‘මහින්ද රාජපක්ෂ ජනපතිට චමල්, ගෝඨාභය හා බැසිල් යන සොහොයුරන්ට අමතරව තවත් සහෝදරයෙක් සිටී. ඒ රනිල්.
ඔහු රාජ පාක්ෂික සහෝදරයෙක්. ඔහු නිසා කිසිම අතුරු අන්තරාවකින් තොරව ආණ්ඩුව ගෙන යෑමට ජනාධිපතිට අවස්ථාව ලැබී ඇතැයි‘ පුත්තලම් දිසා එජාප මන්ත්‍රී රංගෙ බණ්ඩාර කුලියාපිටියේදී පැවසීය.
ඔහු මෙසේද කීවේය.
‘අවුරුදු 19ක සිට එජාපයේ අප ඉන්නේ විපක්ෂයේ. 2001 අවුරුද්දේ සිට අවුරුදු දෙකයි මාස හතරක් එජාපය ආණ්ඩු බලයේ සිටියද, රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටිය ද එහි පැවතියේ විපක්ෂ රූපී ලක්ෂණයි.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්ත්‍රීතුමා, ඔහොම කතා කියන්න එපා. (නි)
ඔබ කියන දේ හරියටම හරි. ඔය සඳහන් කරන කෙනා අමුතුම තාලේ කෙනෙක් තමයි (නි)
මේ අර කාන්තාවො දෙන්නෙක් කසාද බෑදල පාර්ලිමේන්තුව ලඟ ගුටි කාපු එක්කෙන්නා නේද. මෝඩ කම් තාම ඉවර නෑ වගේ.(නදී)
අනේ රංගගේ ඇට නැති දිව. දත් නැති කට මැදින් හොලවන දිව. බලාගෙන තල්ලේ ඇලේවී දිව. හෙට අනිද්දට දිව යන්නට තැනක් තියේද?(නදී)
අඟේ ඉදන් කන කෑම. මේවා කියන්න අවශ්‍ය නම් එජාප යෙන් අයින් වෙලා ඉන්න ඕනේ ඉස්සෙල්ලම. අයින් වුනොත් ආයිත් මන්ත්‍රී කෙනෙක් වෙන්න බැරිබව තේරුනොත් හොදයි මන්ත්‍රීතුමා.(නදී)
අර රංඟේ කියලා තිබුණු 2002-2004 කාලයේ රංඟේගේ කල් ක්‍රියාව අපි දැක්කනේ බොලේ.(නදී)
හැබැයි රංගේ සහෝදරයා ඉලෙක්ෂන් කාලෙට කලින් මොකක්හරි එකක් තෝරාගන්න. ඒ කාලෙට බලය තියෙන්නේ අපිට. එදාට අපි හරි තීන්දුව ගන්නම් (නි)
ඔබතුමා ඇතුළු දැනට කලකිරීමට පත්ව ඇති සැමට නැවත එක්වන ලෙස ජනතා ආරාධනාවක් කරමු. මෙය කිසිවෙකු දිනවන්නට නොව ජනතාවට සහන ලබා ගැනීම සඳහායි. (නි)
ඔව් ඔක්කොම පවුල් සංවිදාන එකතුවෙලා රට කාලා ඉවර කරපල්ලා?(නදී)
විපක්ෂයේ හිටියත් ආණ්ඩු පක්ෂය මෙන් කටයුතු කිරීමට ලැබීම ජනතාව ලැබු විජයග්‍රහණයක් නොවේද? (නි)
මම දන්නවා ප්‍රශ්න නැත්තේ මොකද කියල හරි හමන් විපක්ෂයක් නැති නිසා
ඔය ටික තමා කාටවත් තේරුම් ගන්න බැරි. ඔක්කොම දැලි පිහියෙන් කන්න දඟලන්නේ.(ස)
ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ වෙනුවට රනිල් රාජපක්ෂ විය යුතු කියලා?(නදී)
කතාව සම්පූර්ණ ඇත්ත. කටේ මසුරන් දන්නා ඕනෑ. (නි)
අපේ එයා අපට හොඳා! (නි)
මෙවැනි කතාවලින් අපිට ඇත්ත තේරෙනවා (නි)
ඒ කතාව නම් ඇත්ත තමයි (නි)
ඒක නම් ඇත්ත (නි)
එහෙම කියන එක වැරදියි මන්ත්‍රී තුමා. අර තුන්දෙනා කවදාවත් කියනවද "රාජපක්ෂ රෙජීමය 2014 දී එලවනවා" කියල. ඒ තුන්දෙනා දවල් හීන දකින අය හැටියට කවදාවත් හංවඩු ගැහිලා තියෙනවද? (නදී)
කතාව නම් සහතික ඇත්ත. නමුත් මතක තියාගන්න, අද ඔබ එජාප මන්ත්‍රී කෙනෙක් වෙලා ඉන්නෙ කාට පින් සිද්ධ වෙන්නද කියන එක. (නි)
කට තිබුනට කියවන්න එපා. (ස)
ඉවසන්න රංගේ ඉවසන්න. (නි)
අනේ මගේ කට. (නි)
මෙයත් ආණ්ඩුවට හේත්තු වෙන ලකුණු පහල වෙලා වගේ.(නදී)
හරි. ඔබතුමා තව අවුරුද්දක් ඔය පැත්තේ ඉන්න ලැහැස්තිද කියන්න අපිට. (නි)