බන්ධනාගාරයේ ජංගම දුරකථන භාවිතය අවහිර කරන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති ඩී.එම්.ස්වාමිනාදන් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
දැනට වැලිකඩ ක්‍රියාත්මක මෙම ක්‍රමය සෙසු බන්ධනාගාරවලටද දීර්ඝ කරන බව ඔහු කීය.
බොහෝ සිරකරුවන් අයථා මාර්ගවලින් ජංගම දුරකථන පාවිච්චි කිරීම බරපතල ප්‍රශ්නයක් බැවින් නොයෙකුත් අපරාධවලට හේතුවක් බව බන්ධනාගාර ආරංචි කියයි.
මුදල් ඇමැති රවී කරුණානායක මහතා පැවසූයේ පාර්ලිමේන්තු සභා ගැබේ ජංගම දුරකථන පාවිච්චි කිරීම අවහිර කිරීමේ ප්‍රශ්නයක් නැති නමුත් පාර්ලිමේන්තු මන්දිරයේ ඇතැම් තැන්වල සිට ඇමතුම් ගැනීමට නොහැකිවීම ගැටළුවක් වන හෙයින් ඊට පිළියම් යොදන ලෙසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වැඩේ කරන්න තිබුනේ මීට බොහෝ කලකට පෙර. හොරෙන් ඇතුලට අරන් එන ජංගම දුරකථන මගින් සමහර රැඳවියන්, ඔවුන්ගේ අයතා ක්‍රියාවල මුලස්ථාන බවට සිරගෙවල් පත් කරගෙන තිබෙන බව කවුරුත් දන්නා රහසක්. (ර)
ඔය වගේම හිර ගෙදරට ආහාර ගෙනෙන්න දෙන එකත් නවත්වන්න. හිර ගෙදරට කුඩු එන එකත් නවතියි. (ර)
දැන් ඉතින් සිපිරි ගෙවල්වල ඉන්න රැඳවියන්ට පොල්සම්බෝල එක්ක පාන් කනවා වෙනුවට, සුපිරි ගෙවල්වල කනවා වගේ ජෑම් එක්ක පාන් කන්න අවසථාවක් ලබාදීම ගැන ඔවුන් රජයට ස්තුතිකරන්න ඕන. නියම අලුත් අවුරුදු තෑග්ගක්. (අ)
අහන්ට ලැබුණු පලවෙනි හොඳ ආරංචිය මේ ආණ්ඩුවෙන්. (ර)