IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘ආණ්ඩුව දැන් ව්‍යවස්ථාවෙනුත් රිංගනවා‘

‘අද භාණ්ඩ වල මිල අහස උසයි. අවුරුදු කාලේට ජනතාවට සහන දෙනවා වෙනුවට ඇමැතිවරුන්ට අවුරුද්ද කන්න තෑගි පත්වීම් දෙනවා‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (07) බත්තරමුල්ල පැලවත්ත පක්ෂ කාර්යාලයයේ මාධ්‍ය හමුවක දී පැවසීය.

‘මාසයකට දෙවරක් විතර විටින් විට ඇමති මණ්ඩලය වැඩි කිරීමේ කාර්ය ආණ්ඩුව කරගන්න යනවා හිතුමතේ. ඇමැති මණ්ඩලය හරියට කාලගුණය වගේ නිතර වෙනස් වෙනවා. මේ ආණ්ඩුවට ජනතාව දුන්  ජනවරමට එරෙහිව කටයුතු කරනවා. මහින්ද ආණ්ඩුවත් බලය තහවුරු කර ගැනීම සඳහා මේ වගේ දේ කළා. මහින්දගේ ආණ්ඩුව ඇමැති මණ්ඩලය 100 පැන්නා. ඒ නිසා තමන්ගේ බල අරමුණු සදහා රටේ ඇමතිවරුන් වැඩි කරන්න එපා. රටට ඇමැති මණ්ඩලයක් ඕනෑ රට සංවර්ධනය කරන්න. දැන් ඇමැතිවරු 92 යි. 19 ව්‍යවස්ථාවේ 46/1 වගන්තියේ ඇමති මණ්ඩලය 30 යි. ඇමතිවරු හා රාජ්‍ය ඇමතිවරු සමග 40ට වැඩිවෙන්න බැහැ කියා තිබෙනවා. ආණ්ඩුව දැන් 19 ව්‍යවස්ථාවෙනුත් රිංගලා යනවා‘ යැයිද ඔහු පැවසිය.

JVP-_press_201647



අදහස් (0)

‘ආණ්ඩුව දැන් ව්‍යවස්ථාවෙනුත් රිංගනවා‘

ශානක Thursday, 07 April 2016 12:41 PM

මේ මහත්වරු කාලෙන් කාලෙට එක එක ඒවා කියනවා. අපි ගොන්නු කියලා හිතන්න එපා මේවා කියලා.(හේ)

:       0       0

හේමන්ත Thursday, 07 April 2016 01:13 PM

දිලිප් ,මේවා කට කහනවට කියපු දේවල් නොවේ. නිමා කරනු මිස ඇති වැඩ තමා හට පමාවට කරුණු මට උවමනා නැත. යුද්දේ කරනකොට ඇමරිකාවත් පැවතුන රජය හිරකරපු හැටි ඔබට අමතක වෙලා වගෙයි. නමුත් යුද්දේ අවසාන වුණා. බුද්ධියට ඉඩ දෙන්න. මෝහය හිර කරන්න. (බ)

:       0       0

දිලිප් Thursday, 07 April 2016 07:53 AM

පවතින දේශපාලන වාතාවරණය අනුව පවතින ආණ්ඩුවටද කෙලින් කටයුතු කිරීමට නොහැකි වන සේ හිර කරන පිරිසක් සිටීම තුල උද්ගත වන මෙම තත්වයන්ගෙන් පිඩනයට පත් වන්නේ ජනතාවමය.මේ තත්වය තේරුම් නොගත් අය පටු අරමුණු උදෙසා කටයුතු කරන අය වෙනුවෙන් තවමත් කතා කරති. වැළපෙති. (බ)

:       0       0

දුමින්ද Thursday, 07 April 2016 08:38 AM

බලමු අපි ඊලඟ පාරවත් ඔබ තුමන්ලාව බලයට ගේන්න.(හේ)

:       0       0

ලසිත Thursday, 07 April 2016 09:11 AM

ඔය කියන 19 තියෙනවා ජාතික ආණ්ඩුවකට අදාලව ඇමතිවරු ගාන පාර්ලිමේන්තුවෙන් තීරණය කරනවා කියලා. කොහොම වුනත් අපි ඉවසන්නේ අලුත් ව්‍යවස්ථාව සම්මත කරනකන් විතරයි. ඉන් පස්සෙත් මේ වැඩේ වුනොත් වෙන දේ බලා ගන්න පුළුවන්.(හේ)

:       0       0

නලින් Thursday, 07 April 2016 09:29 AM

කෝ අර රතු අලියා (අ)

:       0       0

රත්නායක Thursday, 07 April 2016 09:44 AM

ඇමැති කමක් ගත්තොත් නරකද?(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 697 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site