
(අංජුල මහික වීරරත්න)
රජය සතු ඌන උපයෝජිත ඉඩම් තෝරා ගනු ලබන ආයෝජකයින්/ව්‍යාවසායකයින් වෙත දිගුකාලීන බදු පදනම මත ලබා දීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
විදේශ රැකියාවල නිරත වී මෙරටට විදේශ විනිමය ප්‍රේෂණය කරනු ලැබ ඇති හෝ කරනු ලබන තරුණ ව්‍යාවසායකයින් හට වැවිලි ක්ෂේත්රයේ ආයෝජනය කිරීමට අවස්ථාව සලසා දිය හැකි වන පරිදි, ඌන උපයෝජිත ඉඩම් වලින් ඉඩම් කොටස් දිගුකාලීන බදු පදනම මත ලබා දීම සඳහා යෝග්‍ය වැඩසටහනක් සකස් කිරීම පිණිස 2026-01-12 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා පවත්වා එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වන ක්‍රමවේදයක් සකස් කරනු ලැබ ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව සතු හෙක්ටයාර 117ක්, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සතු හෙක්ටයාර 88ක් සහ සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගම සතු හෙක්ටයාර 42ක් වශයෙන් වන ඌන උපයෝජිත ඉඩම් හෙක්ටයාර 247ක් පහත සඳහන් නිර්ණායක යටතේ හඳුනා ගනු ලබන සුදුසු ආයෝජකයින් වෙත දිගුකාලීන බදු පදනම මත බැහැර කිරීම පිණිස වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. *ආයෝජකයෙකුගේ උපරිම වයස අවුරුදු 50ක් ලෙස සැලකීම.
*වැවිලි/කෘෂිකාර්මික කටයුතු, වැවිලි ආශ්රිත සංචාරක ප්‍රවර්ධන කටයුතු, පශු සම්පත් සංවර්ධනය, ජල විදුලිබල උත්පාදනය, සූර්ය බලශක්ති උත්පාදනය, කර්මාන්තශාලා ආශ්රිත නිෂ්පාදන කටයුතු, මිරිදිය මත්ස්‍ය කර්මාන්තය සහ වෙනත් වැවිලි ආශ්රිත ආර්ථික නවෝත්පාදන කටයුතු යන ක්ෂේත්‍ර සඳහා ආයෝජන අවස්ථා ලබා දීම.
*විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහා තෝරා ගනු ලබන එක් ආයෝජකයෙකු වෙත උපරිම හෙක්ටයාර 1-4 අතර ඌන උපයෝජිත ඉඩම් කොටසක් දිගු කාලීන බදු පදනම මත ලබා දීම. *පසුගිය වසර 10 ක කාලය තුළ වසර 03 ක් හෝ ඊට වැඩි කාලයක් විදෙස්ගත රැකියාවක නියුක්තව සිටි හෝ විදේශ ශ්‍රමිකයෙකු ලෙස දැනටමත් වසර 03 කට වැඩි කාලයක් සේවයේ නියුතු පුද්ගලයන් සඳහා වැඩසටහන යටතේ ප්‍රමුඛතාව ලබා දීම.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd