IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ආණ්ඩුවට ප්‍රශ්නයක් නැති රහස රංගෙ කියයි

‘මහින්ද රාජපක්ෂ ජනපතිට චමල්, ගෝඨාභය හා බැසිල් යන සොහොයුරන්ට අමතරව තවත් සහෝදරයෙක් සිටී. ඒ රනිල්.

ඔහු රාජ පාක්ෂික සහෝදරයෙක්. ඔහු නිසා කිසිම අතුරු අන්තරාවකින් තොරව ආණ්ඩුව ගෙන යෑමට ජනාධිපතිට අවස්ථාව ලැබී ඇතැයි‘  පුත්තලම් දිසා එජාප මන්ත්‍රී රංගෙ බණ්ඩාර කුලියාපිටියේදී පැවසීය.

ඔහු මෙසේද කීවේය.

‘අවුරුදු 19ක   සිට එජාපයේ අප ඉන්නේ විපක්ෂයේ. 2001 අවුරුද්දේ සිට අවුරුදු දෙකයි මාස හතරක් එජාපය ආණ්ඩු බලයේ සිටියද, රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටිය ද එහි පැවතියේ විපක්ෂ රූපී ලක්ෂණයි.‘

 



අදහස් (0)

ආණ්ඩුවට ප්‍රශ්නයක් නැති රහස රංගෙ කියයි

සේරම් පැරිස් Monday, 13 May 2013 06:21 PM

මන්ත්‍රීතුමා, ඔහොම කතා කියන්න එපා. (නි)

:       0       0

ලාල් සුරන්ජිත් Monday, 13 May 2013 06:23 PM

ඔබ කියන දේ හරියටම හරි. ඔය සඳහන් කරන කෙනා අමුතුම තාලේ කෙනෙක් තමයි (නි)

:       0       0

චතුල වෙරෝනා Monday, 13 May 2013 06:40 PM

මේ අර කාන්තාවො දෙන්නෙක් කසාද බෑදල පාර්ලිමේන්තුව ලඟ ගුටි කාපු එක්කෙන්නා නේද. මෝඩ කම් තාම ඉවර නෑ වගේ.(නදී)

:       0       0

හේරත් Monday, 13 May 2013 07:20 PM

අනේ රංගගේ ඇට නැති දිව. දත් නැති කට මැදින් හොලවන දිව. බලාගෙන තල්ලේ ඇලේවී දිව. හෙට අනිද්දට දිව යන්නට තැනක් තියේද?(නදී)

:       0       0

ඇසල Tuesday, 14 May 2013 09:04 AM

අඟේ ඉදන් කන කෑම. මේවා කියන්න අවශ්‍ය නම් එජාප යෙන් අයින් වෙලා ඉන්න ඕනේ ඉස්සෙල්ලම. අයින් වුනොත් ආයිත් මන්ත්‍රී කෙනෙක් වෙන්න බැරිබව තේරුනොත් හොදයි මන්ත්‍රීතුමා.(නදී)

:       0       0

සෝමපාලි Monday, 13 May 2013 07:26 PM

අර රංඟේ කියලා තිබුණු 2002-2004 කාලයේ රංඟේගේ කල් ක්‍රියාව අපි දැක්කනේ බොලේ.(නදී)

:       0       0

තිලක් Monday, 13 May 2013 07:42 PM

හැබැයි රංගේ සහෝදරයා ඉලෙක්ෂන් කාලෙට කලින් මොකක්හරි එකක් තෝරාගන්න. ඒ කාලෙට බලය තියෙන්නේ අපිට. එදාට අපි හරි තීන්දුව ගන්නම් (නි)

:       0       0

දිසා Monday, 13 May 2013 07:43 PM

ඔබතුමා ඇතුළු දැනට කලකිරීමට පත්ව ඇති සැමට නැවත එක්වන ලෙස ජනතා ආරාධනාවක් කරමු. මෙය කිසිවෙකු දිනවන්නට නොව ජනතාවට සහන ලබා ගැනීම සඳහායි. (නි)

:       0       0

සරත් Monday, 13 May 2013 08:04 PM

ඔව් ඔක්කොම පවුල් සංවිදාන එකතුවෙලා රට කාලා ඉවර කරපල්ලා?(නදී)

:       0       0

රනිල් Monday, 13 May 2013 08:35 PM

විපක්ෂයේ හිටියත් ආණ්ඩු පක්ෂය මෙන් කටයුතු කිරීමට ලැබීම ජනතාව ලැබු විජයග්‍රහණයක් නොවේද? (නි)

:       0       0

තිලක් Monday, 13 May 2013 09:55 PM

මම දන්නවා ප්‍රශ්න නැත්තේ මොකද කියල හරි හමන් විපක්ෂයක් නැති නිසා

:       0       0

ලලිත් Tuesday, 14 May 2013 11:26 AM

ඔය ටික තමා කාටවත් තේරුම් ගන්න බැරි. ඔක්කොම දැලි පිහියෙන් කන්න දඟලන්නේ.(ස)

:       0       0

නිසාර් Monday, 13 May 2013 04:24 PM

ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ වෙනුවට රනිල් රාජපක්ෂ විය යුතු කියලා?(නදී)

:       0       0

මාධව Monday, 13 May 2013 04:28 PM

කතාව සම්පූර්ණ ඇත්ත. කටේ මසුරන් දන්නා ඕනෑ. (නි)

:       0       0

ආනන්ද ආර් Monday, 13 May 2013 04:28 PM

අපේ එයා අපට හොඳා! (නි)

:       0       0

අමරවංශ Monday, 13 May 2013 04:37 PM

මෙවැනි කතාවලින් අපිට ඇත්ත තේරෙනවා (නි)

:       0       0

පෙරේරා Monday, 13 May 2013 04:41 PM

ඒ කතාව නම් ඇත්ත තමයි (නි)

:       0       0

වරුණ Monday, 13 May 2013 04:46 PM

ඒක නම් ඇත්ත (නි)

:       0       0

උපාලි Tuesday, 14 May 2013 04:00 AM

එහෙම කියන එක වැරදියි මන්ත්‍රී තුමා. අර තුන්දෙනා කවදාවත් කියනවද "රාජපක්ෂ රෙජීමය 2014 දී එලවනවා" කියල. ඒ තුන්දෙනා දවල් හීන දකින අය හැටියට කවදාවත් හංවඩු ගැහිලා තියෙනවද? (නදී)

:       0       0

කොස්වත්ත Monday, 13 May 2013 05:01 PM

කතාව නම් සහතික ඇත්ත. නමුත් මතක තියාගන්න, අද ඔබ එජාප මන්ත්‍රී කෙනෙක් වෙලා ඉන්නෙ කාට පින් සිද්ධ වෙන්නද කියන එක. (නි)

:       0       0

අජිත් Monday, 13 May 2013 05:03 PM

කට තිබුනට කියවන්න එපා. (ස)

:       0       0

නිශාන්ත Monday, 13 May 2013 05:04 PM

ඉවසන්න රංගේ ඉවසන්න. (නි)

:       0       0

ෆාරු Monday, 13 May 2013 05:07 PM

අනේ මගේ කට. (නි)

:       0       0

දම් Tuesday, 14 May 2013 06:05 AM

මෙයත් ආණ්ඩුවට හේත්තු වෙන ලකුණු පහල වෙලා වගේ.(නදී)

:       0       0

යොහාන් Monday, 13 May 2013 05:18 PM

හරි. ඔබතුමා තව අවුරුද්දක් ඔය පැත්තේ ඉන්න ලැහැස්තිද කියන්න අපිට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site