හිටපු ජනපති මහින්ද රාජපක්ෂට සහාය දෙන කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී පියල් නිශාන්ත මිනුවන්ගොඩ රැස්වීමකදී ආණ්ඩුවට කළ විහිළුවකට මිනිසුන්ට හිනා ගියේ නැතිලු.
ආණ්ඩුවේ ලොක්කන් මාටින්ලා හා සූටින්ලා බව ඔහු කිව්වාලු. රැස්වීමේ සිටි කිසිවකුටත් හිනා ගියේ නැතිලු. ඔහු කියන්නට උත්සාහ කළේ මහින්ද රාජපක්ෂ වැනි පුද්ගලයන් වෙනුවට පොඩියන්ලා පත්වී සිටින බවලු.
එහිදී ටිකක් හිනායන කතාවක් කීවේ ජාතික නිදහස් පෙරමුණේ වීරකුමාර දිසානායක ලු. ඔහු කී කථාවෙන් නිශාන්ත මන්ත්‍රීටත් හොඳට වැදුණාලු. ‘මේ ආණ්ඩුව හරියට නිශාන්ත මන්ත්‍රීතුමාගේ කකුල් දෙක වගේ‘ යැයි ඔහු කීවාලු. නිශාන්ත මන්ත්‍රීගේ එක් කකුලක සෙරෙප්පුවකුත් අනෙක් කකුලේ සපත්තුවකුත් තිබීම ඊට හේතුවලු.
නිශාන්ත මන්ත්‍රී හේතු කාරණා කිව්වාලු. තංගල්ලේ රැස්වීමකදී ඒ වැඩේ වූ බව කිව්වාලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනය කියන්නේ ප්‍රතිපත්තිමය විවේචනයන් සිදු කර ගැනීම මිසක්, ඔවුන්ගේ ශරීර ප්‍රමාණයන් හෝ පුද්ගලික ජීවිත විවේචනය කිරීම නොවන බව බුද්ධිමත් ජනතාවට වැටහුනාට සමහර දේශපාලකයින්ට ඒ වටහා ගැනීමේ හැකියාව නැහැ (හේ)
හැම දේශපාලකයෙක්ම බලන්නේ ඒ අවස්ථාවේදී මිනිසුන්ට විහිළුවක් සපයලා රවට්ටලා රටේ ප්‍රධාන ප්‍රශ්න වලින් මඟහැරීමයි. අපේ රටට වැදුණු හෙණය ඕක තමයි. (නි)
පොඩි එවුන් රවට්ටලා පර්ස් එකේ සල්ලි ටික හූරා ගත්ත පියල් නිශාන්ත දැන් දෙමව්පියන්වත් රවට්ටලා පර්ස් එක සුද්ද කරන්න හදනවා (බ)