දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයින් එක්සත් ජනතා නිදහස් සන්ධාන වෙත බඳවා ගත්තද ආණ්ඩුවට උතුරුපළාත් සභා මැතිවරණය ජයගත නොහැකි බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා කියයි.
ඉකුත්දා ජනාධිපතිවරයා අතින් එක්සත්ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ සාමාජිකත්වය ලබා ගත් දෙමළ ජාතික සන්ධානයේ වඩමාරච්චි ප්‍රාදේශිය සභාවේ හිටපු උප සභාපති ඊ සන්තසෝරූපන් සහ පේදුරුතුඩුව ප්‍රාදේශිය සභාවේ උප සභාපති එම් ලෝගසිංහම් යන මහත්වරුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි බාර ගෙන ඔවුන් දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් කළ බවද ප්‍රේමචන්ද්‍රන් මහතා පැවසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුල මහතා කියන්න ඔබ මේ ලෝකෙද ද ජිවත් වන්නේ කියලා. කේ පි,,කරුණා අම්මාන්,පිල්ලෙයාන්, දයා මාස්ටර්, තව කොපමණ අය, ලක් රජය සමගද.(නදී)
අපි ඇත්තටම යුද්දේ හරියට ඉවර කළා නම් අද මේ අය මේ වහසි බස් දොඩවන්නේ නැහැ.කොටින්ගේ සන්නද්ද වගේම දේශපාලන අංශ දෙකම නිහඩ නොකිරීමේ ප්‍රතිපල තමයි අපි අද මේ අත් විදින්නේ.. (නි)
උතුරු නැගෙනහිර ජනතාව ජිවත් වන්නේ හරිම අමාරුවෙන් , ඉස්සර ප්‍රභාකරන් යටතේ මේ ප්‍රදේශ පාලනය කල කරුණා අම්මාන්ලා , පිලේයන්ලා දැන් පිල්මාරු කර ආණ්ඩුවට පැනලා , ඔවුන්ගේ ගෝලය අහිංසක මිනිස්සුන්ගෙන් කප්පම් ගැනීම ඇතුළු නොයෙක් තාඩන පීඩන කරනවා , කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ.(නදී)
"මල්ල පැත්තක තියල එක්කෙනෙක් හොදටම අඩනවා"වගේ නේද ?.(නදී)
උතුරේ ඡන්දෙන් අපිට ඇති හොදේ කුමක්ද , උන් අපිට දිනුවත් පැරදුනත් මොකෝ ආණ්ඩුව අපේ නේ .(නදී),
සොයිසා ඔය කියන දේ වැරදියි. උතුර දෙමල ජාතික සන්දානේ දිනනවා කියන්නේ උතුරේ මිනිස්සු මේ ආණ්ඩුවට අකමැති කියන එක. ඔවුන්ට මේ ආණ්ඩුවෙන් යහපතක් නැ කියන එක. ඒ දෙයින් ලෝකෙට යන්නේ වෙනම පණිවිඩයක්.(නදී)
උතුරු ඡන්දය ආණ්ඩුව දිනනවා ෂුවර් (නි)
බන්දුල කියන්නේ සමුල ඝාතනයක් ගැනද? (නි)