එක්සත් රාජධානියේ ප‍්‍රධාන සංඝනායක ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවේ බෞද්ධ උපදේශක හා ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය කඹුරාවල රේවත නාහිමියන් සතිපට්ඨාන භාවනාව පිළිබඳව ඉංගිරිසියෙන් ලියූ”සති ගමන” පර්යේෂණ කෘතියේ පිටපතක් ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී බොබ් මොරිස්ට පිරිනැමීය.
බෙල්ලන් ශ්‍රී ධර්මපාල මහ පිරිවෙන් විහාරාධිපති සහ බස්නාහිර පළාතේ උප ප‍්‍රධාන සංඝනායක මාලේවන පුඤ්ඤරතන නාහිමියෝ ද මාතර පුස්සල පුරාණ විහාරාධිපති සපුගොඩ චන්දානන්ද හිමියෝ ද සහභාගි වූහ.
ස්කොට්ලන්තයේ සෑම දස දෙනකුගෙන්ම එක් අයකු මානසික විෂාදයට ප‍්‍රතිකාර ගන්නා අතර ආතතිය සහ විෂාදය සතිපට්ඨාන භාවනාවෙන් පාලනය කර ගැනීම පිළිබඳව රේවත හිමියෝ පශ්චාත් උපාධි අධ්‍යයනයක නිරතව සිටිති.
ස්කොට්ලන්ත බෞද්ධ විහාරයේ පැවැත්වෙන සතිපට්ඨාන භාවනා පුහුණු වැඩසටහන් සඳහා සතියකට හතළිහකට අධික පිරිසක් සහභාගි වෙති. මේ අතර මනෝ උපදේශකවරු සහ විශේෂඥ මනෝ වෛද්‍යවරු සිටිති.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ "මැතිවරණ කොමසාරිස් තුමන්ලා" මේ ගැන දැනුවත් නැතිව ඇති.