එක්සත් රාජධානියේ ප‍්‍රධාන සංඝනායක ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවේ බෞද්ධ උපදේශක හා ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය කඹුරාවල රේවත නාහිමියන් සතිපට්ඨාන භාවනාව පිළිබඳව ඉංගිරිසියෙන් ලියූ”සති ගමන” පර්යේෂණ කෘතියේ පිටපතක් ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී බොබ් මොරිස්ට පිරිනැමීය.
බෙල්ලන් ශ්‍රී ධර්මපාල මහ පිරිවෙන් විහාරාධිපති සහ බස්නාහිර පළාතේ උප ප‍්‍රධාන සංඝනායක මාලේවන පුඤ්ඤරතන නාහිමියෝ ද මාතර පුස්සල පුරාණ විහාරාධිපති සපුගොඩ චන්දානන්ද හිමියෝ ද සහභාගි වූහ.
ස්කොට්ලන්තයේ සෑම දස දෙනකුගෙන්ම එක් අයකු මානසික විෂාදයට ප‍්‍රතිකාර ගන්නා අතර ආතතිය සහ විෂාදය සතිපට්ඨාන භාවනාවෙන් පාලනය කර ගැනීම පිළිබඳව රේවත හිමියෝ පශ්චාත් උපාධි අධ්‍යයනයක නිරතව සිටිති.
ස්කොට්ලන්ත බෞද්ධ විහාරයේ පැවැත්වෙන සතිපට්ඨාන භාවනා පුහුණු වැඩසටහන් සඳහා සතියකට හතළිහකට අධික පිරිසක් සහභාගි වෙති. මේ අතර මනෝ උපදේශකවරු සහ විශේෂඥ මනෝ වෛද්‍යවරු සිටිති.
2025 නොවැම්බර් මස 04
570
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2268
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1703
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආතතියට බෙහෙත් සතිපට්ඨානෙන්
රත්න ජයම්පති Sunday, 06 November 2011 05:02 PM
අපේ "මැතිවරණ කොමසාරිස් තුමන්ලා" මේ ගැන දැනුවත් නැතිව ඇති.