‘අද භාණ්ඩ වල මිල අහස උසයි. අවුරුදු කාලේට ජනතාවට සහන දෙනවා වෙනුවට ඇමැතිවරුන්ට අවුරුද්ද කන්න තෑගි පත්වීම් දෙනවා‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (07) බත්තරමුල්ල පැලවත්ත පක්ෂ කාර්යාලයයේ මාධ්‍ය හමුවක දී පැවසීය.
‘මාසයකට දෙවරක් විතර විටින් විට ඇමති මණ්ඩලය වැඩි කිරීමේ කාර්ය ආණ්ඩුව කරගන්න යනවා හිතුමතේ. ඇමැති මණ්ඩලය හරියට කාලගුණය වගේ නිතර වෙනස් වෙනවා. මේ ආණ්ඩුවට ජනතාව දුන් ජනවරමට එරෙහිව කටයුතු කරනවා. මහින්ද ආණ්ඩුවත් බලය තහවුරු කර ගැනීම සඳහා මේ වගේ දේ කළා. මහින්දගේ ආණ්ඩුව ඇමැති මණ්ඩලය 100 පැන්නා. ඒ නිසා තමන්ගේ බල අරමුණු සදහා රටේ ඇමතිවරුන් වැඩි කරන්න එපා. රටට ඇමැති මණ්ඩලයක් ඕනෑ රට සංවර්ධනය කරන්න. දැන් ඇමැතිවරු 92 යි. 19 ව්‍යවස්ථාවේ 46/1 වගන්තියේ ඇමති මණ්ඩලය 30 යි. ඇමතිවරු හා රාජ්‍ය ඇමතිවරු සමග 40ට වැඩිවෙන්න බැහැ කියා තිබෙනවා. ආණ්ඩුව දැන් 19 ව්‍යවස්ථාවෙනුත් රිංගලා යනවා‘ යැයිද ඔහු පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මහත්වරු කාලෙන් කාලෙට එක එක ඒවා කියනවා. අපි ගොන්නු කියලා හිතන්න එපා මේවා කියලා.(හේ)
දිලිප් ,මේවා කට කහනවට කියපු දේවල් නොවේ. නිමා කරනු මිස ඇති වැඩ තමා හට පමාවට කරුණු මට උවමනා නැත. යුද්දේ කරනකොට ඇමරිකාවත් පැවතුන රජය හිරකරපු හැටි ඔබට අමතක වෙලා වගෙයි. නමුත් යුද්දේ අවසාන වුණා. බුද්ධියට ඉඩ දෙන්න. මෝහය හිර කරන්න. (බ)
පවතින දේශපාලන වාතාවරණය අනුව පවතින ආණ්ඩුවටද කෙලින් කටයුතු කිරීමට නොහැකි වන සේ හිර කරන පිරිසක් සිටීම තුල උද්ගත වන මෙම තත්වයන්ගෙන් පිඩනයට පත් වන්නේ ජනතාවමය.මේ තත්වය තේරුම් නොගත් අය පටු අරමුණු උදෙසා කටයුතු කරන අය වෙනුවෙන් තවමත් කතා කරති. වැළපෙති. (බ)
බලමු අපි ඊලඟ පාරවත් ඔබ තුමන්ලාව බලයට ගේන්න.(හේ)
ඔය කියන 19 තියෙනවා ජාතික ආණ්ඩුවකට අදාලව ඇමතිවරු ගාන පාර්ලිමේන්තුවෙන් තීරණය කරනවා කියලා. කොහොම වුනත් අපි ඉවසන්නේ අලුත් ව්‍යවස්ථාව සම්මත කරනකන් විතරයි. ඉන් පස්සෙත් මේ වැඩේ වුනොත් වෙන දේ බලා ගන්න පුළුවන්.(හේ)
කෝ අර රතු අලියා (අ)
ඇමැති කමක් ගත්තොත් නරකද?(හේ)