IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ආණ්ඩුවට උතුරු ඡන්දය දිනන්න බෑ

දෙමළ ජාතික සන්ධානයේ  දේශපාලනඥයින්  එක්සත් ජනතා නිදහස් සන්ධාන වෙත බඳවා ගත්තද  ආණ්ඩුවට උතුරුපළාත් සභා  මැතිවරණය ජයගත නොහැකි බව  දෙමළ ජාතික සන්ධානයේ  මාධ්‍ය ප්‍රකාශක සුරේෂ්  ප්‍රේමචන්ද්‍ර මහතා  කියයි.

ඉකුත්දා  ජනාධිපතිවරයා අතින් එක්සත්ජනතා නිදහස් සන්ධානයේ  පක්ෂ සාමාජිකත්වය ලබා ගත්  දෙමළ ජාතික සන්ධානයේ වඩමාරච්චි  ප්‍රාදේශිය සභාවේ  හිටපු උප සභාපති  ඊ සන්තසෝරූපන්  සහ පේදුරුතුඩුව ප්‍රාදේශිය සභාවේ  උප සභාපති එම් ලෝගසිංහම්  යන මහත්වරුන්ගේ  ඉල්ලා අස්වීමේ ලිපි බාර ගෙන  ඔවුන්  දෙමළ  ජාතික සන්ධානයෙන්  ඉවත් කළ බවද ප්‍රේමචන්ද්‍රන් මහතා පැවසිය.



අදහස් (0)

ආණ්ඩුවට උතුරු ඡන්දය දිනන්න බෑ

සුජීව Friday, 23 August 2013 08:56 PM

බන්දුල මහතා කියන්න ඔබ මේ ලෝකෙද ද ජිවත් වන්නේ කියලා. කේ පි,,කරුණා අම්මාන්,පිල්ලෙයාන්, දයා මාස්ටර්, තව කොපමණ අය, ලක් රජය සමගද.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 23 August 2013 05:10 PM

අපි ඇත්තටම යුද්දේ හරියට ඉවර කළා නම් අද මේ අය මේ වහසි බස් දොඩවන්නේ නැහැ.කොටින්ගේ සන්නද්ද වගේම දේශපාලන අංශ දෙකම නිහඩ නොකිරීමේ ප්‍රතිපල තමයි අපි අද මේ අත් විදින්නේ.. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Saturday, 24 August 2013 12:49 AM

උතුරු නැගෙනහිර ජනතාව ජිවත් වන්නේ හරිම අමාරුවෙන් , ඉස්සර ප්‍රභාකරන් යටතේ මේ ප්‍රදේශ පාලනය කල කරුණා අම්මාන්ලා , පිලේයන්ලා දැන් පිල්මාරු කර ආණ්ඩුවට පැනලා , ඔවුන්ගේ ගෝලය අහිංසක මිනිස්සුන්ගෙන් කප්පම් ගැනීම ඇතුළු නොයෙක් තාඩන පීඩන කරනවා , කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ.(නදී)

:       0       0

දසුනි Saturday, 24 August 2013 01:31 AM

"මල්ල පැත්තක තියල එක්කෙනෙක් හොදටම අඩනවා"වගේ නේද ?.(නදී)

:       0       0

ද සොයිසා Saturday, 24 August 2013 03:29 AM

උතුරේ ඡන්දෙන් අපිට ඇති හොදේ කුමක්ද , උන් අපිට දිනුවත් පැරදුනත් මොකෝ ආණ්ඩුව අපේ නේ .(නදී),

:       0       0

ලාල් වීරකැටිය Saturday, 24 August 2013 06:28 AM

සොයිසා ඔය කියන දේ වැරදියි. උතුර දෙමල ජාතික සන්දානේ දිනනවා කියන්නේ උතුරේ මිනිස්සු මේ ආණ්ඩුවට අකමැති කියන එක. ඔවුන්ට මේ ආණ්ඩුවෙන් යහපතක් නැ කියන එක. ඒ දෙයින් ලෝකෙට යන්නේ වෙනම පණිවිඩයක්.(නදී)

:       0       0

මුණසිංහ Saturday, 24 August 2013 07:53 AM

උතුරු ඡන්දය ආණ්ඩුව දිනනවා ෂුවර් (නි)

:       0       0

ප්‍රදීප් Saturday, 24 August 2013 08:03 AM

බන්දුල කියන්නේ සමුල ඝාතනයක් ගැනද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site