රනිල් වික්‍රමසිංහ අගමැති සමග ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි ජගත් ආර්ථික සමුළුවට ශ්‍රී ලංකාවෙන් ගිය 40 දෙනා වෙනුවෙන් දිනකට දැරූ වියදම හෙළි කරන්නැයි දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රී කොළඹ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අද පැවසීය.
රට බරපතල ආර්ථික හා මූල්‍ය අර්බුධ රැසකට මුහුණ පා ඇතැයි ද ඔහු කීවේය.
බටහිර ආයෝජකයන් නොපැමිණි හෙයින් කොළඹ වරාය නගර යෝජනා ක්‍රමය යළි අරඹන ලෙස ආණ්ඩුව චීනය ඉදිරියේ දණ ගසා ඇතැයි ද ඔහු කීවේය. ගිය රජය ඇරඹු මෙම ව්‍යාපෘතිය නව රජය දස මාසයකට පෙර නතර කළ බවද ඔහු කීවේය.
ඡායාරූප හා වීඩියෝ - ළහිරු හර්ෂණ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය කාලේ පොඩි දේවල් සඳහා රොත්ත බුරුත්ත පිටින් සිය ගණන් නඩ පිටින් පිටරට ගිහින් ජෝගි නටාපුවා, මුදල් කාබාසිනියා කරපුවා ගැන ඒ කාලේ ඇහැව්වේ නැත්තේ ඔබතුමාත් ඒ බෝට්ටුවේම හිටපු නිසා, එකට කාපු බීපු නිසා නේද ? අනේ අනිච්චං.(බ)
ආණ්ඩුව දණ ගහන්නේ ඇමරිකාව ඉදිරියේ . පිටිපස්සේ ඩයස්පෝරාව .චීන ආර්ථික බලයට බයයි .ජේආර් 77 දී රුසියන් කාරයන් යැව්වා සමනළ වැව ප්‍රොෙජක්ට් එකෙන් ඇමරිකාව සතුටු කරන්න .රනිල් අනාගතයේ ෂෝක් වැඩ ටිකක් කරාවී. (බ)
චීනය ලංකාවට යුද්දේ දිනන්න උදවු කළා, යුධ අවි ,ගුවන් යාන සල්ලි වලට හරි දුන්න. ඉතින් දණ ගහපුවහම මොකද වෙන්නේ. යුද්දයක් තිබ්බ බව හැමෝටම අමතක වෙලා. (බ)
ඔබ තුමාගේ ප්‍රකාශය හොඳයි. මේ ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන්නකෝ. (බ)
හා හා සුවිට්සර්ලන්තයට ගියේ චීනයට දණ ගහන්න .... නිකන් බොරු කියන්න එපා .. දැන් ජර්මන් කොම්පැනි හැම තැනම .. කුරුණෑගල හැම එකාම ඇහුවොත් කියන්නේ වෝක්ස්වැගන් කොම්පැනියේ වැඩ කියලා .. දැනටත් ලංකාවේ සුවිස් බැංකු වැඩ පටන් අරන් .. එ්කනේ නම හෙළිනොකර ඩොලර් ගිණුම් අරින්න පුළුවන් වෙන්නේ .. මේ ඔක්කොම රනිල් නිසා (බ)
අමෙරිකාව හා ඉන්දියාව කවදාවත් ලංකාවට ආර්ථිකව නැගිටින්න ඉඩදෙන්නේ නැහැ. පුළුවන් වුණොත් ලංකාව කැබලි තුනකට වෙන් කරලා රටවල් තුනක් හදාවි. අපේ දේශපාලුවන්ගේ ඇමෙරිකානු ගැතිබව ඉවත්කරගෙන චීනය හා සබඳතා තරකර ගතයුතුයි. තවමත් එයට ප්‍රමාද නැහැ. (නි)
40 කට ගිය වියදම් ගැන අහන්න දැන් පුළුවන්, නමුත් ගිය රජයේ දී මේ වගේ ඇහෙවුවනම් මොකද වෙන්නේ. වැරදීම බලන්නේ නැතිව හොඳ ගැනත් ඇත කරන්න පුරුදු වුනානම් අගය කරමි. (බ)
බටහිර ආයෝජනය කරනෙත් රතු මකරා (බ)
ස්ථිර සාර රාජ්‍ය ප්‍රතිපත්තියක් නැති, අය පාලනය කරන රටක් තමා ලංකාව (බ)
හොඳ කියමනක් අමා (බ)
පරාක්‍රම, ඔයා හරි (නි)
එක්සත් ජාතික පක්ෂය චීනය සමග වෙළද ගිවිසුම් අත්සන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කරන්නත් කලින්.මතකද චීන ලංකා රබර් ගිවිසුම.ඔයාට අතීතය මතක ඇත්තෙම නැත.මතකද මිග්යානා ගනුදෙනුවේ මුදල ඇසුවාම පාර්ලිමේන්තුවේදී ඔබ ප්‍රකාශ කළේ ගණන් හිලව් ප්‍රකාශ කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියා.ඔය උත්තර කොණ්ඩේ බැඳපු චිනුන්ටම හොඳයි.අනිත් හැම රටකම යුද ගුවන්යානා මිලදීගැනීම් මිලගණන් ලෝකය පුරා පත්තරවල පලවෙනවා.
අර එක කාලයක් කට්ටියක් ඇමෙරිකාවේ ගිහින් එහෙ ඉහළම ගණන්වල හෝටල් වල සැප ගන්නකොටත් මෙහෙම කතාකළාද? නැත්නම් එයාලගේ කටට කවුරුහරි ඉබ්බෙක් දාලා තිබුනද ඒ දවස්වල. (නි)
ලොව බලවතුන් අබිමුඛයේ දනින් සිට,හිඟමන් යදී අගමැතිකම රැකෙන්නට. (බ)
ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වැඩිය ලොකුයි කියලා අපේ පැරැන්නෝ කිව්වේ කට කහනවට නොවේනේ (නි)
දිනේෂ් මහතයෝ ඔයිට වඩා හොද නැද්ද අර පිට රට වල තියෙන ගිණුම් වල තියෙන සල්ලි ගැන හොයල බැලුවනම් ....ගොඩ වැඩි එතන ...(බ)
බටහිරයෝ ට්‍රිලියන ගණනින් ණය ගන්නේ චීනයෙන්. මෙයාලා චීනෙට බය වෙලා (බ)
මේ කියන විදියට දැන් ආණ්ඩුව චීනයට දණගහනවා. එතකොට ඉස්සර දේවල් මතක නැද්ද? (නි)
ඔය ආණ්ඩුවේ ඉන්නකොට ඒ කාලේ කට්ටිය ඔයිට වඩා සවාරි ගියා කියල අපි දන්නවා. අැයි ඒ කාලේ කට වහගෙන ඉදල දැන් ඔක්කොම අමතක වුන විදිහට කතා කරන්නේ? (බ)
සාරි පොටේ එල්ලිලා පාර්ලිමේන්තුවට එන එකයි, රටේ අනාගතය උදෙසා, දකුණු කොරියාව වගේ තත්වෙකට දියුණු කරන එකයි , එකක් නෙමෙයි දෙකක්. මේ වගේ මිනිස්සු හින්දා තමයි අපි තාම හිගා කන්නේ. (බ)
අපි නම් ඕවා දන්නෙ නැහැ (නි)
ප්‍රියන්ත, චීනයට බැන්න අයට දැන් චීනයට නැතුව බැහැ කියලයි කියන්නේ. අපිත් හිතුවා මේගොල්ලෝ චීනය පළාතට ගන්න එකක් නැහැ ඔක්කොම බ්‍රිටිෂ් සහ ඇමෙරිකන් බඩු ලංකාවේ තිබෙයි කියලා. බලනකොට චීනට බැන්න මේගොල්ලන්ට චීනය නැතුව බැහැ. ඇමරිකාව චීනයට කොපමන ණයද කියලා අන්තර්ජාලයට ගොස් බලාගන්න. (නි)
කුමාර, ‘මෙයාලා‘ කියලා කිවුවේ කාටද? (නි)
එහෙනම් ගිය ආණ්ඩුවේ කට්ටිය චීනය සමඟයි කියා මොරදුන්නේ මොකටද? (නි)
ළඟදීම චැනල් 5 පුංචි තිරයේ, (කෞ)
මෙතුමන්ලා ආණ්ඩු පක්ෂයේ ඉන්නකොට පාර්ලිමේන්තුවේදී කිසිම ප්‍රශ්නයකට පිළිතුරු දුන්නේ නැහැ. කෑගහලා මඩ උත්තරයි දුන්නේ. (නි)
දැන්නේ මෙතුමන්ලාගේ කටට පණ ඇවිල්ලා තියෙන්නේ මේ වගේ ප්‍රශ්න කරන්න. හොඳයි හොඳයි. (නි)
40නොවෙයි 300 ආසන්න ගණනක් ඇමරිකා ගිය ගමනේ වියදමවත් තවම අපට කිවේ නැහැනේද? (හේ)
පහුගිය කාලේ ප්ලේන් පුරෝගෙන ගිහින් ඒවා එහෙ නවත්තගෙන කට්ටිය එක්කම ගහපු ගැහිලි මෙතුමාට අමතක වෙලා වෙන්න ඇති. ඒවත් හොයා ඉදිරිපත් කළානම් තමා හොද...(බ)
දැන් චීනේ ඉදිරියේ දණ ගහනවා කියන අය එයාල පහුගිය කාලේ චීනේ ඉදිරියේ බඩගාව අමතක වෙලා (බ)
නියමයි අමා (බ)