුන් සඳැල්ල කතා බහකට එක්කර ගත් අවස්ථාවකි මේ.

 

 


වෛද්‍ය ප‍්‍රදීප් රංගනfSF


button ප‍්‍රදීප් කොහොමද ජීවිතය?

මේ දවස්වල ජීවිතය නම් ගොඩාක් හොඳයි.

 


button ගොඩාක් හොඳ වෙන්න හේතුව?
‘‘පෙම් සිහිනය’’ මගේ ගීතයට ලැබෙන ප‍්‍රතිචාර ඉතාමත් ආදරණීයයි. ඒ අතරවාරයේදී ශිහාන්, දසුන් සහ මම එකතුවෙලා, බොහෝම ආදරණීය ප‍්‍රසංගයක් කරන්න සූදානම් වෙනවා. මේ ආදරණීය ප‍්‍රසංගයට නතාෂා පෙරේරාත් එක්ව සිටිනවා. හරියටම ‘‘ආදරවන්තයින්ගේ දිනයේදී’’ කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයීය ශ‍්‍රවණාගාරයට එන්න කියලා අපේ ආදරණීය රසික - රසිකාවියන්ට ආදරයෙන්ම ආරාධනා කරනවා. ඒ හැන්දෑව වඩාත් ආදරණීයම හැන්දෑවක් වේවි.

 


button මෙච්චර ආදරණීයව කතා කරන්නෙ ඔබට ආදරය දැනෙනවා, වගෙයි?

අනිවාර්යයෙන්ම ඔව් මේ ලෝකයේ ආදරය නොදැනුණ කෙනෙක් නැතුව ඇති. මටත් ආදරය හොඳට දැනෙනවා. ආදරය බොහෝම සුන්දර දෙයක්.

 

 


button ඇයත් දොස්තර නෝනා කෙනෙක්ද?
‘‘මට ගොඩක් ආදරය කරන, මමත් ගොඩාක් ආදරය කරන තරුණියක්.’’ ඒ වගේම මගේ රසික - රසිකාවියන්ටත් මම මගේ ගීතවලින් ගොඩාක් ආදරය පිරිනමනවා.

 

 


ශිහාන් මිහිරංග

 


button ශිහාන් ඔබ නම් දැන් දෙදරු පියෙක් නේද?
ඔව්, ලොකු පුතාට දැන් අවුරුද්දයි මාස පහක් විතර වෙනවා. පොඞ්ඩාට නම්, මාස දෙකයි.

 


button ඒකද මෙච්චර ආඩම්බර?
ආඩම්බර තාත්තා. එහෙමමත් නැහැ. ඒත් ලොකු සතුටක් දැනෙනවා.

 


buttonබිරිඳ මොකද කියන්නෙ?
විවාහයට පෙර ගෙෂ්නි ක්ලෙමෙන්ටා රැකියාවක් කළා. මගේ අකමැත්ත මත දැන් රැකියාවක් කරන්නෙ නැහැ. පුතාලා දෙන්නත් බලාගෙන, මාවත් බලාගෙන සතුටින් ජීවත් වෙනවා.

 


button පුතෙක් හදන්න, ගහක් වවන්න, පොතක් ලියන්න කියලා කතාවක් තියෙනවනේ, දැන් ඊළඟට කරන්න හදන්නෙ පොතක් ලියන එකද?
ගහක් නම් පැළ කරලා තියෙන්නෙ. පොතක් ලියන්න තමයි දැන් සූදානම. මොකද මා ගැන බොහෝ දෙනා දැකපු දේට වඩා ඇතුළාන්තයෙන් කවුද යන වග ප‍්‍රකාශ නොවූ දේවල් තියෙනවා. ජීවිතය සුන්දර දෙයක් කියල අපි හිතුවට, මිනිස්සු අපි දිහා ඒ විදියට බැලූවාට, හොඳ වගේම නරකත් කලා ක්‍ෂේත‍්‍රයේ තියෙනවා. ඒ වගේ බොහෝ දේවල් කවදාහරි පොතකට ගොනු කිරීමේ අදහස තියෙනවා.

 


button ජීවිතය ගැන ඔබට හිතෙන්නෙ කොහොමද?
මට හිතෙන විදියට මම හරි වාසනාවන්තයි. 75%ක් විතර සිහින සැබෑ වෙලා. මගේ වයසත් එක්ක ඒක ලොකු අවස්ථාවක් කියලයි හිතෙන්නෙ. මේ ලැබුණු දේ ගෞරවයෙන් රැකගෙන මගේ දරුවන්ට බිරිඳට සහ මගේ රසික - රසිකාවියන්ට විය යුතු වගකීම වටහාගෙන ජීවිතය සතුටින් ගත කරනවා. ජීවිතයට සැළසුමක් අවශ්‍යයි. ඒ අනුව මාත් ජීවිතය ගෙවා දමනවා.

 

 


දසුන් මධුශාන්


button දසුන් කොහොමද ඔබගෙ ජීවිතය?
සාමයෙන් ජීවත් වෙනවා.

 


button වෙනදාට සාමය තිබුණෙ නැද්ද?
වෙනදාටත් තිබුණා.

 


button මේ ආදරණීය හිනාවට හේතුව?
හැමෝම එක්ක කතාබහ කරලා සතුටින් සිටීම තමයි.

 


buttonඑහෙම නැතුව ආදරණීය ගැහැණු ළමයා නිසා නෙවෙයිද?
නැහැ, තවම එහෙම දෙයක් ගැන හිතුවෙ නැහැ. ඊට වඩා තව වැඩ ගොඩක් තියෙනවා. තවම A/L කරලත් නැහැ. මේ අවුරුද්දෙ කලා අංශයෙන් A/L විභාගයට සූදානම් වෙනවා.

 


button ශිහාන් සහ ප‍්‍රදීප් ගැන ඔබ හිතන්නෙ කොහොමද?
ශිහාන් ඇත්තටම එදා මගේ සිහින ගායකයා වුණා. පසුව ඔහු හමුවීම පුදුම භාග්‍යයක්. ප‍්‍රදීප් අයියාත් අති දක්‍ෂයෙක්. මේ වගේ මේ සුපිරි තරු දෙපළ සමඟ එක්ව ප‍්‍රසංගයක් කිරීමට ලැබීමත් වාසනාවක්. ශිහාන් අයියගෙ ඔක්කෝම වගේ ගීතවලට මම ආසයි. ඒ වගේම ප‍්‍රදීප් අයියගෙ ‘‘පෙම් සිහිනේ’’ ගීතයට ගොඩාක් ආසයි.

 


button ශිහාන් සහ ප‍්‍රදීප් කිව්වෙ, ඔබගෙ ස්වප්නා ටෙලි නාට්‍යයට ගැයූ ‘‘දුහුල් මාරුතේ’’ ගීතයට ගොඩාක් ආසයි කියලයි. කොහොමද ඒ ගීතයට ලැබෙන ප‍්‍රතිචාර?
ඇත්තෙන්ම හරිම ආදරණීය ප‍්‍රතිචාර ලැබෙන්නේ. මගේ ඒ ගීතය වගේම, ශිහාන්ගෙ පෙරදා මැවූ සිනා, මගේ වෙලා මා ළඟ වැනි අතිශය ජනප‍්‍රිය වූ ගීත සමඟ, අපි ගොඩාක් ආදරණීය ගීත ගයනවා. ඒ ආදර වැස්ස ප‍්‍රසංගයට. නොවැරදීම එදාට හැමෝම එන්න අපි එක්ක ආදරය බෙදා ගන්න.

 

sadun-gamage



අදහස් (6)

‘ආදර වැස්සේ’ තෙමෙන ආදරණීය තරු ශිහාන්, ප‍්‍රදීප් සමඟ දසුන්

සංඛ Monday, 16 February 2015 03:49 AM

අර මොණර පාට කොණ්ඩෙ තියෙන එකා ඇයි හොරෙක් වගේ බලන්නෙ? බෙල්ලෙ අමාරුවක් වත් ද ඔලුව උස්සන්න බැරි? (ස)

:       0       0

ජෝන් Wednesday, 11 February 2015 05:26 AM

පොඩි එකා දක්ෂයි ...නමුත් කොල්ලෝ ..බොරු සෝබන නැත්නම් ගොඩක් වටිනවා ...පැෂන් වරදක් නැහැ එත් වයසට ගැලපෙන ...තාමත් ඉස්කෝලේ යන ළමයෙක් නිසා සහ ඔබව අනුකරණය කරන්න බලාගෙන ගොඩක් අය ඇති නිසයි කිව්වේ ..(හේ)

:       0       0

ජිනදාස Tuesday, 10 February 2015 02:15 PM

දෙය්යෝ සාක්කි උසස් පෙළ කරන්න පාසල් යන්නේ මේ කොණ්ඩ විලාසිතාව එක්කද ? මොකද පාසල ? (හේ)

:       0       0

රුක්මන් Tuesday, 10 February 2015 08:25 AM

ඉස්සරහට යමු.(හේ)

:       0       0

දීපාල් Tuesday, 10 February 2015 12:44 PM

මේවා මෝඩ වැඩ කියලයි මට නම් හිතෙන්නේ (දිල්)

:       0       0

Hansana prabash Monday, 03 July 2017 07:19 AM

මාවත් රඟපෑමට ගන්න සහෝදරයා... ලොකු උදව්වක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site