තමා ආණ්ඩුවෙන් එළියට අවුත් කළ ප්‍රකාශයෙන් පැය හතලිස් අටකදී මහින්ද රාජපක්ෂ ලොකු අර්බුදයකට මුහුණ දී සිටින බව මෛත්‍රීපාල සිරිසේන මහතා කෝට්ටේ නාග විහාරයේදී මාධ්‍ය අමතා පැවසීය.
‘මේ නිසා අපට ඉදිරියේදී විවිධ ගැටලුවලට මහුණ දීමට සිදු වේවි.ඒ නිසා වෛරී දේශපාලනයෙන් ඈත්වී ඉවසීමෙන් කල්පනාකාරීව කලහකාරී නොවී කටයුතු කරන බවට ජනතාවට පොරොන්දු වෙනවා. එලෙසින්ම ක්‍රියා කරන ලෙස ජනතාවගෙනුත් ඉල්ලා සිටිනවා.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනේ (දී)
එතුමාගේ එකම සහ පරම ප්‍රතිපත්තිය විධායක ජනාධිපති බලතල පැ 24 - දින 100ක් තුල ශ්‍රී ල නි ප සභාපතිගෙන් එ ජා ප නායකයට මාරු කිරිමයි (නදී)
කවුරු ඇත්ත කියනවද කවුරු බොරු කියනවද මන්දා (දී)
වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් (දී)
සිරිසේන මහත්තයා දිනලා බලතල අහෝසි කරගෙන රනිල් අගමැති කරනවලු. මොකක්ද ඒ වැඩේ තේරුම එතකොට? තවත් යූඑන්පී ආණ්ඩුවක් විතරයිනේ! ජනපති මහින්දට ඡයවේවා! (නි)
කොහොම වෙතත් රනිල් නම් ජයගන්න බව ස්ථිරයි (නි)
වෙනදා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට පලු යන්න බැනපු උදවිය අද දමන අදහස් දැක්කම හිනා යනවා. මේ පක්‍ෂයේ වැඩිම ජන ප්‍රසාධය තිබෙන්නෙ මෛත්‍රී පාල මහත්තයාටලු. කිසිම මොහොතක ජනාධිපති අපේක්‍ෂකයා විධියට මෛත්‍රීපාල මහත්තයාගෙ නම ශ්‍රී ලංකා කාරයන්ගේ කථා බහටවත් ලක් නොවුන බව විසි වෙනිදා එක සැරේටම පහලවුන ශ්‍රී ලංකා කාරයො දන්නෙ නැතුව ඇති. අනේ පවුම තමයි ඉතිං. (නදී)
ඔබතුමා හිතනවා ආණ්ඩුව ලොකු අමාරුවක කියලා. එ්ත් අපිට හිතෙනවා ඔබතුමා ඊටත් වැඩිය අමාරුවක වැටේවි කියලා. දැක්කනේ පොන්සේකා මහතාට උනදේ. එතුමාට රටේ කොයි තරම් පිළිගැනීමක් තිබුනද ? අද මොකද තත්වේ ? උෟවේ ඡන්දෙත් ගත්තේ, ස්වාදීන අපේක්ෂකයන්ටත් අඩුවෙන්. ඔබතුමා අඩුම ගන්නේ, උතුරු මැද පළාතේ ඉන්න වකුගඩු රෝගීන්ට දැනෙන යමක් කලාද, සෞඛය ඇමති විදියට ? (නදී)
අර්බුදයක් හැදුවා කියල සන්තෝස ඇති. රට ඔට්ටුවට තියල ආත්මය පුජා කළා කියල නම ලොකුවට ලියාවි. (නදී)
රොහාන් ගේ කතාව හරි. මෛත්‍රීපාල මැතිතුමා, ඔබට ජයවේවා!! (නදී)
අපිත් පරම්පරාගත නිදහස් පාක්ෂිකයෝ. සීලවතී මහත්මියගේ අදහස පිලිගන්නවා (නදී)
ගොඩ ගෙදරගේ කටේ මසුරන් දාන්න වටිනවා. අම්මපා. (නදී)
ජයවේවා ඔබට සුභ ගමන් (නදී)
8 වෙනිදා තමයි බලා ගන්න වෙන්නේ (දී)
මට නම් මේ කිසිකෙනෙක් ගැන පැහැදීමක් නැහැ (නි)
රටක් වසයෙන් අපි ලජ්ජා වෙන්න ඕනේ. (දී)
මහජන මුදල් හොරාකන,මත්ද්‍රව්‍ය ගෙන්වන අයව ආරක්ෂා කරන, මැ දේශපාලනය එලවන්න මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ධෛර්ය ශක්තිය ලැබේවා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ජයවේවා..! (නදී)
මෛත්‍රීපාල සිරිසේන මහත්තයෝ "ආණ්ඩුව ලොකු අර්බුදයක" නෑ ඔයාට වැරදිලා අර්බුද තියෙන්නේ ඔය විරුද්ධ පක්ෂයේ කැඳ හැලියේ තමා, තව පහුවෙනකොට හොඳටම කොහු වේවි. (නදී)
ආණ්ඩුවට පාන්ඩුව (නදී)
මෛත්‍රීට මෛත්‍රී කරලා මහින්දට ඡන්දය දෙමි. (නදී)
ඔබ තුමා ගිය නිසා අර්බුදය ඉවරයි (නදී)
සමහරුන්ගේ අදහස් දැක්කහම ලැජ්ජත් හිතෙනවා මොළයේ තරම ගැන (නි)
යුද්ධය දිනල දීපු ෆොන්සේකා අමතක වුන අයට, රට සංවර්ධනය කරපු මහින්දව අමතක වුනු අයෙ, අධිකරණය ගැන කතාකලත් ශිරාණි බණ්ඩාරනායකව අමතක උන අයට, යූ එන් පී ය විජේවීර මැරූ බව අමතක උන අයට මෛත්‍රීපාල ව මතක තියෙයි වැඩිම උනොත් සතියක්,ඔට්ටුද? (නදී)
බළලුන් ලවා කොස් ඇට බෑවීම ! (දී)
ඔබතුමාට ජයවේවා! (නි)
එයා ජනාධිපති වෙලා, ඒක අහෝසි කරලා, රනිල්ට විධායක අගමැතිකම දීලා ඊළඟට මොනවද කරන්නේ? මෛත්‍රී හොඳයි. හැබැයි මම නම් කියන්නේ දිනන්න බැහැ කියලයි (නි)
මෛත්‍රී ජනපති වුණොත් රටේ ප්‍රශ්න සියල්ල විසඳේවිද? (නි)
ඔබතුමා ජයග්‍රහණය කළොත් උතුරු මැද පළාතට විශේෂ සැලකිල්ලක් දක්වන්න එපා. එසේ කරන්නේ නම් ලංකාව නමැති පුද්ගලයා අංශභාග රෝගයෙන් පෙළෙන ලෙඩෙක් විමට ඉඩ ඇත. (දී)
ඉඳල හිටලා ජීවිතයේදී මේ විදියේ සිද්ධි වෙනකොට පොඩි ගතියකුත් තියනවා (නදී)
ඔබ තුමාට අපේ සහාය (දී)
ඔබ හරි. නමුත්, පිටුපසින් සිටින සමහරුන් ගැන කල්පනාවෙන් ඉන්න (නි)
කොහොමද මහත්තයෝ එහෙම කියන්නේ (දී)
ලොකු අර්බුදයක වෙන්න යන්නේ ඔබතුමාට වගේ ජනතාවට පෙනෙන්නේ ... (දී)
දින 100 ක උපරිමකාලයක්නේ යනවා කියන්නේ ඊට පස්සේ යන්නේ රනිලනේ. නංගි පෙන්නලා අක්ක දෙන එකේ පාර්ට්-2 (දී)
තමන්ගේ පුද්ගලික වාසි ඉරිසියාව සහ පලිගැනීම සඳහා එකතුවුන පිරිසක් නේද මේ මෛත්‍රී වටේට ඉන්නේ ? මේ අයට බලය දීලා රටට මොනවා වෙයි කියලද හිතන්නේ ? ඔය රැලි වලට ගහගෙන යන අයට පසුතැවෙන්න වෙන දවස වැඩි ඈතක නෙමෙයි. (නදී)
හැමෝම සුබවාදී හිතන්න මහත්තය නෝනලා අපේ රටේ හොද ඉතිහාසයක් තිබනවා එක ආණ්ඩුවක් යුද්දේ දිනුව කියල අනිත් අය රට පාවා දෙන්න නෑ සාදාරන මිනිසුන්ට ජීවත් වෙන්න පරිසරයක් හැදීම කාගේත් බලාපොරොත්තුව (දී)
කියන්නකෝ මහත්තයෝ ඔයගොල්ලන්ගේ ප්‍රතිපත්ති මාලාව. (ර)
පොදු අපේක්ෂක තුමා මටනම් හිතෙන්නේ ඔබතුමා දිගුගමනක් යාවි කියලා. එත් මහජනතාව දිනාගන්න බොරුනම් කියන්න හදන්න එපා මොකද ඔබතුමාට මහජනතාව ඉන්නවා කියල තාම මහජනතාවට වැටහිලානැත. ඔබ නිවැරදියිනම්, ඔබට මාර්ගය පැහැදිලියිනම්, ඔබ අවන්කනම්, බොරුවෙන්තොර අවංක ගමනක් යන්න, පක්ෂ ටික එකතුකරගෙන දෙයක් කියන්න. (ර)
හෙට අය වැය පරද්දන්න බැරි වුනොත් ජනාධිපතිවරනෙනුත් පරද්දන්න බැ කියන එකයි තේරෙන්නේ. (ර)
ජයවේවා.! (ර)
නියම නායකයෙක්, මිනිස්සු රණ්ඩු වලට පටලවන්නේ නැතිවෙන්න දීපු උපදේශය ඉස්තරම්. ඔබතුමාට ජයවේවා. (ර)
මට නම් වැඩි විශ්වාසයක් නැහැ (නි)
ගැටළු නෙමෙයි, දැන් ඔබතුමාගේ පස්සෙන් පන්නාගෙන එනවා ඇති. නැති වැරදි සොයාගෙන අඩපණ කරලා දාන්න. (නි)
ඔබතුමා පරිස්සම් වෙන්න (නි)
යුද්ධය නිමා කිරීමට ජනපති හා ත්‍රිවිධ හමුදාවම කැප වුණා. යුද්ධයෙන් පසු ගෙවී ගිය කාල වකවානුව තුල රජයට තිබූ වාසිදායක තත්වය අඩු වීමට ජනපති වටා සිටින ඇමතිවරු මෙන්ම ජනපතිත් මැදිහත් වුණා.රට තුල පවත්නා වියදම්, ජනපති සටන වෙනුවෙන් කරන වියහියදම් මහජනතාව නිරන්තරයෙන් දකිනවා. දිනපතා 10,000කට කෑම දෙන එක. බස් වලින් ගෙන්නන එක, ලයිට් කණු පුරා වෑහෙන ජනපතිගේ පෝස්ටර් කටවුට්,මිනිස්සුන්ට දිනෙන් දින පෙනෙනවා. ජන්දය ප්‍රකාශ වෙන්නට පෙර සිටම. මේ සියල්ල අපේම බදු මුදල්. මෙය ජනපති තේරුම් ගත යුතුයි. මේවා දිනපතා දකින මිනිසුන් ඔහුගෙන් ඈත් වීම අරුමයක් නොවේ. (නදී)
අපිට ඔබව විශ්වාස කරන්න අමාරුයි මොකද ඔබ වෙනස් වන චරිතයක් අනිත් එක ඔබට පීඩනයක් දරාගන්නත් අමාරුයි ඉතින් ඔබ රටේ පීඩනය කොහොම දරාගන්නද? ඔතන්ට ගියාම ලොකු පිඩාවල් එනවා ඒකට ඔබට මුණ දෙන්න බැරි උනොත් අපේ ජන්දෙත් අපරාදේ. එ් නිසා ඔබව අපිට විශ්වාස නැත (නදී)
නියම උපදේශයක්, නියම නායකයෙක් (නදී)
ඔයා මෙහෙ අර්බුධ ගැන කතා කරනවා. මට හිතාගන්න බැරි ඔබතුමා කොහොමද ඔතනට ගියේ කියලා (නදී)
මොකද්ද ඔය රට යන රැල්ල. 2010 පොන්සේකා මහත්තවත් ඇන්දුවා ඔහොමම. (නදී)
මහින්ද රාජපක්ෂ ජනාදිපතිතුමාට තරඟයක් දෙන්න පුළුවන් පෞර්ශත්වයක් මෙතුමාට නියත වශයෙන්ම තියනවා. (නදී)
ඔබට නියත ජය (දිල්)
අපිත් කැමතියි වෙනසක් දකින්න. නමුත් රට ආපස්සට හරවන්නේ නැතුව. කෙලින් වැඩ කරන ප්‍රතිපත්ති ගරුක නායකයෙක් රටට අවශ්‍යයි (නදී)
ඔබ තුමා ආදර්ශමත් අවංක නායකයෙක් වග නම් දැනට පැහැදිලි. ඔබට ජය (අ)
කරූ ඔයා හරි (නදී)
එතකොට ඔබ තුමාද මෙච්චර දවස් ආණ්ඩුව දියෙව්වේ.... ගිය ගමන් ඔච්චර අර්බුදයකට වැටෙන්න (අ)
ඔබතුමා හොඳයි. ඒ වුණත් අනෙක් අය නම් අපිට විශ්වාස කරන්න බැහැ (නි)
ඔබ නියම නාකයෙක් සැමදා අප ඔබ සමගයි (අ)
ඔය හැම දෙනාම අර ගෑණු ගැටේට අහුවෙලා..අනේ පව්.(අ)
ඔබ තුමාට ජය (අ)
මොන දේ කිවුවත් සිදුවියයුත්ත තීරණය කරන්නේ ජනතාවයි (නි)
ඔය කියන දේ හරියටම හරි දිලිප් අපේ සල්ලි වලින් මේ රටේ දේශපාලකයෝ සුර සැප විදිනවා . ඒ මදිවට ඡන්ද දිනන්න වියදම් කරන්නෙත් අපේම සල්ලි.අඩුම තරමේ මාධ්‍ය නිදහසක් තියෙනවද රටේ..?? (දිල්)
අනිල් රෝහණ මහතාණෙනි..මේ පොදු අපේක්ෂක තුමා දුර ගමනක් යන නැ. රනිල් මහත්තයට විදායක අගමැති කම දීල රනිල් මහත්තයව රටේ නායකයා කරලා ගෙදර යන්නේ..මෙය මේ කරන බොරුව රටේ මුනිස්සු ඉක්මනට තේරුම් ගනී..(අ)
මට පේන විදිහට නම් අපේ රට නැවත වතාවක් අමරුවේ වැටෙන්න යනවා. කොටියට පක්ෂපාත රජයකට බලය යන්න යනවා. උතුර නැගෙනහිර ගැන හිතෙන් අයින් කරගත්තා නම් හොඳයි. ජවිපේ සිහල උරුමය හිතන දේවල් වෙන්නේ නැහැ. අමාරුවෙන් ලබා ගත්ත ජය මේ ගොල්ල අාපහු දෙන්න යන්නේ. ඒක පොදු අපේක්ෂකයා දිනලා මාස හයක් යන්නත් කලින් අපිටම පෙනේවි. එතකොට පමා වැඩි වේවි. හොඳම දේ තියන දුරවලතා හදා ගන්න එකයි (නදී)
අනේ ඔවු සීල ලතෝ අපි එහෙම කරමු.ප්‍රශ්නේ තියෙන්නේ සීල ලතාට අං තිබුනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින්ට අං නැති එක. පක්ෂේ කඩල මිනිස්සු නන්නත්තාර කල මැඩම්ට උතුර දකුණ නැතිවෙන්න තමයි ඒ මිනිස්සු මෙදා පාර මහින්ද මහත්තයාගේ බලය පෙන්වන්නේ..මේ රටේ කළගුණදත් මිනිස්සුන්ගේ බලය පෙන්වන්නේ. (ස)
පැන්නට පස්සේ කොහොමත් ඔය වගේ කියනවනේ. ඉන්නකන් අර්බුද පෙනුනේ නැද්ද මහත්තයෝ. (නදී)
රගර් මැච්වලට අපේ පරිප්පු ඇටෙන් හාල් ඇටෙන් එකතු කරපුවා වියදම් කරපු කාලෙ නැතිකරන්න මැතිඳේ. නයිට් රේස් දුවපු කාලෙ හමාර කරන්න. රටේ නිපැයුම වැඩි කර පලය ජනතාවට ලබා දෙන්න ඔබට පුලුවන්. (නදී)
ඔන්න හෙට බලාගන්න පුළුවන් කට්ටියට මේ ආණ්ඩුව හොලවන්න පුළුවන් තරම.එ්ක දැක්කට පස්සේ තමයි ගිය කට්ටියට ගෙදර උන්දලගෙන් පොල්පිති පාර කන්න වෙන්නේ.(අ)
ජය වේවා අනාගත ජනාධිපතිතුමනි (නදී)
ජය වේවා අනාගත ජනාධිපතිතුමනි. (නදී)
17 වන සංශෝධනය ක්‍රියාත්මක වී 18 අහෝසි වෙනවා නම් පාර්ලිමේන්තුවට බලය ලැබෙනවා.එසේ නම් පාර්ලිමේන්තුව උත්තරීතර වෙනවා.අගමැතිට වුවත් බලතල සීමා වෙනවා.ඔය කියන තරම් කොටිය නපුරු නැහැ. ඇත්තටම කොටිය වෙන්නේ විධායක ජනාධිපති ධුරය තමයි.එකනේ 18ත් ගෙනල්ලා ජීවිතාන්තය වෙනකන් බලයේ ඉන්න උත්සහා කරන්නේ.අමාත්‍යාංශ බහුතරයක් තම පාලනයට නතු කරගෙන තියෙන්නේ.රූකඩ ඇමති මණ්ඩලයක් ඉන්නේ.(හේ)
මේ රටේ ගොඩක් මිනිස්සු මෛත්‍රී කව්ද කියල දැන ගත්තෙත් මේ පැන්නට පස්සේ. එ්ක හින්ද වැඩිය උඩ පනින්න එපා. (නදී)
මහින්දට මෙයත් එක්ක තරඟයක් නැහැ (නදී)
අනේ ඔවු සීලවතියෝ අපි එහෙම කරමු.ප්‍රශ්නේ තියෙන්නේ සිරියලතාට අං තිබුනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින්ට අං නැති එක. මිනිස්සු නන්නත්තාර කල මැඩම්ට උතුර දකුණ නැතිවෙන්න තමයි ඒ මිනිස්සු මෙදා පාර මහින්ද මහත්තයාගේ බලය පෙන්වන්නේ..මේ රටේ කලගුනදත් මිනිස්සුන්ගේ බලය පෙන්වන්නේ. නමවෙනිදට සිරිසේන මහත්තයට වෙන්නේ පොළොවේ පස් කකා අඩන්න.. (ස)
එකට අාප්පේ කාලා පසුදා කරපු වැඩේ. (නදී)
ඔබගේ අපේක්ෂාව හොඳ උනත් ඔබ පිටුපස සිටින පිරිසට එවැනි අපේක්ෂාවක් තිබේද යන්න ගැටලුවක් පරිස්සමින් ගමන යන්න (නදී)
ප්‍රතිපත්ති නම් ඔය අපිට දැන් අවුරුදු ගානක ඉඳල වදාරන්නේ ! (ර)
ඔය කතාව ඔබතුමාටම කියාගත්තනං තමයි හොඳ. (ර)
මෙයා හොද කොන්ත්‍රාත් එකක් බාර අරන් තියෙන්නේ. ගාන කීයද දන්නේ නෑ. (නදී)
ඔබට අපි සුබ පතනවා. කොහොම හරි මේ රට මේ විනාශකාරයාගෙන් ගලවා ගනී කියල අපි ස්ථිර වශයන්ම දන්නවා (නදී)
පක්ෂය පාවා දුන් කෙනා රටත් අනාගතයේ පාවා දෙයි. එකට රෑට කාලා පහුවදා අනික් පැත්තට පනින මිනිහා බලය ගත්තට පස්සේ කොහොම මිනිස්සුන්ට සලකයිද ? මෛත්‍රිය නමින් වෛරී දේශපාලනය කරන්නවුන්ට ජනතාව පරාජය අත්කර දෙනවා නියතයි. (නදී)
ඔබ තුමාට අගමැති කරන්න වෙන කව්රුත් නැද්ද රනිල් නැතුව. (නදී)
ජනවාරි 8 බලමු කවුද අර්බුදයකට මුණ දීලා තියෙන්නේ කියල...?අයියෝ සිරිසේන..(ස)
මටනම් මෙතුමා ගැන දුක හිතෙනවා. හොද දේශපාලන අතීතයක් ඇති ඔබ අවසානයේ ඔබේ අනාගතය අඳුරු කර ගත්තා. (නදී)
අනේ අපිනම් මුකුත් කියන්නේ නැහැ. 9 වෙනිදායින් පස්සේ පොළොන්නරුවේ පැත්තෙන් අදේට කුඹුරු කෑල්ලක් අරන් දෙනවා කොට කොට ඉන්න. (නදී)
ඔබ මේ දක්වා පිරිසිදු දේශපාලංඥයෙක්. ඉදිරියටත් එසේම කරන්න. ඔබට ජය පතමි. (නදී)
දිගු ගමනකට ඔබට ජය (නදී)
අපේ අන්තිම බලාපොරොත්තුව ඔබ තුමාය. (නදී)
සරත් ෆොන්සේකාගේ නාටකයේ දෙවැනි කොටස. රනිල් ගොඩ ගියා. මෛත්‍රී හිරෙත් ගිහින් තමයි නවතින්නේ. (නදී)
උපන් දිනේට ජයපතලා පහුවදා යුද්දෙට යන යාළුවො වට කරන් රටට වැඩක් කරන්නේ කොමද? යටි හිත වද නොදේද? (නදී)
මොන පිස්සුද.? ආණ්ඩුවට කිසිම උණක් නැහැ. ඔබතුමා අධිවේගී බස් එකකට කියලා නැගලා තියෙන්නේ 134 අංගොඩ බස් එකට වගෙයි පෙනෙන්නේ. (අ)
මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා නම් හොද මනුස්සයා. ඒත් මොකක්දෝ නරක ජානයක් ක්‍රියාත්මක වෙනවා වගේ. (අ)
සිරිසේන මහත්තය ,පළමුවෙන් මුඛය පරිස්සම් කරගන්න ,මතකනේ කලින් අපේක්සකයට වුනු දේ.මෙපමණ කාලයක් හිටපු තැන.අනික අගමැතිකම දීල තිබුනානම් පනින්නේ නැනේ .තණ්හාව ජායති සෝකෝ (අ)
මෛත්‍රියෙන් යුතුව වෛර කිරීමේ කලාවයි මේ (නදී)
නියම නායකයෙක්, මිනිස්සු රණ්ඩු වලට පටලවන්නේ නැතිවෙන්න දීපු උපදේශය ඉස්තරම්. ඔබතුමාට ජයවේවා. පොදු අපේක්ෂක තුමා මට නම් හිතෙන්නේ ඔබතුමා දිගු ගමනක් යාවි කියලා. එ්ත් මහජනතාව දිනාගන්න බොරුනම් කියන්න හදන්න එපා. මොකද ඔබතුමාට මහජනතාව ඉන්නවා කියල තාම මහජනතාවට වැටහිලා නැත. ඔබ නිවැරදියි නම්, ඔබට මාර්ගය පැහැදිලියි නම්, ඔබ අවංක නම්, බොරුවෙන් තොර අවංක ගමනක් යනවා (නදී)
සමහරු කියනවා අපේ ජනාධිපතිතුමාට ජය වේවා කියලා. ඔය අය ජයවේවා කිව්වේ ජනපති මෛත්‍රීටද? (නි)
මේ රටේ ජනතාව දැන් බුද්ධිමත්, ගම්වල ජනතාවත් දැන් දැන් දේශපාලනය ගැන අවබෝධ කරගන්නවා. විදේශ කුමන්ත්‍රණ කියල රවටන්න බැහැ. විදේශ කුමන්ත්‍රණයක් කිව්වට ජනාධිපතිවරණය කලින්ම කැදවන්නේ මහින්ද මහත්තයා. එතකොට ඒ කුමන්ත්‍රණය කලේ කව්ද? ඔබතුමා දිනනවා, ඒක සහතිකයි, දළදා මාලිගාව වටේ කෙල්ලෝ දාල නට නට කාර් රේස් පැදීම නතර කරන්න. ජයවේවා (නදී)
නිඅහස් පක්ෂයේ වැඩියෙන්ම ජනතා ප්‍රසාදය තියෙන කෙනා ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. ඉතින් අනෙක් පක්ෂත් එතුමාට සහය දෙන එකේ සන්දානයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකර අපි එතුමාව නිතරගයෙන් පත් කරමු. නිදහස් පක්ෂයේ නිර්මාතෘ බණ්ඩාරනායක මැතිදුන්ගේ දියණිය පවා සහය දෙන්නේ එතුමාට. නැත්තන් මේකෙන් වෙන්නේ නිදහස් පක්ෂ පාක්ෂිකයන් දෙකට බෙදෙන එක (නදී)
ඔබට ඉතිහාසය මතකද? (නි)
අනේ ආණ්ඩුව පව් (නදී)
සමහර අදහස් කියෙවුවාම පුදුමත් හිතෙනවා (නි)
පාවාදෙන එකද පිරිසිදු දේශපාලනය? ඔබ ඉක්මන්වෙලා කරගත්තේ රට ගැන නොහිතන අයගේ පරමාර්ථ ඉෂ්ට කරන එක (නි)
අද වෛර පාරමිතාව පුරලා වගේ කතාව. (නදී)
තවත් බටලන්දක් හදන්නද දන්නේ නැහැ. (නදී)
මෛත්‍රිපාල මැතිතුමා ඡන්දෙට ආ එක එජාප පාක්ෂිකයන්ට වඩා ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ආණ්ඩුවේ අයටනේ? (නි)
ඡන්ද ප්‍රතිඵල දැන්ම තියාම පිටකරන්න එපා මහත්තයෝ. (නි)
සිරිසේන මහතාට තමන්ගේ නිරහංකාර බවත් ගුණ ගරුක බවත් පෙන්වාදීමට සෙනසුරාදා පැවති රූපවාහිනි සාකච්ඡාවෙදී ලද අවස්තාව මගහරින ලද බව පෙනේ. එතුමා මැදිරියට තම ආධාර කරුවන්ගේ ජයගෝෂා මැද පැමිණි වෙලේ එතන වැඩ සිටි ස්වාමීන් වහන්සේලාට ආචාර කලානම්, කතාව පටන්ගන්නට පෙර උන්වහන්සේලාගෙන් සහ අනෙක් සාමාජිකයින් ගෙනුත් අවසර ගැනීමට තරම් නුවනැතිව කටයුතු කලානම් වටිනවා. (නදී)
ලියනගේ නිකන් මෝඩ කතා කියන්න එපා. කොහොමද එතුමා අනාගතය අඳුරු කරගත්තා වෙන්නේ. එතුමා ජාතික කර්තව්‍යයක් වෙනුවෙන් තම ජීවිතය පවා පරදුවට තබමින් මේ පැමිණෙන්නා වූ මේ ගමනින් ඔහුගේ අනාගතය ශ්‍රේෂ්ඨ වනවා මිස කවදාවත් ජීවිතය අඳුරු නොවේ. ඔබ වැනි විදියට හිතන ලාංකිකයන් ඉන්න තාක් කල් සෑම විරුවකුගේම ජිවිත අඳුරුවනවා නොඅනුමානයි. තමන්ගේ හොඳ අතීතය තුලින් අනාගතයේ අඳුරින් වැසී ඇති සියල්ලන්ගේම ජිවිත ආලෝකමත් කල හැකි නම් ඔහු සදා අමරණීය වේ. නමුත් එම උදාර කර්තව්‍ය අවස්ථාවාදී නොමනා මිනිසුන් විසින් අඩපණ කර දැමුවහොත් ඔබ වැනි මිනිසුන් ඔහුගේ ජීවිතය අඳුරු කර ගත්තා කියා කියාවි. ඔහුව අමතක කර දමාවි, එවන් පුද්ගලයෙක් සිටියාද කියා ඔබට සිතෙනු ඇති. මේක තමයි ලාංකිකයන්ගේ සිතන පතන විදිය. පැත්තකට වී ඇඟ බේරා ගෙන ඉන්න ඇත්නම් හැමටම හොඳ අතීතයක්. ඔවුන් සැමදා බියගුල්ලන් ලෙස ජිවත්වුනොත් හොඳටම ඇති. මට ඔබ ගැන නම් දුක හිතෙනවා. (නදී)
දින සියයේ වැඩපිළිවෙල සාර්ථක කිරීමට ඔබට ශක්තිය ලැබේවා (නි)
වෙනසකට කාලය ඇවිත්. නීතිය වල් වැදීම සහ පාදඩ ආර්ථිකය නවත්තන්ඩ ඕනේ. (නදී)
මට නම් ආණ්ඩුවේ කිසිම අර්බුදකාරී ගතියක් පෙනෙන්නේ නැහැ (නි)
අන්තිමට ගහපු බෙරේකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. ඒ ජා ප යට වෙච්ච දෙයක්. අනිච්චාවත සංකාරා තමයි. (නදී)
ඔබ දිනනවා අපි ඔබ සමගයි (අ)
කවුරු වුනත් ප්‍රචන්ඩත්වය මුදා හරින පිලට ඡන්දය දිය යුතුයි (අ)
රනිල් මහතාට වඩා හොඳ සටනක් ඔබතුමාට දිය හැකි බව රහසක් නොවේ. හැබැයි, දින 100 ක් ඇතුලත විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරන ප්‍රතිඥාව නම් සැක සහිතයි. අහෝසි කලත් ඉන් පසුව ඔබතුමාගේ තනතුර කුමක්ද? රනිල් මහතාට අගමැතිධුරය ලබා දීමට ඔබතුමාට ඇයි මෙතරම් කැක්කුමක්? (නදී)
චන්දෙ තියනකල් මටනම් කිසිම විස්වාසයක් නැහැ (දී)
විධායක ජනාධිපතිකමනේ හොඳ නැත්තේ. එතකොට විධායක අගමැතිකම හොඳ වෙන්නේ කොහොමද. (නි)
මෛත්‍රී ඔබට ජය අපට පක්ෂ දේශපාලනයක නැ අපි ඔබ සමග...(දිල්)
ජයවේවා.... අපිට වෙනසක් ඕන. (දිල්)
ඔබතුමා බලයට ආ ගමන් දින 100 න් විධායක ජනපතිධූරය අහෝසි කරන්නකෝ. ඔබතුමාට ඒ පිනම ඇති. (නි)
මෙතුමා රනිල් එක්ක එකතුවෙලා රටට වැඩදයි ගමනක් යනවා ආණ්ඩුව දැන් මොලේ කචල්වෙලා කරන කියන දේ හිතාගන්න බැහැ ඔබතුමා අවංකව රටට වැඩ කරන්න ජනතාව ඔබ සමග සිටිනවා හොද ඉදිරි දැක්මක් ඉදරිපත් කර තුණුරුවන් සරණින් යපලනයක් ගොඩ නගමු.(දිල්)
ජයග්‍රණය ලබන්නට හැකි වේවා (දිල්)
මට නම් හිතෙන්නේ ආණ්ඩුව නොවෙයි තර්ජන පමණක් නොව ගර්ජන වලටද ලක්වන්නේ (නි)
හැමටම මෛත්‍රී සිතුවිලි පහළ වේවා !(දිල්)
පසුපසින් සිට පිහියෙන් අනින කිසි කෙනෙකුට හරිගියේ නැහැ. ඉන්නකොට කාටවත් ඕවා පෙනුනේ නැද්ද? මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ජයවේවා! (නි)
ජනතාව උගස් කරමින් ලොකුවට ණය අරන් පම්පෝරි ගහල කෙරුවේ මොනවද රට නය කරා විතයි උපරිම හොරකම් කාල වංචාව දුෂණය රටේ හැදියාව නැති කරා දැන් යන්නේ කොද මල්ලේ පොල්. (අ)
මහින්ද මහත්තයත් එක්ක ලේසි නෑ, ලඟදීම දෙයි හොද එකක් , ජනතාවත් කොරවෙලාම යන්න , මෛත්‍රීට ලේසි නෑ (අ)
ෙමෙත්‍රී අපි මෛත්රීන කරමු. මෙයා ඊයේ කියපු දේ අද වෙනස් කළා වගේ අද කියන දේ හෙට වෙනස් නොකරාවි කියාල රටේ මහජනතාවට දෙන්න තියෙන සහතිකේ මොකක්ද?.. මෙයත් එක්ක හිටපු චන්දිකා නෝනත් 94 කළේ මොකක්ද? ඒ නිසා බලයට ලෝභ කම මිස වෙන මොකක්වත් මටනම් පේන්නෙ නැහැ. අපරාදේ කියන්න බැහැ, සජිත් ඇත්තම කියලා තිබුණා. කවුරු හරි මගෙන් අහුවොත් මෙයා දිනයිද කියලා මට කියන්න තියෙන්නේ .බම්බුව තමයි කියලා (අ)
ඔබ තුමා දිනුවොත් නැවත දින්නන්නෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. පව් එක්සත් ජාතික පක්ෂය. (නදී)
ජනමන, රොහාන්, සීලවතී ඔබලා හරි (නදී)
මෛත්‍රී මහත්තයෝ ටිකක් පරිස්සමින්. ලඟ ඉන්න අය ගෙන් පරිස්සම්වෙන්න (නදී)
මං හිතන්නේ ජනතාව බුද්ධිමත් තීරණයක් ගනීවී. වෙනසක් ඕනා අනීවාර්යෙන්ම. ඔබට සදා ජය පතමී. (නදී)
මුළු රටම අලුත් පිබිදීමක්. ත්. රට බේරා ගත්තට පස්සේ මීට වඩා දේවල් කරන්න තිබ්බා. හොරු සුදු කාරයෝ, සාමාන්‍ය පෙළවත් සමත් නැති මෝඩයෝ උගත් ශ්‍රේෂ්ට තානාපති වරුන්ට පහර දෙනවා. දැන් හොදටම ඇති. මෛත්‍රී පාල සේනානායක මැති තුමනි තුන් හෙළය පක්ෂ පාට බේද වලින් තොරව එක් සේසත් කරන්න ඔබට බාරයි. විදේශගත සියලුම ශ්‍රී ලාංකිකයන් ඔබ සමගයි. ජය වෙවා! (නදී)
සීලවතී මහත්මිය කියන දේ ඇත්ත. අද සියලුම නිදහස් පක්ෂ ශාකා සමිති දෙකඩ වෙලා. කොහොමත් මහින්ද මහත්තය තුන් වරක් ඉල්ලුවේ නැත්තන් ජනාදිපති අපේක්ෂක වෙන්න හිටියේ මෛත්‍රී මහත්තයනේ. විරුද්ද පක්ෂ පවා එතුමාට සහය දක්වන එකේ එතුමාගේම පක්ෂය වන නිදහස් පක්ෂයේ සහයත් එතුමාට දෙන්න. සන්දානෙන් අපේක්ෂකයෙක් දාන්න එපා. නිදහස් පාක්ෂිකයන්, නිදහස් පක්ෂ ශාකා සමිති දෙකඩ කරන්න එපා. (නදී)
ඔබතුමාට අපෙන් සුබ පැතුම්! (නි)
විජේරත්න, ඔබ මේ විනාශ කාරයා කියන්නේ ප්‍රභාකරන්ගෙන් රට බේරා ගැනීමට මුල් තැන දුන් නිසාද නැත්නම් තවත් වරක් බලයේ සිටීමට හදන නිසාද? එහෙමත් නැත්නම් හේතුව මොකක්ද? සැම දෙයකම කිහිප පැත්තක් ඇත. ඔයා හිතන්නේ මොකක්ද. වඩාම නරක විනාශය මොකක්ද? කට තිබුනට කියවන්න එපා. මොළයත් ඉඳ හිට පාවිච්චි කරන්න. (ස)
පොදු අපේක්ෂකයා වටේට ඉන්න කට්ටිය කවුරුද කියල හොඳට බලන්න. මේ වෙලාවේ හෙළ උරුමයට ලොකු වගකීමක් තියෙනවා කියල මට හිතෙනවා. අපි තීරණ ගන්න ඕනේ හොඳ සහ නරක වෙන වෙනම කිරල බළලා. සියයට සියයක් හරි දේම කියන එක මේ ලෝකය දෙස යථාර්ථවාදීව බැලුවොත් හමුවෙන දෙයක් නෙමේ. (නදී)
මොනවා වුනත් දෙපක්ෂයම ගැටුම් ඇතිකර ගන්නේ නැතුව මැතිවරණ කටයුතු කරගෙන යන්න. මොකද මොනවා කලත් අන්තිමට තීන්දුව දෙන්නේ ජනතාවනේ. ජනතාව නියම වෙලාවට නියම තීන්දුව දේවි. (නදී)
මේ අය අපට ආදරේටද නැතිනම් බල තන්හාවටද මේ හැමදේම කරන්නේ කියල හැමෝම මේ අදහස් දමන අයත් ටිකක් හිතා බලන්න. අවසානේ පිහිටට ඉන්නේ අපිට අපේ අතේ සෙවනැල්ල පමණයි (නදී)
ජාති වාදයට, ආගම්වාදයට තිත තියන්න, මුළු රටම එක් සේතත් කරන්න. එකාමෙන් ජීවත් විය හැකි රටක් හදන්න, ඒකම ඇති, වෙන මොනවා නැති වුනත්, ඉබේ රට දියුණු වෙයි (නදී)
මෙතුමා කොහමද මෙරට මේ විනාශයෙන් ගලවා ගන්නේ ? මේ තුමා ඉන්නේ දින 100 ක් විතරයි රනිල් ගේ විධායක අගමැති ක්‍රමය එන්නේ . කව්ද දන්නේ එයා මොනවා ද කරන්න යන්නේ කියල ? (ස)
අපි වෙනුවෙන් විතරමද ඔබතුමාගේ ඔය උත්සාහය? මට නම් විශ්වාස නැහැ තවම. මුහුණට මුහුණ විවාදයකට ඇවිල්ලා මහජනතාවට පෙන්වන්න. ඔබතුමාගේ ඉදිරි සැළැස්ම පැහැදිලිව විස්තර කළොත් පමණයි මම ඔබට ඡන්දය දෙන්නේ. නමුත් ඒක බොරු පොරොන්දු නැති එකක් වෙන්න ඕනෑ. ඔබට තවම කල් තිබෙනවා පැහැදිලි කරන්න. මම වැට උඩ ඉන්නේ. (නි)
මිනිස්සුන්ට කන්න දෙනවනම් බොන්න දෙනවානම් කළු කන්නාඩිය දාල තමයි රට දිහා බලන්නේ. ලොක්කෝ මොනවා කලත් පෙන්නේ නැහැ. (ස)
දැන් විදුලි පුටුව එලියට එයි , තෙල් ලින් තාම මග. ගෑස් ලින් ටික තාම හොයනවද ගම්වල ඉන්න බලු පැටවුනුත් බොරුව දන්නවා දැන්. මේ පාර යුද්දේ විකුනනවා බොරු. (නදී)
බොරුවෙන් වෛරී දේශපාලනය කලොත් ඔබත් SF - 2 තමා. දින 100 කතාවෙන් ඔබත් බොරුව පටන්ගත්ත වගේ. ඒව බෑ රජෝ. (ස)
ඔයා දින්නොත් මහින්දට කරපු දේම රනිල්ටත් කරන්ඩ (නදී)
සිරිසේන මහත්තයට ඔය ටික කියන්න තිබුනේ ,එයා කියන විදියට 2005 දි. එහෙම උනානම් අපිටත් සලකල බලන්න තිබුනා. (නදී)
වීදුරුකටු තියෙන සේලයින්, හාල් වලට වඩා ගල් වැලි බත් කාපු ඒවා අපිට තවම මතකයි (නි)
අපිට ඕනෑ යහතින් ඉන්න පුළුවන් රටක්.ඒක කාටද කරන්න පුළුවන්? (නි)
මට තියෙන ප්‍රශ්නය ප්‍රත්පත්තියක් තියෙනවනම් JVP එක කොහොමද රනිල් විධායක අගමැති කරන්න කඩේ යන්නේ. මෛත්‍රී මහත්තයෝ මතක තියාගන්න චන්ද්‍රික නෝනා අත ලෙවකන්න මීයක් කඩන්නේ නෑ. මම කොහොමත් මහින්දට ඡන්දෙ දෙන්නේ නෑ කියල තමා හිටියේ. හැබැයි වෛරය වපුරන මෛත්‍රීට වඩා මහින්ද හොඳද මන්ද.(අ)
ගෙදර භාර්යාව එක්ක ප්‍රශ්න තියෙනවනම් අල්ලපු ගෙදර නෝනට එකතු වෙනවා වගේ දෙයක්නේ මේක. (අ)
දිගු ගමනකට ඔබට ජය! (නි)
අට වෙනදාට මිනිස්සු තීරණය කරයි (දී)
ආණ්ඩුවට අර්බුදය තිබුණේ කිහිප දෙනෙකුගෙනුයි. දැන් ඔබතුමාගේ පිල්මාරුව නිසා පැනීමට සූදානම්ව සිටි ඉතිරි පිරිසද අද මඩේ හිටවපු ඉනි වගේ. (නි)
ඔබතුමා ගැන ආඩම්බරයි (දී)
පේන හැටියට ලොකු අර්බුදයකට මුහුණ දී තියෙන්නේ පොදු අපේක්ෂකයා තෝරපු කට්ටියටයි. බටකොළ ආච්චිගේ කපු කමට කරා ඇරෙන්න. කොන්ද පනතියෙන එකෙක් වත් නැහැ හරියට ජනාධිපති රාජපක්ෂ මහතා සමග තරග කරන්න. ඒ ටිකම ඇති අපිට මේ පාරත් එතුමාවම පත් කරගන්න. (අ)
ඔබතුමාට ජයවේවා (දී)
මෛත්‍රීපාල මැතිතුමා, ඔබට ජයවේවා!! (නි)