‘ආණ්ඩුව හදන්නේ දණ්ඩ නීති සංග‍්‍රහය සංශෝධනය කරලා ජාතිකවාදය වෙනුවෙන් කැපවෙන පිරිස්වලට ‘මුඛවාඩම් බඳින්න‘ යැයි අද(15) බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එහි ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා පැවසීය.
‘දණ්ඩ නීති සංග‍්‍රහය සංශෝධනය කිරිමේ පනත් කෙටුම්පතක් සහ ඊට අනුරූපීව අපරාධ නඩු විධාන සංග‍්‍රහය සංශෝධනය කිරිමේ පනත් කෙටුම්පතක් ඒ අනුව ඉදිරිපත්ව තිබෙනවා. මෙහි 15 වන පරිච්ඡේදයේ 290 වගන්තියේ සිට 291 ආ වගන්තිය දක්වා ආගමික, වාර්ගික හා ජාතික අසමගියට එරෙහිව ගත හැකි ප‍්‍රතිපාදන ඇතුළත් වෙනවා. යම් ආගමකට එරෙහිව සිදු කරන ක‍්‍රියාත්මකවීම. යම් ආගමික ස්ථානයකට බලහත්කාරයෙන් කඩා වැදීම, ආගමික ස්ථානයක අශෝභන ලෙස හැසිරීම, ආගමික ස්ථානයක් අශූද්ධ කිරීමට කටයුතු කිරීම ආදී ඕනෑම කරුණකට එරෙහිව කටයුතු කිරීමට ඉහත වගන්තිවලින් ප‍්‍රතිපාදන සලසා තිබෙනවා. එසේ තිබියදී තමයි මේ නව සංශෝධනය රැගෙනවිත් තියෙන්නේ.‘ යැයි සමරවීර මහතා කීවේය.
‘දණ්ඩ නීති සංග‍්‍රහයේ 291ඇ. වගන්තිය ලෙස බලාත්මක කිරීමයි මේ සංශෝධනයෙන් සිදු වන්නේ. භාෂිත, ලිඛිත හෝ කියවීමට අදහස් කරනු ලැබූ වචනයෙන්, හෝ සංඥාවලින්, හෝ දැකිය හැකි නිරූපණවලින්, හෝ අන්‍යාකාරයෙන්, ජන කොටස් අතර හෝ වෙනස් පන්තිවල තැනැත්තන් අතර හෝ වෙනස් වාර්ගික හෝ ආගමික කණ්ඩායම් අතර, දරුණු කි‍්‍රයා හෝ ආගමික, වාර්ගික හෝ ජාතික අසමගිය හෝ, අසන්තෝෂය හෝ, සතුරු බව ඇති කරන හෝ තැත් කරන, නැතහොත් ඊට පොළඹවන හෝ තැත් කරන යමකුට, අවුරුදු දෙකක් දක්වා කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් දඩුවම් කරනු ලැබිය යුතුය’ මෙසේ සංශෝධනය කළහොත් ලාංකීය සමාජය තුළ මෙතෙක් සිදු නොවූ ආකාරයේ ආගමික හා වාර්ගික ගැටුම් ඇති වෙලා විශාල ජාතික සහ ආගමික අසමගියක් නිර්මාණය වෙනවා. මේ වගන්තිය සම්මත වුණොත් එක් ජන කොටසක හෝ ආගමික කොටසක අසන්තෝෂයට හේතු වේ යැයි සැකයෙන් ‘මේ සිංහල අපගේ රටයි’ ගීතය ගයන්න වෙන්නේ නැහැ. එස් මහින්ද හිමියන්ගේ නිදහසේ දැහැන, නිදහසේ මන්තරය ආදී කවි පංති දරුවන්ට උගන්වන්නට සිදු වෙන්නේ නැහැ, නත්තල් කැරොල් ගීත ගායනා කරන්න වෙන්නේ නැහැ, ඇතැම් දෙමළ ගීත ගයනා කරන්න වෙන්නේ නැහැ, ඉස්ලාම් බැතිමතුන්ට යාඥා කරන්න වෙන්නේ නැහැ. පටු ජාතිවාදී, ආගම්වාදී ඇසකින් බලන පිරිස්වලට මේ වගන්තිය පාවිච්චි කරලා පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න පුළුවන් ‘ඉහත ක‍්‍රියාවලින් අපට අසන්තෝෂයක් ඇති වෙනවා’ කියලා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්ද මේගොල්ලන්ට මතක්වෙලා තියෙන්නේ? බලයේ හිටපු කාලයේ මේවා මතක්වුණේ නැහැ. (නි)
ඇත්තටම මේ යහපාලනය සනසන්න හදන්නේ කාවද? (නි)
මේ පක්ෂයේ අය දන්නවා පහරදියයුතු දුර්වල ස්ථානය මොකද්ද කියලා. (නි)
හොඳයි හොඳයි ඔහොම යමුකෝ! (නි)
පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා කියන්නේ වැරැද්දක් ඔප්පු වුණා කියන එක නෙමෙයි. අනික මෙයා මේ වගන්තියට එරෙහි නම් මෙයා කියන්නේ එහෙම අසන්තෝෂයට හේතුවන දේ කියන්න දෙන්න කියලද? තත්ත්වය පැහැදිලියි අපිට නම්. (නි)
චන්ද්‍රිකා බුද්ධාගම විෂය නැති කරන්න හදනවා. ආණ්ඩුව 'සිංහල' නැති කරන්න හදනවා. සිංහලයාට මෙතරම් කෙනහිලි ඇයි ? අපි කාගෙවත් අත පල්ලෙන් වැටිලද ? (බ)
ආගම් වලට මුවා වෙලා ත්‍රස්තවාදය පතුරන අයට විරුද්ධව කතා කරන අයට මුඛවාඩම් බැඳීම තමයි මේකන් වෙන්නෙ (ම)
ආණ්ඩුව කොච්චර කල් දුවාවිද දන්නේ නැහැ මේ විදියට..(හේ)
මේ සංශෝදනයෙන් .....ජාතික සමගිය නැතිව යන්නේ කෙසේද කියලා දන්නා කෙනෙක් ඉන්නවා නම් පහදා දෙන්න ...එතොකොට අපිටත් ඒ ගැන දැනුම්වත් වෙන්න පුළුවන් නේ (හේ)
ජයන්ත මහත්තයෝ ඔබට වැරැදිලා.(හේ)
එහෙම නම් ආණ්ඩුවට ඕන විශාල ලේ වැගිරිමක්ද ?(හේ)
නිකන් බොරුවට දැන් කෑගහන්න එපා මහත්තයෝ.(හේ)
නියම කතාවක්! (නි)
ජාතිවාදය හිස තබාගෙන ජාතික සමඟිය ගැන කතාකිරීම විහිළු කිරීමක්ද? (නි)
හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් කියන්නේ ඔන්න ඕවට තමා. (නි)
මේ කතාව කියන්න තිබුනේ 2015 ජනවාරි මස 08 වෙනිදාට කලින්. මොකද ඔබතුමාට දැනෙනවා ඇති දැන් ගතකළ වසරක කාලය අවුරුදු ගානක් වගේ (නි)
සමන් නිවැරදියි (බ)
දැන් මේකෙන් කොහොමද රවිඳු ලේ වැගිරෙන්නේ? (නි)
දැන්නම් කතා අහලම එපාවෙලා (නි)
ඒකනේ කියන්නේ. දැන් කොහොමද ප්‍රතිපත්තිය? අපොයි සිංහලයා වැටුන වළක මහත...? (නි)
ජාතිය ගෑන කැක්කුමක් තියෙන්නේ තමනුත් පිරිසිදු එක ජාතිකයෙක් නම් (බ)
සුද්දෝ සන්තෝස කරන්න අතීතයේ එඩිතර, දැන් මෝඩ සිංහලයා බිලි දෙනවා. තව අවුරුදු පන්සියකින් එක සිංහලයෙක් බෙහෙතකට හොයාගන්න වෙන්නේ නැහැ. (බ)
දැන් ඕවා කියලා වැඩක් නැහැනේ (නි)
අනේ දැන් කතා ඇති! (නි)
මිනිසුන් අතර වෛරය පතුරුවන්නේ නැතුව සමගියෙන් සාමදානයෙන් ඉන්න බලන්න (නි)
ඔයාලගේ සමහරු නම් කියන්නේ ඔයාලා ජාතිවාදී නොවෙයි කියලනේ. ඉතින් මොකද බය ? (නි)
ඔය පක්ෂයේ ඉන්න සමහරු පරණ සහ අලුත් ගුවන් ගමන් බලපත්‍රය හඳුනන්නේ නැතිලු නේද? ඒකනේ විමලේගේ නැතිවුණ ගමන් බලපත්‍රයට වීසා ගහන්න යැව්වේ අලුත් එකක් තිබියදී. ඕවට අපි කියන්නේ රටට පරකාසේ ගෙදරට මරගාතේ කියලා. (නි)
ජාතික නිදහස් පෙරමුණ මොන ජාතියේද එතකොට? මොකද ඔයාලා ඔය "ජාතික" කෑල්ලක් පක්ෂයේ නමට දාගත්තේ ඇයි? (නි)
මෙයාලා හිතාගෙන ඉන්නේ හැමෝම මෝඩයෝ කියලා. (නි)
ප්‍රමාද වැඩි නැද්ද මේවා දැන් කියන්න? (නි)