ජාතික ආරක්ෂාව, සංවිධානාත්මක අපරාධ මැඬීම හා රහස්‍ය තොරතුරු යනුවෙන් නව පනත් තුනක් ගෙන ඒමට රජය තීරණය කර ඇත.
ත්‍රස්තවාදය නැවත ඇති නොවීම සඳහා කටයුතු කිරීම, ජාතීන් අතර සහයෝගීතාව වර්ධනය කිරීම, නීතියේ ආධිපත්‍යය, ජාතික ආරක්ෂාව යනු කරුණු සුරක්ෂිත කිරීමේ අරමුණින් මෙම පනත් ගෙන එන බව රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
ත්‍රස්තවාදය මැඬීමේ පනත වෙනුවට සංවිධානාත්මක අපරාධ මැඬීමේ පනත ගෙන එන බවත් දැනට ව්‍යවස්ථාවේ සඳහන් ජාතික ආරක්ෂාව පිළිබඳ පනතට නව වගන්ති ඇතුළත් කරන බව ද රජය ප්‍රකාශ කර සිටියි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.