
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඕනෑම වරදක් දූෂණයක් සිදුවුණාම ආණ්ඩුව හැසිරෙන්නේ වරදක් කලත් සිතකින් නොවේ වගේ හැඟීමකින් යැයි විපක්ෂයේ ප්රධාන සංවිධායක ගාල්ල දිස්ත්රික් මන්ත්රී ගයන්ත කරුණාතිලක මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"රියැදුරු පුහුණුව ලබන කාලයේ ඕනෑම කෙනෙක් වාහනය පැදවිය යුත්තේ එල් බෝඩ් එකක් සවි කරගෙනයි.මේ ආණ්ඩුවට දැන් වයස අවුරුදු එකහමාරක් වුනත් පසුගිය කාලයේ සිදු වූ දේවල් ගැන බලන විට ආණ්ඩුව ක්රියා කරන්නේ එල්බෝඩ් ආණ්ඩුවක් ලෙස බවට අපට පවසන්න සිදුවෙනවා. ඔබලා බලයට පැමිණියේ භාණ්ඩාගාරයට ලැබෙන හැම සතයක්ම සාංඝික දේපොළ වගේ ආරක්ෂා කරන බවට ප්රතිඥා දෙමින්.සාංඝික දේපළ වගේ ආරක්ෂා කිරීම කෙසේ වෙතත් දැන් මහජනතාවගේ බදු මුදල් ටිකවත් ආරක්ෂා කර ගැනීමට නොහැකි වී තිබෙනවා.
උගන්ඩාවෙ ඩොලර් ගේන හැටි කියල බලය ගත්තා. එහෙත් භාණ්ඩාගාරයේ තියෙන ඩොලර් ටික ආරක්ෂා කර ගන්න බැරිවෙලා.මේ වගේ එල්බෝඩ් ආණ්ඩුවකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කමකුත් නෑ" යනුවෙන්ද ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාලකයන් මෙරට මෙතෙක් බලේ හිටපු පාලකයන්ට වඩා මේ අවුරුදු එකහමාර තුල රටට වැඩකරල තියෙනවා, මෙතෙක් කල් දේශපාලකයන් ජනතාව දුක්විදිද්දි ගත්ත සැප නැතිකලා, කාර් පර්මිට්, මාලිගා වගේ සැප වාහන, ඇතිවෙන්න පැට්රල්, විශ්රාම වැටුප්, ජීවිත රක්ෂණ, බංගලා, වැඩි පඩි. ජනපති අරමුදලෙන් ගන්න සැප..., අනික දැන් මහරාජලා වගේ පොලිසිය ආමි දාගෙන , පාරෙ වාහන බ්ලොක් කරගෙන..., රූං ගාලා ගිය හොරු රැලත් නැහැ. ඒ කරපු වැඩ ටිකම ඇති මේ රජයට නැවත ඡන්දය දෙන්න.
තමුන්ගේ පක්ෂේ නායකයාට හරියට පක්ෂයවත් කරගෙන යන්න බැරුවයි ඉන්නේ? අන්තෝ ජටා බහි ජටා...?