මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නීති හා පරිපාලනමය විධි විධාන සකස් කිරීමේ දී ආණ්ඩුවට උපදෙස් දීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට හැකියාව ඇතැයි එම කොමිසමේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට කීවේය.
මරණ දඬුවම අහෝසි කරන්නැයි මෛත්‍රීපාල සිරිසේන ජනපතිට නිර්දේශ කළේ කොමිසමට ලැබී ඇති එම බලතල අනුව බව ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ එම ප්‍රකාශකයා සඳහන් කළේය.
1996 අංක 21 දරණ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 10 වැනි වගන්තියේ ඇ, ඈ සහ ඉ උපවගන්ති අනුව මානව හිමිකම් කොමිසමට එම බලතල ලැබී ඇති බවත්, මූලික අයිතිවාසිකම් වැඩිදියුණු කිරීමේ හා ආරක්ෂා කිරීමේ නීතිමය හා පරිපාලනමය විධාන සහ කාර්ය පටිපාටි සමක්සිරීමේදී ආණ්ඩුවට උපදෙස් දීමට හා සහාය වීමට ද මානව හිමිකම් කොමිසමට බලය ඇති බවත් එම කොමිසම අවධානරණය කරයි.
මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 10 වැනි වගන්තියේ ඇ වගන්තිය අනුව ජාතික නීති හා පරිපාලනමය පිළිවෙත් ජාත්‍යන්තර මානව හිමිකම් නියමයන් හා සම්මතවලට අනුකූල බව සහතික කිරීම පිණිස ගත යුතු පියවර සම්බන්ධයෙන් ආණ්ඩුවට නිර්දේශ ඉදිරිපත් කිරීමට ද කොමිසමට හැකිය.
එම පනතේ 10 වැනි වගන්තියේ ඉ උප වගන්තිය අනුව මානව හිමිකම් ක්ෂ්‍රේත්‍රයේ ද ගිවිසුම් හා වෙනත් ජාත්‍යන්තර සාධනපත්‍රවලට දායක වීමේ හා එකඟ වීමේ අවශ්‍යතාවය පිළිබඳව ආණ්ඩුවට නිර්දේශ ඉදිරිපත් කිරීමට කොමිසමට හැකි බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාධකාරයින්ගේ පැත්ත ගත්තොත් රටේ අපරාධ වැඩිවෙනවා. (නි)
සමහරු ප්‍රවෘත්තිය හරියට කියවලා නැහැ වගෙයි. (නි)
උපදේශකයෝ වැඩි නැද්ද (බ)
තමුන් නෝනට ලමයි හදන්නෙ අල්ලපු ගෙදර කෙනාගෙ උපදෙස් මතද ? (ස)
අපේ රටේ නායකයොයි, නිලධාරියෝයි තමාට පැවරිලා තියෙන වැඩ අවංකවම විනිවිද භාවයකින් යුතුව හරියට සාධාරණව කරනවානම් මෙවැනි ආයතන ඇඟිලි ගහන්ට එන්නේ නැහැනේ. ඒවා හරියට සිදුවෙන්නේ නැති නිසා තමයි අපේ රටේ මිනිසුන්ට පිට අයගේ උපකාර ඉල්ලන්ට සිද්ධ වෙන්නේ. බලයටයි, මුදල් ගසා කන්නයි නායකයෝ ගහ මරාගන්න එකනේ ප්‍රධාන අරමුණ. රටයි මිනිස්සුයි අනාතයි. ඉතින් ඒ මිනිස්සු මේවට මැදිහත් වුණාට පස්සේ ඉතින් ඉඳගෙන කුමන්ත්‍රණ කියයි, පාවාදුන්නා කියයි. මට හිතෙන්නේ ලංකාවට නිදහස ලැබුන වේලාසන වැඩියි කියලයි. බ්‍රිතාන්‍ය යටතේ තිබුන නම් රට මීට වඩා දියුණු වෙලා ඇති. (බ)