
(අංජුල මහික වීරරත්න)
ආණ්ඩුව රට ගොඩගන්න හදන විට වෘත්තිය සමිති අරගල කර රට ආපස්සට ඇදීමේ උත්සාහයක නිරත වන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය .
වෘත්තිය සමිතිවලට අවශ්‍යව ඇත්තේ දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීමට බව ද වෘත්තිය සමිතිවල පදනම් විරහිත වැඩ වර්ජන හේතුවෙන් ආර්ථික අර්බුදය විසඳීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙල කඩාකප්පල් විය හැකි බවද අමාත්‍යවරයා කීය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග කීවෙි ගම්පහ, සීදුව, නැගෙනහිර මූකලන්ගමුමෙි නව බහුකාර්‍ය ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කප්පම් කාරයින්ගෙන් කොමිස් අරගෙන ලියන කෙනෙක් වගේ... මොකද සතියට දෙපාරක් වත් මෙයාගේ කතාවක් දානවා.
මෙතන තවත් හදන්න දෙයක් ඉතුරු වෙලා නැහැ ! අනිත් හොරු ටිකත් අරගෙන තොලොන්චි වෙලා පලයව් ! ! !
අයියෝ රජය මොකටද වෘත්තීය සමිති වලට බයේ දඟලන්නේ. පාර්ලිමේන්තුවට පනතක් ගෙනල්ලා අහෝසි කරලා දැම්ම නම් ඉවරයි. එහෙම බැරිනම් ජනතාවට තීරණය දෙන්න ඡන්දයක් තිබ්බ නම් ඉවරයි වෘත්තීය සමිති ඕනිද එපාද කියලා. බණ්ඩාරණායක කියන පුද්ගලයා තමයි ඔය වෘත්තීය සමිති නීතිය සම්මත කරලා රට කෑවේ.
මොනවද මේ කතා? ඉතාම හොඳින් තිබුණ රටක් මෙවන් මූසල තත්ත්වයට ඇද දැමුවේ කවුද?
මේ ආණ්ඩුව තමයි රට මේ තත්ත්වෙට පත්කරේ. උඹලට නම් හොඳක් සිද්ද වෙන්නෙ නෑ.
දූෂිත පවුල් පාලනේ අය, වටේ ඉඳන් හොරාකාපු දූෂිත දේශපාලුවන් රටම හොරාකාලා කාබාසීනියා කෙරුවා. ගොඩගන්න රටක් ඉතුරුවෙලා තියෙනවාද? කප්පම්කාරයින් කියන දේවල් කවුද විශ්වාස කරන්නේ...?
පවුල් පිටින් දේසපාලනෙන් හොරා කාලා බඩවඩා ගත්තු තමුන් වගේ දූෂිතයෝ රටම හොරාකාලා විනාශ කෙරුවා .උන් ඔක්කොම සදහටම සෙත්තපෝච්චි වෙලා ගිය දවසකට රටම ගොඩ .
ගොඩනැගිලි ජනතා අයිතියට පත් කරන්න දේශපාලන කබ්බෝ ඕනෙමද? ගොඩනැගිල්ලේ ඉදිකිරීම් වියදම ඒ කබ්බාගෙ ගානෙද?
එහෙනම් හොටු පෙර පෙර අන්ඩන්නෙ නැතුව වෘතීය සමිති සියල්ල තහනම් කරල දාන්නකො.