
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුවේ මහා පොදු සාධකය වන වචන වල විශ්වාසය මේ වන විට බිඳ වැටී ඇතැයි විපක්ෂයේ ප්රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ජනතාව මේ ආණ්ඩුව පත් කළේ ඔවුන්ගේ වචන ගැන අප්රමාණ විශ්වාසයකින්.මේ ආණ්ඩුව බලයට පත් කරන ලද මහා පොදු සාධකය වන්නේ ජනතාවට කප්පරක් පොරොන්දු දෙමින් තමුන්නාන්සේලා පාවිච්චි කරපු වචනයි. හැබැයි මේ අවස්ථාව වන විට තමුන්නාන්සේලා බලයට පත් කරපු මහා පොදු සාධකය වෙච්ච ඒ වචන වල විශ්වාසය බිඳවැටිලා ඉවරයි.පෝලිම් වලට යන්න එපා, ඇති තරම් තෙල් තියෙනවා යැයි ආණ්ඩුව කියූ විට ඡන්දෙ දීපු අය වගේම නොදීපු අයත් තෙල් පෝලිමට යනවා යනුවෙන්ද මන්ත්රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවේ කිසිම විශ්වාසයක් බිදිලා නැහැ.
ඒ නුඹලාට, ජනතාවට නෙමෙයි... ඒක දැන ගනිල්ලා...
තමුන් ඇතුලු තමුන්ගේ නායකයා කට ඇරියොත් ජනතාවට අප්පිරියා දෙයක් කියන්නේ, රටේ බලය ගන්න නම් හිතන්න එපා මේ ආත්මේ...
නයි , කුඩු නාලිකා අහගන්න තරම දැක්කනේ, පෝලිම්වල මයික් ඔබන්න ගිහිල්ලා, තමුන්ලාට මේ රටේ ජනතාවගේ කිසිම ප්රසාදයක් නම් නැහැ...