ආණමඩුව , විල්පත ප්‍රදේශයේ පිහිටා තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයක් කඩා දමා ඇති බවට පල්ලම පොලීසියට පැමිණිල්ලක් කර ඇති බව පොලීසිය කියයි.
තමා පවත්වාගෙන ගිය පක්ෂ කාර්යාලය බදාදා රාත්‍රියේ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් කඩා දමා ඇති බවත් එය නිත්‍යානුකූලව පවත්වාගෙන ගිය එකක් බවත් හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය ආණමඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ප්‍රියංකර ජයරත්න මහතා පැවසීය.
බදාදා අගමැතිවරයා පැමිණ ආණමඩුව පැවති රැලියෙන් පසුව ආණමඩුව ප්‍රදේශීය සභාවේ මන්ත්‍රිවරයකු ඇතුළු පිරිසක් පැමිණ කාර්යාලය කඩා දමා පාලිත රංගේ බංඩාර මහතාගේ අංකය සහිත ටී ෂර්ට් එකක්ද එහි දමා ගොස් ඇති බව අමාත්‍යවරයා කීවේය.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාවෙන්න යහපාලනයේ සැබෑ වෙනස (ම)
කාර්යාල කඩල, ටී ෂර්ට් ගලවල දාල යන්නේ ඇයි ? මොතන ලොකු හොරයක් තියෙනවා (නදී)
මම ජීවත් වෙන්නේ මේ සිද්දිය උණු තැනට කිට්ටුවෙන්. මේකට හේතුව සන්දානයේ දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක්. හැබැයි මේ ටි ෂර්ට් එක ගෙනත් දැම්මේ මාද්‍යවේදීන් එන්න ටිකකට කලින්. අනේ මන්ද මෙහෙමත් විහිලු (නදී)
පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ රංගේ බණ්ඩාරගේ මිනිස්සු ඕක කලා නම් ඔය ටී ෂර්ට් එක ඔතන දාල යයිද (නදී)
පහුගිය කාලේ, රජ තුමාගේ කාලේ උන දේවල් අමතක වෙලා වගෙයි නේ (නදී)
දින කිහිපයකට පෙර රනිල් පුරසාරම් දෙඩුවා කෝලාහල නැහැ කියලා.(ම)