(රංජන් කස්තුරි)
පාසල් අධ්‍යාපනය මුළුමනින්ම කඩා වැටී ඇති තත්ත්වයක් තුළ ආණ්ඩුව ජාතික පාසල් දහසක් අලුතින් ස්ථාපිත කිරීමේ සංදර්ශනයක් අරඹා ඇතැයි ලංකා ගුරු සංගමය චෝදනා කරයි.
කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව ජාතික පාසල් ව්‍යාපෘතියට පාසල් තෝරාගෙන ඇති බව ද එය අසාර්ථක ව්‍යාපෘතියකැයි ද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.
ජාතික පාසල් බවට පත් කිරීම සඳහා පාසල් තෝරාගෙන ඇත්තේ ප්‍රදේශයේ දේශපාලනාඥයින්ගේ ඕනෑ එපාකම් මත බව ද පළාත් සභා මගින් දියුණු කරන ලද නගරයේ ඇති පාසල් පමණක් තෝරා ගැනීම ගැටළු සහගත බව ද ඔහු සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එළොවටත්, මෙලොවටත් නැති කෙනෙක්...!!!
අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් නීතිය පිළිබඳ උගතෙක් සහ විශාරදයෙක්... ඒත් බුද්ධිමතෙක් නොවෙයි. එයා බැල්කනියේ ඉඳගෙන මහ පොළව අතගාන්න හදන කෙනෙක්.... ඒ නිසා ඔය විගඩම් කිරීමේදී කරුණාකරලා පාසල් පිළිබඳ ව්‍යුහ කමිටු සංග්‍රහයට අනුව කටයුතු කරන්න...
හැමදේටම විරුද්ධව කෑගහන්නේ නැතුව තමුන්ගේ යෝජනා ඉදිරිපත් කරන්න. තමුන් ගුරුවරයෙක් නේද?
ඔය කයිවාරු නවත්වා ගුරුවරු න්ට එන්නත දෙන්න කියල කෑ ගහන්න. මෙයාලට කැලේ අතපත ගානව හැර ප්‍රයෝජනවත් දෙයක් කරල පුරුද්දක් නැහැ.
අපේ නිදහස් අධ්‍යාපනය සම්පූර්ණයෙන් බිමට සමතලා කළේ අවුරුදු 70ක් තිස්සේ හිටපු ආණ්ඩු, පිට රට පාසල් ලංකාවේ හැමතැනම විවෘත කරලා ඉඩදීලා අපේ සංස්කෘතියට දිගට හරහට පහර දෙනවා. අපේ සල්ලි පිටරට යනවා. පාසල් 1000ක් හදන්න කළින් ලංකාවට එකම අධ්‍යාපන ප්‍රතිපත්තියක් හදන්න...
රාජපක්ෂලගේ හැමදාම තිබුණේ සංදර්ශන විතරයි.
මමත් ජාතික පාසලකින් ඉගෙන ගෙන තරමක් හෝ ජීවිතය ජයගත් කෙනෙක්. හොඳ දේවල්වලට අකුල් හෙළන්න එපා..
මෙයත් රතුහැට්ටකාරයින් වගේම හැමදේටම විරුද්ධ තකතීරුවෙක්නේ... හැබැයි "ගුරෙක්ලු"... හැම මොහොතේම රතු චීත්තයක් කටේ ඔබාගත්ත ගමන්මයි ඉන්නේ. "ගුරුතුමා සහ ගුරෙකුයි" අතර වෙනස දරුවන්ට කියාදීමට සහ ප්‍රායෝගිකම උදාහරණයක් තමයි මේ ගුරා...
පුත්තලම දිස්ත්‍රික්කයේ කරාදිපුවල් පාසලට පිරිසිදු ජලය සහ පිරිසිදු වැසිකිළි නැහැ. කරුණාකරලා ඒවා ටික පිළිසකර කරලා දෙන්න. ඒ අතරම සිසුන් ගොඩකරන අන්තර්ජාල නෑ.. පරිගණක නෑ. එමනිසා රූපවාහිනී නාලිකාවක් ඇරලා ළමයින්ට පාඩම් උගන්වන්න ක්‍රමවේදයක් හදන්න.
තමුන්නැහැගේ ළමයි හොඳට ඉගෙන ගන්නවා ඇති මං හිතන්නේ.. ලොකු පාසලක සර්කල් එකට අයිති ඇති. එහෙම නම් ජයවේවා...!!!