පවතින ආර්ථික අර්බුදය නිසා රට ගොඩගැනීමට සියලුම දෙනා කැප කිරීම් කළ යුතු බවත් අමාත්‍යවරුන්ට වාහන ගැනීමට ගත් තීන්දුව පවා නවතා දැමුවේ එම කාරණාව නිසා යැයි වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා අද වාරිමාර්ග අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘බස් එකෙන් හෝ පයින් ගිහින් ජනතාවට සේවය කළ හැකියි. නමුත් මම ලංකාවේ අවසාන කෙළවරේම සිටිනා අමාත්‍යවරයා නිසා මට හොඳ තත්ත්වයේ වාහනයක් අවශ්‍යයයි . වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යවරයා ලෙස මම රට වටේම යනවා. රට වටේම යන නිසා මගේ බෙල්ලේ ඇටයක් ගෙවිලා පිටකොන්දේ ඩිස්ක් ගිහිල්ලා තියෙන්නේ. මට ලබා දීලා තියන වාහන දෙකම දැන් අබලන් වෙලා අනතුරට ලක්වෙලා. ඒ නිසා මගේ වැඩ කටයුතු කරගන්න මටත් වාහනයක් අවශ්‍යයයි‘ යැයි ද ඇමැතිවරයා කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකුම අලි හොර මේ ඉන්නේ මේ අය බේරාගෙන වෙන අයි අල්ලන්නේ (අ)
පනිනකොටම අපි තේරුම් ගත්තා ගොඩක් දේවල් (නි)
ඔබගේ සේවය ජනතාව ඉල්ලුවේ නැහැ . ඔබ පරාද වෙච්ච කෙනෙක්.. කරුණාකරලා පටි තද කරගෙන ගෙදට්ට වෙලා ඉන්න .වාහන තිබ්බත් අපි දන්නවා මේ ආණ්ඩුවට වැඩ කරන්න සල්ලි නැහැ කියල (අ)
රෙද්දක් ඇඳගෙනද කාර් ඉල්ලන්නේ හැබෑටම? නැත්නම් මේ වගේ කතා කියනවද? (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා... (ර)
මට මතක් වෙනවා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය වරක් කිව්වා ඇමතිවරුන්ට මහජනයාට හිරිහැරයක් නොවන විදිහට නිල වාහනවල ගමන් කරන්න බැරිනම් ගෙදරට වෙලා ඉන්න කියල. ටිකක් හරි ඊට සමාන තීන්දුවක් අපටත් ලබාගන්න ක්‍රමයක් නැද්ද දන්නෑ. (ර)
මහජනයා ලෙස අප කල යුත්තේ මන්ත්‍රී ලට ලැබෙන දේ පිළිබද හුල්ලන එක නොවේ. ලබාදෙන පහසුකම් සදහා සුදුසුකම් ඇති අය මන්ත්‍රීලා කිරීමය. අප බලාපොරොත්තුවන මහාචාර්ය වරු , සහ හොඳ මොළ කරුවෝ මන්ත්‍රීට ගෙවන අඩු පඩියට වැඩ කරන්නේ නැත. හොඳ මොළ කරුවෙකුට ලක්ෂ 2 වැඩි පඩි සහ හොඳ වාහන ලබා දේ. ඔවුන් පර්ලිමන්තුවට යැවීමට මන්ත්‍රිලට හොඳ පඩි ගෙවිය යුතුය. හැබයි ඒවැනි පඩියට සුදුස්සන් පාර්ලිමේන්තු එවිය යුතුය. (ර)
කව්රු කව්රුත් පොඩ්ඩක් පටි තදකරගන්න, ජනතාව ජිවත් වෙන්නේ හුගාක් අමාරුවෙන්. (ර)
කව්ද දන්නේ නෑ ඒ තීන්දුව අවලංගු කලා කිව්වේ... (ර)
සල්ලි පස්ස කරලා ඉවරලු, බොරුවටයි මේ අත්හිටවල කියන්නේ(අ)
කොහොමටත් අමුතු රජයක් නේ තියෙන්නේ... මේ කතා සුපුරුදු විදියට මෝඩයන්ට හොඳයි (බ)
මාර වළිකෑමක්නේ මේ කට්ටිය කරන්නේ මහජනතාවට සේවය කරන්න. බලෙන්ම වාහන ඉල්ලනවා. නැත්තම් සේවය කරන්ට බැහැලු. බෙල්ලේ ඇටයක් ගෙවිලා පිටකොන්දේ ඩිස්ක් ගිහිල්ලා තිබ්බ නිසා තමයි මහජනයා ප්‍රතික්ෂේප කරලා දැම්මේ. (බ)
මෙයාලා ඔහොම කිවුවට මේ රටට මොනවද කරලා තියෙන්නේ? (නි)
ඉතින් කව්ද ඔබතුමාට ජනතාවට සේවය කරන්න කිව්වේ.ගෙදර ගිහින් විවේක ගන්නකො.ජනතාව බලයකුත් නුදුන් කෙනෙක්නෙ,පුළුවන් කෙනෙක් වැඩ කරන්න දීල (බ)
ඇයි දෙයියනේ මේ අපේ අනික් පැත්තෙන් හිනහ ගස්සන්නේ මෙතුමා. මේ කතා අහපුවම කොහෙන් හිනාවෙන්නද කියල මම මේ කල්පනා කළේ (බ)
මේ අයට මොන වාහනද?(හේ)
ඔබතුමන්ලා මහන්සි වෙන මහන්සියට හොද සැප වාහන ගන්න ඕනේ.(හේ)
මේ කොන්දේ අමාරු තියන ඇමතිවරු නිසානේ මේ කාර් ප්‍රශ්නය. ඒ ඇමතිවරු ටික අයින්කළානම් කාර් ප්‍රශ්නයත් විසඳේවි, කොන්දේ අමාරුත් සනීප වේවි. (බ)
කොන්ද නෙමෙයි ගෙවෙන්න තියෙන්නේ. ගෙදරට වෙලා ඉන්නෙ නැතුව එනවා තව බොරු කියවන්න. මොවුන් මොවුන්ටම සේවය කරගන්න ගිහින් ඇට ගෙවෙන්න ඇති. නැතුව අපි නම් දන්නේ නැහැ මොවුන් කළ සේවය මොකක්ද කියලා (නි)
මේ වගේ අය තමයි මේ රට පාලනය කරන්නේ (බ)
ඇට ගෙවෙනකම් මෙයාල වැඩ කරලා තියෙන්නේ අපිට වෙන්න ඇති.? මෙයාලා යුරෝපයේ වගේ වැඩ කරන්න තිබුනේ මොනා ගෙවූනා කියයිද දන්නේ නෑ. ඉන්දියාව කොච්චර ලොකු රටක්ද පාවිච්චි කරන්නේ ඉන්දියාවේ හදන වාහන. (ර)
බයවෙන්න එපා. ඡන්දයක් තිබ්බ දාට පටි තදවෙයි (නි)
කව්ද දැන් මෙයාගේ සේවය රටට ඉල්ලුවේ. ගෙදර යවලත් ලජ්ජා නැතුව ඇවිත් තව කෝටි ගණන් වල වාහනත් ඉල්ලනවා (බ)