
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව ප්‍රාදේශීය සභාවට නව සභාපතිවරයකු තෝරාපත් කරගැනීම දින නියමයක් නොමැතිව දෙවැනිවතාවටත් කල් දැමීමට වයඹ පළාත් පාලන කොමසාරිස් සංජීවනි හේරත් මහත්මිය කටයුතු කළාය.
මැතිවරණයෙන් ජයගත් ජාතික ජනබලවේගය මන්ත්‍රිවරු නව සභාපතිවරයකු තෝරාපත් කර ගැනීමට රහස් ඡන්දයක් ඉල්ලීමත් සමග පොදු විපක්ෂයේ මන්ත්‍රිවරු ඊට විරෝධය පා කෑ කෝ ගසමින් සභාවෙන් පිටව ගියහ.
පළාත්පාලන මැතිවරණයෙන් ආණමඩුව ප්‍රාදේශීය සභාව ජාතික ජනබලවේගය දිනාගත්තද එක් පක්ෂයක්වත් සියයට 50කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් එකදු පක්ෂයක් ලබා නොගැනීම නිසා නව සභාපතිවරයකු තෝරාපත් කරගැනීම වයඹ පළාත් පාලන කොමසාරිස් සංජීවනි හේරත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඡන්දය පැවත්වීමට කටයුතු කර තිබුණි.
සභාව අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසාවිය තීරණය කලේ පළාත් පාලන කොමසාරිස්වරයාගේ අභිමතය පරිදි කටයුතු කළ හැකි බවට
උසාවි තීන්දුව විවේචනය කරන්නේ නෑ. ඒත් මාලිමා ආණ්ඩුව කඩිමුඩියේ උසාවියට පත් කරපු අළුත් නඩු කාරයන්ගේ ස්වාධීනත්වය ගැන සැකයි. ඡන්දය දුන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පළාත් පාලන කොමසාරිස්වරියගේ පුද්ගලික අභිමතයට පාවා දිය යුතු නෑ. ඡන්දය දුන් ජනතාවගේ අභිමතය ප්‍රකාශ වෙන්නේ පළාත් පාලන කොමසාරිස්වරියගෙන් නෙවෙයි ඔවුන්ගේ ඡන්දෙන් පත් උනු මන්ත්‍රිලාගෙන්. ඔවුනුයි ජනතා නියෝජිතයෝ. ඔවුන්ගේ බහුතරයක් රහස් ඡන්දයක් ඉල්ලනවා නම් එයයි ජනතා නියෝජන ය.