(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරියට සහ රජය විවේචනය කරමින් වෛරී සහගත ප්‍රකාශ සිය මුහුණු පොතේ ගිණුම ඔස්සේ ප්‍රචාරය කර කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුකිරීමට තැත් කළේ යැයි කියමින් විශ්ව විද්‍යාල සිසුවෙක් කොබෙයිගනේ පොලිසිය විසින්සැ කපිට අත්අඩංගුවට ගනු ලැබීය.
මේසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචි රුහුණු විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ ඉගෙනුම ලබන 21 හැවිරිදි සිසුවෙකි.
නිකවැරටිය සතිපොළ භූමියේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය එකොළොස් වැනිදා ජන හමුවක් ද පැවැත් වූ අතර එවැනි වටපිටාවක් තුළ මෙවැනි පෝස්ටුවක් පළ කිරීම සම්බන්ධයෙන් මෙම විශ්ව විද්‍යාල සිසුවා අත්අඩංගුවට ගන්නා ලදැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම නම් 160 ම ඉන්න ඕන ඇතුලේ. කමක් නෑ භය ඔය තරමට දිගටම තියාගන්න .
රජය විවේචනය කරන එක වැරදිද ?
විවේචනය සහ අපහාසය කියන්නේ දෙකක්. වෛරී ප්‍රකාශ සහ අපහාස කිරීම නවත්වන්න ඕනේ. දේශපාලනික නෙවෙයි, ඕනෑම පුද්ගලයෙකුට.