එළැඹෙන මහ මැතිවරණයේ අගමැති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට තේරී පත් වුවද ඔහුට අගමැති වීමේ හැකියාවක් නැතැයි ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී නාත්තන්ඩියේ පී ඩී පෙරේරා මහතා කියයි.
පසුගිය ජනපතිවරණයේ දී හිටපු ජනපති පරාජය වන බවත්, මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරන බවත් කී ජ්‍යෝතිර්වේදීන් අතර ඔහු ද කෙනකි.
2010 ජනපතිවරණයෙන් සරත් ෆොන්සේකා මහතා පරාජය වන බව කී පී ඩී පෙරේරා මහතා ඔහුට හිරේ විලංගුවේ වැටීමට සිදු වන බවත්, ඉන් පසු ඔහු සරකළ අය විසින්ම නිදහස් කරන බවත් කීවේය. ෆොන්සේකා මහතාට නැතිවූ සියලු වරප්‍රසාද 2015 අප්‍රේල් වන විට ලැබෙන බව ද පීඩී පෙරේරා මහතා කීවේය. පසුගිය මාර්තු මාසයේ අග ෆොන්සේකා මහතා ෆීල්ඩ් මාර්ෂල් ධුරයට උසස් කැරුණු අතර ඔහුට අහිමිවූ විශ්‍රාව වැටුප ඇතුළු සියලු වරප්‍රසාද හිමි විය.
මෙවර මහ මැතිවරණය ගැන ලංකාදීප ‘එසැණ‘ සමග සාකච්ඡාවකට එක් වූ පෙරේරා මහතා කීවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය මේ මහ මැතිවරණයේ දී නියත වශයෙන්ම පරාජය වන බවයි.
එක්සත් ජාතික පක්ෂය තවත් පක්ෂ කිහිපයක් සමඟ ආණ්ඩු කරන බවත්, මහින්ද රාජපක්ෂ මහතාට අගමැති වීමේ කිසිදු හැකියාවක් නැති බවත් ඔහු කීවේය.
මහ මැතිවරණයේ සන්ධානයේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රභලයකු ඇතුළු ප්‍රභලයන් කිහිප දෙනකු පරාජය වන බවත් ඔහු කීවේය.
ඉදිරි මහ මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණේ බලය තරමක් වැඩි වනු ඇති බව ද පෙරේරා මහතා අනාවැකි පළ කරයි.
පෙරේරා මහතාගේ හරිගිය අනාවැකි සහ ඉදිරි මහ මැතිවරණය ගැන කළ සම්පූර්ණ සාකච්ඡාවේ වීඩියෝව පහතින්.
(විශේෂ - ඉදිරි මහ මැතිවරණයෙන් සන්ධානය ජයග්‍රහණය කරන බව කියන ජෝතිර්වේදීන් හට ද එසැණ අවස්ථාව දීමට සුදානමින් සිටී. එවැනි ජෝතිර්වේදියකු සිටී නම් [email protected] විද්‍යුත් ලිපිනයට තම ලිපි එවිය හැකිය. )
(වීඩියෝ සනත් ඩෙස්මන්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා නැතත් කම්මැලි නැතුව අපිට හොඳ තරඟයක් බලන්න නම් පුලුවන් (නි)
මේ අනාවැකි ගැන කතා කිරීමත් නිෂ්ඵල ක්‍රියාවක් (නි)
රටේ හඳහන සුමනදාස ගුරුතුමා බැලුවේ නැද්ද? (නි)
පුලුවන් නම් අගමැති කවුද කියන්න. අනික ක්‍රිකට් ගහනවිට දිනන කෙනා කියන්න පුලුවන්ද. ඒවා පුලුවන් නම් පිළිගත හැකියි (නි)
ඒ වුණාට කාටවත් පුළුවන් වුණාද මේ රටට සිදුවුණ ලොකුම විපත " සුනාමිය" ගැන අනාවැකියක් කියන්න. (නි)
මහින්ද අගමැති උනොත් හැංගෙන්න තැනක් හොයා ගන්න දැන්මම. දරු පවුල් එක්කම. (බ)
ඔය සිසිරට කියන්න මොලේ අමාරුවට බෙහෙත් ගන්න කියල. නැත්නම් පිස්සන් කොටුවට ගිහින් නවතින්න කියන්න. (බ)
මේක කියන්න ජ්‍යෝතිෂය අවශ්‍ය නැහැ මට නම්. එක්සත් ජාතික පක්ෂයට බහුතරයක් ලැබෙනවා. නමුත් බුද්ධිමත් ජනතාව හැටියට අපිට වගකීමක් තිබෙනවා රටට වැඩ ඇති පිරිසක් පත්කරන්න. මම හිතන්නේ අපි එක වතාවක් හරි ජනතා විමුක්ති පෙරමුණට අවස්ථාවක් දෙන්න ඕනෑ (නි)
මේ කියන අනාවැකි පිළිගන්න තිබුනා. මෙයා කියලා හරිනොගිය අනාවැකිත් මොනවාද කියලා අපිට කියන්න (නි)
මෙයා බොරු කියන්නේ. තමන්ගේ පුද්ගලික අදහස් ජොතිශය දඩ මීමා කර ගෙන කියන එක තමය් මේ ඇරලා තියෙන්නේ. බුද්ධිමත් පාඨකයෝ රැවටෙන්න එපා. මේවා හරියට අන්ධයෝ ගහන ගල් වගෙයි. (බ)
මම ජෝතිෂ්‍ය විශ්වාස නොකරමි. එය බොරුවකි. 1969 සිට දේශපාලන පෙරලි ආණ්ඩු හා පාලකයන් අපේ මහජනතාව ඡන්දෙන් වෙනස් කරනු දුටුවෙමි. සාත්තරකාරයෝ කරන්නේ ද සාමාන්‍ය දේශපාලන වර්තමානය හා ඉතිහාසය විග්‍රහ කර අනුමානෙට කීම අනාවැකි පමණි (නදී)
මගේ රට වාසනාවන්තයි.යහපත් දෙයක් සිදුවේවි. ජේ වී පි එකටත් හොඳ ශක්තියක් ලැබේවි.අපේ ජනතාවට මැදිහත්ව සිතන්නට හැකියාව ලැබේවා. (නි)
කස්ටිය ෆුල් ට්‍රයි එක දෙනවා නැති ජ වී පෙ රැල්ලක් හදන්න (බ)
ඔය කියන කතාව අනිවාර්යෙන් වෙනවා. දැන් අපේ රටට ඕනි වෙනසක්. මහින්ද මහත්තය නැති කළේ එයා වටේ ඉන්න අය. ඕක තමයි එතුමාගේ කරුමේ හැටි. (බ)
අවුරුදු 30ක් තිස්සේ ප්‍රභාකරන් කියන ම්ලේච්ඡයා අපේ බාල ,තරුණ , මහලු සිය දහස් ගණනකගේ මරණයේ දවස තීරණය කරනකොට මේ උන්නැහැලා කොහෙද දන්නේ නැහැ හිටියේ. ඉතිහාසය නැවත නැවතත් සිද්ධවෙනවා කියන එක නම් බොරු නෙමෙයි. රාවණා රජු පාවාදීමෙන් ඇරඹුන ඉතිහාසය ශ්‍රී වික්‍රම රාජසිංහ , කැප්පෙටිපොල සහ ගොන්ගාලේගොඩ බණ්ඩාගෙන් නතර නොවූ බව අනාගතයේ ඇතිවන පුරවැසියන් තමන්ගේ පොත්වල ලියා තබාවි. (නි)
මහින්දට බහුතරයක් ලැබෙනවා. අගමැතිකම දෙනවද නැද්ද කියන එක වෙනම ප්‍රශ්නයක් (නි)
චමි, ඇයි 71 දී පැවති රජයෙන් දුන්න හැටි අමතකද? (නි)
මටත් පුළුවන් අනාවැකි කියන්න ඔය වගේ.හරි ගියොත් හරි නැත්තන් ටික දවසක් ගිහින් අමතක වේවි... (බ)
ඕව කියන්නේ ඩොලර් වලට කියක් හම්බ උනාද මෙවර මහින්ද පහසු ජයක් අරගෙන අගමැති වෙනවා ***රනිල්ට සොරි .කොම් (ස)
මම නම් උපන්දා සිට ජිවත් වුයේ ජෝතිෂ්‍ය පවුලක , මම ඒවා විස්වාස කරන්නේ ඒවායේ සත්‍යය දැකපු නිසා , තවමත් සැබෑ ජ්‍යෝතිෂ ශාස්ත්‍රඥයන් ඉන්නවා. (ස)
ඔය ජ්‍යෝතිෂයට පෙනුනේ නැද්ද ලක්ෂ ගණනක් බිලිගත් සුනාමිය එන්න කළින් රට ඇතුළට? (නි)
මොන බොරුද? ඔය අනාවැකි මේ සැරේ වරදින්න පුලුවන්. මහින්ද මහතා තමයි අනිවාර්යයෙන් අගමැති වෙන්නේ. (නි)
දරුණු මංකොල්ලයක් මහ බැංකුවේ කරලත්, එහෙව් පිරිසක් බලයට ගෙන එන්නේ, රටේ ජනතාවගේ බුද්ධි හීන කමක් නිසා විය යුතුය. (ස)
ජ වී පෙට අලුත් රැල්ලක් හදන්න දෙයක් නැහැ. ඔවුන්ට දැනටමත් නියම රැල්ලක් ගොඩනැගී තියෙනවා මහින්දගේ පිස්සු නිසා. අනුර කුමාර හොඳ බුද්දිමත් නායකයෙක්. මේවා සමහරුන්ට හොරුන්ට ඉවසන්න බැහැ. (ස)
ජ්ව්ප් එකට ලැබෙන මන්ත්‍රී ගාන 20 ක් වෙනවනම් රටට හොදක් වේවි! (ස)
අලියා දිනන්නේ මහින්දගේ හොරු කට්ටිය ජනතාවට පිළිකුල් නිසයි. බොහෝ අලිත් පාර්ලිමේන්තුවට ඒවි. කොලඹින් අලියට 11 යි සීනුවට 3 ය්, සරත් ෆොන්සේකට 1යි, දෙමල පක්ෂයකට 1යි. මහින්ද මතයට 3 යි (නදී)
ජ්‍යෝතිෂය විසින් කරනු ලබන්නේ බෙලහීන පුද්ගලයන්ව මානසික වශයෙන් ඔසවා තබා ඔවුන්ගේ මඩිය තර කරගැනීම ලෙසයි මම නමි සිතන්නේ.අද කී දෙනෙක් මොවුන්ගේ බස් අසා කසාද බඳින්නේ නැතුව වයසට ගිහින් ලතවෙනවාද ?තුන් වන ලෝකයේ බහුතරයක් මේ අන්ධ භක්තිය වැළඳ ගන්නේ එම රටවල තිබෙන අක්‍රමවත් ක්‍රමවේදයන් මඟින් ඔවුන්ට සාධාරණත්වය හිමි නොවීමෙන් අන්ත අසරණ තත්වයට ඇද වැටීමේ ප්‍රතිඵලයක හේතුවෙනි.බුදුන්ගේ කාලයේත් මේ ජ්‍යෝතිෂය තිබී ඇති බව පේනවා.නමුත් බුදුන් කවදාවත් ඒ අනුව ක්‍රියා කරන්න කියා අනු දෙන වදාළේ නැහැ.අප්‍රමාදීව කටයුතු කරන්න කියා දේශනා කිරීම තුළින් මේ ජ්‍යෝතිෂයන් ,නැකැත් ,රාහු කාලයන් උඩු හුළගේ ගසාගෙන යනවා (නි)
හැබැයි එක්සත් ජාතික පක්ෂය තවත් පක්ෂ කිහිපයක් සමඟ ආණ්ඩු කරයි, ටික කාලයයි කැද හැලිය පෙරලෙයි විනාශ අනන්තයි පසුකාලයේදී හොද කෙනෙක් (ම)
මහින්ද ජය ගන්නවා (නදී)
හොඳයි හොඳයි අපි බලමුකෝ... (නි)
ඉන්දික තොටවත්ත මහතා නම් කිව්වේ මහින්ද ආපසු කවදාවත් දිනන්නේ නැහැ කියා. බලමු කාගේ ඒවාද හරි කියල (නදී)
මහින්ද ඇවිල්ලා යාවි.ඊළගට පළාත් සභා ඉල්ලයි.ඒකෙන් බැරිවුණොත් ප්‍රාදේශීය සභාවටත් ඉල්ලයි. තණ්හාය ජායතී ශෝකෝ! (නි)
මිට පෙර නිවැරදිව අනාවැකි පල කල ඉන්දික තොටවත්ත හා ඔබ මෙවර කියන අනාවැකි දෙකම නිවැරදි විය හැකියි. රට යන අත අනුව, අපේක්ෂකයන් හැසිරෙන අනුව අපටද එය අරුමයක්නම් නොවේ.(ම)
යහපාලට අද පටන් ජිවිත ආරක්ෂාව දෙමු. අන්ත පරාජය, ලැජ්ජාව කඩේයාම මිට හේතුව (නදී)
මහින්දගේ අලුත්ම අර්ථකථනය "හොරා" යනු "හොඳම රාජ්‍ය පාලකයා". අපරාදේ මෙතක්කල් අධිකරණයෙන් නඩු අහලා ඔක්කොම හොරු හිරේට දැම්මේ, දඩ ගැහුවේ. ඒ ගොල්ලෝ ඔක්කොම හොඳම රාජ්‍ය පාලකයෝනේ. මේ ගොල්ලෝ වචන පෙරළන්න හරිම දක්ෂයි. කන්න ඕනෑ වෙනකොට කබරගොයා තලගොයා කරනවා. ඔහොම තමයි ජනතාව රවටන්නේ. ඡන්දදායකයා ගොනාට අන්දන්න හදන්නේ. ඔය වගේ අය රටේ නායකයා කරන්ට තවදුරත් අපි මෝඩයෝ වෙනවද? ජාතියෙන් සමාව ඉල්ලනවා බලයේ ඉන්නකොට හොරුන්ව ආරක්ෂා කළා හොරුන්ට දඬුවම් කළේ නැහැ කියලා. (නි)
රටේ වත්මන් තත්වය නිරන්තරයෙන් අධ්‍යනය කරගෙන ඉඳල අනුමානයෙන් කරන කියුම් තමයි ඔය උදවිය කරන්නේ (ම)
මෙන්න තවත් ජන්ද ප්‍රතිඵලයක්(නදී)
මේ පුවත් පතෙහි මේ හදහන් බලන කෙනාගේ ලිපිනය කරුණාකර පලකරන්න (නදී)
දැන් මිනිස්සුන්ව ඔය බොරුවලින් රවට්ටන්න බෑ.... මේ 21 වැනි ශතවර්ෂය ...(ම)
මම නම් මොන පාටකවත් කන්නාඩියක් දාගෙන නොබලන නිසා මේ ගොල්ලන්ව හොඳට පේනවා. හුගක් අපේ අයට මොනවා වෙලාද මන්ද. ඒ ගොල්ල දිනයි. අපි පරාද වේවි. (ස)
ඒකාලෙ කව්රුත් කීවෙ අයෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරද්දන්නත් බැහැ මහින්ද රාජපක්ෂ මහතාගෙන් පසුව එන්නෙත් ඔහුගේ දෙවන පුතා කියලත්. සියල්ල සිතූ විධියටම සිදු උනාද? නැහැනේ. එහෙම නම් ඔය කියන කියමන් සියල්ලටම පොදු ධර්මතාව ඒක තමා. (නදී)
හැමෝම දනන දෙයක්නේ පෙරේරා අන්කල් කියල තියෙන්නේ (ම)
තාමත් මිත්‍යාව හිසට ගත් පිරිසක් සිටී. (ස)
අයි දැන් මේ සාස්තර කියන්නන්ගේ පස්සෙන් දුවන්නේ මහින්ද රාජපක්ෂ මහතාට උන් දේ රනිල් මහතාටත් ඒ ප්‍රතිඵලයම ලබා දෙන්නද? අනේ හරි හොදයි. පසුගිය කාලේ ගාල්ලේ සාස්තර කාරය නිසා මහා ගිනි විජ්ජුම්බරයක් උනා කියල කවුරුත් කීව එකේ මොකද අායිත් මොවුන්ගේ සරණ පතන්නේ. මහින්දට පසුගිය කාලේ ඒ වැඩේ දුන්නාද මේ සිදුවීම හරහා.(නදී)
තමන්ට තමන්ගෙ අනාගතේ ගැනවත් දැන ගන්න බැරි මිනිස්සු අනුන්ට අනාවැකි කියනවා. ජෝතිෂ්‍ය වැදගත් ශාස්ත්‍රයක් වුවත් තමන්ගේ මතය ඒ තුළට දමා අදහස් පළකිරීම නිසා අද ජෝතිෂය විහිලුවක් බවට පත් වෙලා. (නදී)
සුමනදාස, බණ්ඩාර, මාපලගම ල සමග ජොතිශය වලපල්ලට ගියා. දැන් මෙයාල ආයේ පනදෙන්න හදනවා. වැඩක් වෙන එකක් නැහැ. ඔය කියල තියෙන එක දේශපාලන දැනුමක් තිබෙන බොහෝ දෙනෙක් අනුමාන කරන දෙයක්. (නදී)
මහින්ද අගමැති කරමු. (බ)
මහින්ද මැතිඳුට ජයවේවා (නදී)
රනිල් අගමැති වෙනවා අනිවාර්යයි (නදී)
කවුරු ඔලුවෙන් හිටගෙන කිවුවත් මහින්ද ඇතුළු හොරු රැල අන්ත පරාද වෙනවා (නි)
මේක අනාවැකියක් නොව බුද්ධිමත් ඕනෙම මනුෂයෙකුගේ චිත්ත සන්තානය තුල හට ගන්න පැහැදිලි චිත්‍රයක්. එය නක්ෂත්‍රයටත් පෙනිය යුතුයි. (නදී)
මෙතැන අදහස් පලකරලා තියන අයගේ ඡන්දය බැලුවත් මහින්ද පරාදයි නේද ? (නදී)
එ. ජා. ප. ආණ්ඩුවක් පිහිටුවනු ඇති. රනිල් අගමැති. මහින්ද මන්ත්‍රීවරයෙක් වෙයි. ඔහු කුරුණෑගලින් මනාප අංක එකට එනු ඇත.ඇමති මණ්ඩලයට පෙරමුණෙන් කිහිප දෙනෙකුත් සම්බන්ධ වෙයි.ජ.වි.පෙ. මන්ත්‍රීවරුන් 8 ක් පමණයි. ෆොන්සේකාගෙන් 2ක් පමණයි (නි)
ගිය ජනාධිපතිවරණයේදී මහින්දට ඔක්කොම මඩ ගහලත් ආසන 91 සන්ධානෙට ආවානම් මේ ඡන්දෙදි 113 ගන්න බැරි මොකද? (නදී)
ජ්‍යෝතිෂය ක්‍රියාත්මක වෙන්නෙ ලංකාවටයි ඉන්දියාවටයි විතරද කියලා අහන්න හිතෙනවා.පොදු ජනතාවගෙ ආර්ථික සාමාජමය හේතු බලපානවා ඡන්දය පාවිච්ච් කරන්න.ඒක ග්‍රහයො කරන්නෙ කොහොමද?ග්‍රහයො එක එක ඡන්දදායකයව මෙහෙයවනවද? ජීවත්වෙන්න ජ්‍යෝතිෂය අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙන්නේ පුරවැසියෙක් විදිහට රටේ පොදු නීතියට එකඟව නිෂ්පාදන ක්‍රියාවලියට දායකවීම.එහෙම නොකරන ණ රටක මිනිස්සු ඔය වගේ සාස්තරකාරයො පිටිපස්සෙ දුවනවා. (නි)
ඕන පොඩි ළමයකුට කියන්න පුළුවන් රනිල් අගමැති වෙනවා (නදී)
18 රට බාර දෙන්නේ මහින්දට (නදී)
අගෝස්තු 17 වෙනිදායින් පසු ඔය ජෝතිෂ්‍ය කොහේ සිටියි ද ? මහින්ද දිනන එක නවත්වන්නත්, අගමැති වීම නතර කරන්නත් කාටවත් පුළුවන් කමක් නැහැ. ඔහු කල එකම වරද දරුණු යුද්දය අවසන් කිරීමත් රට එක්සේසත් කිරීමත්ය (නදී)
මහින්ද රාජපක්ෂ ස්ථිරවම පරාදවෙනවා (බ)
ඔබ හරි අවුරුදු 10 නොකරපුවා දැන් ආවත් නොකරන බව ජනතාව දන්නවා පරාදයි. ඒක ස්ථිරයි. ජවිපෙ මන්ත්‍රීවරු 15-20 එනවා. (බ)
හරි හරි ..මෙයා කියපු දේවල් අපි පත්තර වලින් දැක්ක එදා ඉදල..හැමදාම කිව්වේ එක්කෝ සන්ධානේ පරදිනව .එක්කෝ මහින්ද පරදිනවා කියල.ෆොන්සේකා පරදිනවා කියල මෙයා කිව්ව පත්තර කැල්ලක් දිනේ එක්ක කියන්නකෝ පුලුවන්නම්. ඔච්චර පත්තර බලන අපිටත් හොරෙන් මෙයා අනාවැකි කියලනේ බැලුවම..ගිය පාර කරුමෙට හරි ගියා.මේවා විශ්වාස කරලා ඡන්ද දෙන මැටි මොල්ලු දැන් ලංකාවේ නැහැ..අපේ අනාගතේ රටේ අනාගතේ දකින මෙයාල කවදාවත් මෙයාලගේ අනාගතේ දකින්නේ නැහැ..ඒක තමයි අර සුමනදාස ගොයියටත් වුනේ..(බ)
ජීවත්වීමට කරන රැකියාව, වැඩිය ගණන් ගන්න එපා. (ස)
මම දන්නා විධියට මෙතුමට දුන්න මුදල ලක්ෂ 50 ක ලන්සුවක් . (ස)
අනේ මහත්තයෝ ජ්‍යෝතිශයට අපහස නොකරන්න. මොන පක්ෂයද දිනන්නේ කියල ජ්‍යෝතිශයට කියන්න බැහැ. එ්ක හරියට අන්ධයෙක් විසින් අලියෙක්ව අතපත ගාලා විස්තර කරනවා වගේ වැඩක්. (බ)
රනිල් පරදිනවා, යූ එන් පී අාසන 114 දිනනවා. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා දිනනවා අසන 5-10 ඇතුව. ජේ වේ පී දිනනවා අාසන 20. (බ)
මම ජෝතිෂ්‍ය විශ්වාස කරන්නේ නැහැ . ඒ වගේම පසුගිය වසර විසි හතරෙන් මම ලංකාවේ ගත කළේ මාස 12 කටත් අඩු ප්‍රමාණයක්. මම ලංකාවේ දේශපාලනය ගැන උනන්දුවක් දක්වනවා වගේම දේශපාලන පුවත් රජයේ /පුද්ගලික /රාජ්‍ය විරෝධී කියන තුන් පැත්තෙන්ම කියවනවා . පසුගිය ජනපතිවරණයේ ජයග්‍රාහකයා කව්ද කියන එක තිස්ස අත්තනායක මහතාට තේරුම් ගැනීමට බැරි උනාට මම තේරුම් ගත්තා. මේ මැතිවරණයේදීත් මගේ අදහස හරියටම ඉහත අනාවැකිය සමග ගැලපෙනවා. ඒක රවී බුද්ධ සිකුරු අඟහරු හෝ මීන මේෂ කටක කුම්භ මගින් සොයාගත් දෙයක් නොවේ . ලංකාවේ ඉපදී හැදී වැඩී දේශපාලනය ගැන උනන්දුවක් දක්වන නිකම්ම නිකම් පුරවැසියෙකුගේ හෘද (ආමාශ සාක්ෂිය නොවේ ) පමණයි (බ)
කමල් හරි කමල් (බ)
කවුරු මොනවා කීවත් රට වෙනුවෙන් මහින්ද රටට වැඩක් කළ එකම මිනිහා අනිත් එවුන් රට කෑවා ජවිපේ බයිලා ගහනවා (බ)
මුදලට කේන්දර බලන මොවුන් මුදලට බොරුකියන්න අකමැති නෑ (බ)
අර වරාගොඩ වගේ අපේක්ෂකයෝ දාල ගම්පහත් පරදිනවා. ඇත්තටම මහින්ද මහතය අැයි හොර මැරකම් කරන අයට මෙතරම් ආදරේ. මෙදා කොළ පාට 1, රතු පාටට 2. (ස)
2002,2004 වගේ සෞභාග්‍ය උදාවෙලා පැරදුන යු එන් පිය රට බබලවාවි. භාණ්ඩාගාර ඉදිකර ඒවායේ අස්වනු පුරවාවී. හමුදාව දිරමත් කර නැවත යුද පුහුණුව සඳහා කොටි හමුදාවක් ඇති කරාවි. මහින්ද අවොත් මැදමුලන අටු කොටු වලින් පුරවා ගනීවි. (ස)
මෙයා කිව්ව අනාවැකි ටක්කෙට හරිගියා මේකත් ෂුවර් එතකොට ඔය පිවිතුරු යහපාල ලාට වෙන්නේ ඔලුව මඩේ ගහගන්න මේ ඡන්දෙ මහින්ද පැරදුනාම පිවිතුරු යහපාල අකුලන් යනවලු (බ)
ලොක්කට ඩොලර් වල රහ වැටිලා වගෙයි (නදී)
පෛතගරස් ප්‍රමේය වත් දන්නේ නැති උන්නැහේලගේ විද්‍යාව. අවිද්‍යාවක් මහින්ද මහතා දිනනවා මගේ ජෝතිශයේ තියෙන්නේ එහෙමයි. (ස)
මෙන්න තවත් කෙනෙක් අනාවැකි කියලා... (නි)
ඡන්දයක් කිට්ටුවෙනකොට එලියට බහින සාස්තර කාරයෝ කාගේ කවුද කියල හිතා ගන්න පුළුවනි. 17 වෙනිදාට සන්ධානය දිනුවට පස්සේ , අර සුමනදාස මහත්තයා වගේ, තිබුණු ආණ්ඩුවට බයේ මම බොරු කිව්වා කියයි. (බ)
මහින්දට තිබුණ වැදගත් ඡන්ද අහිංසක මිනිහෙකුට ගහල නැති කර ගත්ත. දැන් ඕන අයිය කෙනෙකුට අනාවැකි කියන්න පුළුවන්. (අ)
මේ ප්‍රතාචාර දිහා බැලුවම පේනවා අපේ රටේ මිනිස්සු මොන තරම් අද්බුත දේවල් විස්වාස කරනවද කියල. අපි හඳට යනවා ඉක්මනින්. (අ)
මේවට ඉතිං ලග්න ඵලාපල ඕනේ නෑ. අලියා දිනයි කොහොමත්. හැබැයි කෑ ගහන තරම් ආසන එන එකක් නෑ. ගානට 113 හදාගන්න පුළුවන්. බොහෝ දුරට 2001 ප්‍රථිඵලය ළඟින් යයි කියලයි මට හිතෙන්නේ. ජ.වි.පෙ.ට ආසන 10-15 ත් අතර එයි කියලයි මගේ විශ්වාසය. දෙමළ සන්ධානෙටත් ආසන 2ල 3ක් හරි අඩුවෙයි අර ස්වාධීන කණ්ඩායම් නිසා. කොළඹින් එ.ජා.පෙ.ට ආසන 10ක් එන්න ඉඩ තියෙනවා. සන්ධානෙට බොහෝ දුරට 6ක්. හැලෙයි කියලා බයට තමා දුමින්දට දුන්නේ නැත්තේ. (බ)
පිවිතුරු යහපාල මහත්තය කොහොමත් බබා කියල අපි දන්නවා..රාජපක්ෂට මුට්ටිය අල්ලනවා ඇරෙන්න වෙන දෙයක් අපි දැක්කේ නෑ මහත්තයෝ.......ඔච්චර නිවටයෙක් වෙන්න එපා.....(බ)
මේ පී ඩී පෙරේරාගේ වීඩියෝ එකට තියන ප්‍රතිචාර දැක්කම පේනවා අනාවැකිය සර්ථකද නැද්ද කියල, එය හරිදේ නිරතුරුව කිව්වා (අ)
මහින්ද ලොක්කත් ඕව පස්සේ ගිහිල්ල අමාරුවේ වැටුන. ඔය කියන ග්‍රහයෝ දවසින් දවස මාරු වෙනවා. මගේ කේන්දරේ හැටියට රජයේ රස්සා ලැබෙන්නේ නැහැ. මට අවුරුදු 25 දී රජයේ රැකියව ලැබුන දට පසුවදා කේන්දරේ ගිනිතිබ්බා (බ)
මටත් කියන්න පුළුවන් ස්ථිරවම මෙවර පචයෝ පරදිනවා මහින්ද පුර්ණ ජයක් ගන්නවා එ්ක සිකුරුයි (නදී)
මෙයාගේ කිව්වා දේ හරි. එත් ජවිපෙ ගැන කිව්ව දේ වැරදියි. (බ)
ඔහුගේ ජ්‍යොතිෂ්‍යයවත් නොදන්නා ඩොලර් වලට කහින මෙවැනි පුද්ගලයන් බිහිවීම රටටම අභාග්‍යකි. අනාදි කාලයේ සිට පැවත එන ජෝතිස්‍ය, දේශපාලන වාසි ගැනීමට තරම් අඩු තක්සේරුවකට ඇද දැමීමේ ඉතා පහත් ක්‍රියාවක් මොහු විසින් කල බව පැහැදිලියි. ඒ අවට දේශපාලන හස්තයක්ද පැහැදිලිවම ඇති බව පෙනේ. මෙවැනි කුහක මිනිසුන් රට , ජාතිය විතරක් නෙමේ ඔවුන්ගේම අනන්‍යතාවය පවා පාවා දෙන්නෝ බව බුද්ධිමත් ජනතාවට පැහැදිලිය. ජ්‍යෝතිෂය දේශපාලනයෙන් මුදවා ගැනීමට බලධාරීන් වහාම පියවර ගත යුතුය.(නදී)
මේ අයට තවමත් ලැජ්ජාවක් නෑනේ........
රැල්ලක් ඇතිකරන්න දෙයක් නැහැ මෙවර ජවිපෙ අනිවාර්යෙන්ම 15-20ක් අතර මන්ත්‍රී ආසන ගණනක් ගන්නවාමයි, තවමත් මේ රටේ මිනිස්සු සුවිශේෂී තත්වයක් වුනු 88-89 කාලය ගැන හිතල ජවිපෙට ගහනවා. එත් ගෙවීගිය අවුරුදු විසිපහක කාලය තුල අනික් සැම පක්ෂයකම අය දුෂණ, වංචා, මිනීමැරුම්, නිමක් නැතුව කරද්දීත්, ජවිපෙ නිවැරදි තැනක හිටියා, මමත් පුද්ගලිකවම 89 කාලයේදී ජවිපෙ ඇතුළු කණ්ඩායම් වලින් පීඩා වින්ද කෙනෙක්, එත් දැන් මම ජවිපෙට ගරු කරනවා ඔවුන්ගේ වැදගත් රට වෙනුවෙන් කරන කැප කිරීමට, අපි කව්රුත් ඔවුන්ට උදව් කලයුතුයි. (අ)
ජේ වී පි එකට රැල්ලක් තියෙනවා කියල පෙන්නන්න කට්ටියක් ගොඩක් දුක් විදගෙන උත්සහ ගන්නවා කියල පේනවා..ඒ කියන්නේ මංගල මහත්තයව කට්ටිය කොපි කරලා මංගල තියරිය දාල බලනවා..අනේ හොදයි..ඔහොම්මම අන්තර්ජාලෙන් ඡන්දෙ කරලා බලන්නකෝ (බ)
එක්සත් ජාතික සන්දානයට ඡන්දය දෙන්න ඉස්සෙල්ලා ප්‍රභාකරන්ට යුද්ද කරලා කරගන්න බැරි වෙච්ච දේ මේ ගොල්ලෝ බන්දේසියේ තියල දෙන්න හදන්නේ. ලංකික ජනතාවෙනි ඡන්දය දෙන්න ඉස්සෙල්ලා එ්ක පොඩ්ඩක් මතක් කරගත්තොත් හොඳයි. මෙතන ප්‍රශ්නය මහින්දවත් රනිල්වත් මෛත්‍රීපාලවත් නොවෙයි රට බෙදෙන්න ඉඩදෙනවද නැද්ද කියන එකයි(නදී)
ජෝතිෂය යනු උතුම් විෂයයක්ත මේම විෂය සෘෂිවරුන් විසින් ලෝකයට දායාද කළේ මනුෂ්‍යයාගේ යහපත උදෙසාය. සෘෂිවරුන් විසින් මෙම ශාස්ත්‍රය බාවීතා කීරිමේදී පිළිපැදිය යුතු වෘත්තීය අචාරදර්ම හන්දුන්වාදී ඇති අතර ඒවා උපසංහාරවිදි ලෙස දක්වා ඇත. යමෙක් මෙම උපසන්හාර විදි වලට පටහැනිව කටයුතු කරන්නේනම් ඔහු නක්ෂත්‍ර සුචකයකු ලෙස හංදුන්වාදි ඇති අතර ඔහුටත් ඔහුගේ පවුලේ අයටත් බරපතල විපාකවලට මුහුණදීමට සිදුවනවා පමණක් නොව අවසානයේ නරකයේ දුක්විදීමට සිදුවනබවත් ශාස්ත්‍රයේ පැහැදිළිව දක්වා ඇත. එසේනම්"මහාර්ෂි' පරාසර තම ශිෂ්‍ය මෛත්‍රී හට ජ්‍යෝතිෂය ඉගැන්වීමේදී දි ඇති උපසංහාරවලින් කොටසක් දක්වමි. රජුන්ට අනාවැකි කිමේදී රහස්‍ය බාවය රැකිය යුතුය."රටක් සමාජයක් දෙපිල බෙදි සිටිනවිටක හා යුද කෝලාහල සම්බන්ද අනාවැකි ප්‍රසිද්දියේ නොකිව යුතුය. කෙනෙකුගේ ජන්ම පත්‍රයක තොරතුරු පනසේ රැකිය යුතුය. වරදාන වාසි වෙනුවෙන් පක්ෂග්‍රාහිව අනාවැකි නොකිව යුතුය. මේ ඉර්ෂිබාෂිත වලට ගරු නොකරණ කාටකාටත් සිදුවුනු දේ හා අත්වන ඉරණමට නිදසුන් එමටය. (නදී)
මහින්ද පරදිනවා සිකුරුයි (නදී)
ඔව් ඉතින් මහින්ද දිනුවාට පස්සේ බැරියෑ අනෙක් හරිය... (නි)
ඒ වාගේම තව අවුරුදු 10 කින් අපේ රට දියුණුවුණු රටක් බවටත්, ඉන්දියාව,බංගලාදේශය වගේ රටවලින් ශ්‍රමිකයන් ගෙන්වන රටක් බවටත් රනිල් මහතා පත්කරාවි (නි)
චමී ආයෙත් පෙර පාසලේ ඉඳලා පාසල් ගියා නම් බලයක් ලැබූ පුද්ගලයින්ගේ හැසිරීමයි බලයක් කවදාවත් නොලැබූ පුද්ගලයින්ගේ කියමනුයි සන්සන්දනය කරන්න යන්නේ නැහැ. (නි)
මේ අනාවැකිය හරි කොළ පාට ආණ්ඩුවක් බිහිවෙනවා. ජනතා විමුක්ති පෙරමුණත් ආසන 14ක් පමණ ලැබෙනවා. සන්ධානය පරදින්නේ අනුර ගේ දක්ෂ තාවය නිසයි, පක්ෂය ඇතුලේ ඇති ගට්ටන නිසයි. (බ)
මානෙල්, ඔබගේ අදහස හරියටම හරි (නදී)
මා පුද්ගලයෙකුව දෝෂ දර්ශනයට ලක් කළේ නැහැ. ජෝතිෂ්‍ය කියන්නෙ පට්ටපල් බොරුවක්. ඒක විද්‍යාත්මකව ඔප්පුවී හමාරයි. අළුත් තොරතුරු දැනගන්න රිචඩ් ඩෝකින්ස්ගේ පොත පත කියවන්න. මිත්‍යාවට කඩේ යාම මාධ්‍ය කලාවක් නොවේ. එය බඩගෝස්තරවාදයකි. (නදී)
ජ්‍යොතිෂ්‍යය පට්ටපල් බොරුවක් එහෙම කියන්න පුළුවන්නම් අපි මැරෙන දවස කියන්න මෝඩ මිනිස්සු (බ)
මේවා ඇහෙන කොට ලක්ෂ 58 ට දැන් ලක්ෂ 35 ක් වගේ. කට්ටියගේ පංචස්කන්ධය සලිත වෙලා යනවා ඇති නේද? (නදී)
අනේ යහලුවනේ මේ ඔක්කොම කියන්නේ බලය ලබා ගන්න කම් විතරයි. එක එක ඒජන්තවරු තමන්ගේ කෙනාව බලයට ගන්න විවිධ රගපෑම් කරනවා. මෙයාල බලන්නේ කොහොම හරි ඔවුන්ගේ කෙනාව දිනවන්න. ඔවුන්ගේ බලවතා පාර්ලිමේන්තුවට යවන්න. ඊට පස්සේ එයාලා සුර සැප විඳිනවා, අපි හැමදාම දහදුක් විඳිනවා. අපේ දේශපාලකයිනට ඡන්දෙ කාලෙට ඔබ මතක් වෙනවා. දිනුවාම ඔබව අමතක කරනවා. එබැවින් ඔබගේ රැකියාව හෝ ව්‍යාපාරය කලොත් ඔබට මුදලක් ලැබේවි. ඔබ ස්ථාවර වේවි. එමෙන්ම ඔබට සතුටෙන් ජිවත්වේවි. එහෙම නැතිව දේශපාලකයින්ට කඩේ ගියොත් ඔබ විතරක් නොවෙයි, ඔබේ දරු පවුලත් අනාතයි. අදහස තේරුම් අරගෙන කැපවී වැඩ කරන්න. ඔබ ඒකාන්තයෙන්ම දියුණුවට පත්වෙයි. ඔබට කාටවත් අතනොපා ජිවත් වෙන්න හැකිවේවි. (නදී)
රට මහින්දට! නැත්නම් රට ඉවරයි. තීරණය ඔබ අතේය. ජය වේවා! (නි)
අන්කල් ඇදගෙන නා ගන්න එපා...(බ)
ඇත්තයි මුළු රටම හඬගානා පුවත තිත්තයි කොළ පාට රටටම කළ විපත කැත්තයි උදැල්ලයි හුරු මිනිසගෙ සැපත සත්තයි හදනවා නිල් යුගයක් නැවත - See more at: http://www.ada.lk/article/86251/ඇමති-ජනක-ජනපතිට-ලියු-කවි-පෙළ#sthash.QPML90aR.dpuf
විජේසුන්දර මහතා ඇත්තටම ඉන්නේ ප්‍රංශයේද? එහෙමනම් කොහොමද ඔය පැත්තේ ජ්‍යෝතිෂයට තිබෙන තැන ? (නි)
අපේ මහින්ද රජතුමාට ජයවේවා! අනේ අනේ එහෙම නොවුණොත් අපිට වහකන්න තමයි සිද්ධවෙන්නේ.අපේ මහින්ද රජතුමාට ජය වේවා! (නි)
යහපාලට තියෙන කේන්තිය මහින්ද අගමැති වෙන්නේ නැහැ කීව්ව එකට. දැන් මහා ලොකුවට කතා කරනවා ජ්‍යෝතිෂය බොරු කියලා. ඒ කාලෙ ලංකාවේ නෙමේද හිටියේ. අර ආණ්ඩුවේ රූපවාහිනි වලට තමුන්ට කත් අදින ජ්‍යෝතිෂවේදීන් ගෙන්නලා දිනනවා කියල පරසක්වල ගැහුවා අපිට නම් හොඳට මතකයි. මේවා දිව දෙකේ කතා. (නදී)
ජේ වී පී එකට රැල්ලක් නැහැ කියල කියන්න ගන්න උත්සාහය තුලම එය තුල ගොඩනැගෙන බලය ගැන බලා ඉන්න බැරි පිරිසක් ඉන්න බව පේනවා. ඒක ඉතා හොඳ ප්‍රවනතාවක් කියල අපේ ජාතියේ මුදුන් මල්කඩක් වන අස්ගිරි මල්වතු මහානායක හිමිවරුත් ප්‍රකාශ කිරීම හොඳටම ප්‍රමාණවත්. (ස)
ජොතිෂ්‍ය සියයට සියයක් සත්‍ය නැහැ. නමුත් අපිට දැනන විදියට යුන්පි එක තමයි දිනන්නේ. (අ)
අපේ මනාපේ ජවීපට (අ)
ඔච්චර දන්නවා නම් රටට වෙන දේවලුත් කියන්නකෝ (නදී)
චානක ලොස් අැන්ජලීස්, මම අහන්න හිටපු ප්‍රශ්නය ඔයා අහල. බොහෝම ස්තුතියි. මේ අය තමයි රට කන්නේ, බොරු කිය කියා. (ස)
ජේවිපි එකට ආර්ථික දැක්මක් නැහැ. ඒ වගේම ජේවිපි එක වටේ හිටින අන්තරය කරන දේ හැසිරෙන ආකාරය අනුව ජේවිපිය තවම පරිණත නැති පක්ෂයක්. අනිත් එක වසන්ත සමරසිංහ රාජ්‍ය සේවයේ කෑම පැය බාගේ කරන කොට විරුද්ධවෙලා මිනිස්සු කුලප්පු කරන්න හදපු විදිය අනුව ජේවිපි කියන්නේ පසුගාමි පක්ෂයක්. දියුණු ලෝකයත් එක්ක යන්න ඕනේ නම් ජේවිපි එක ගොඩක් වෙනස් වෙනස් වෙන්න ඕනේ. ජේවිපි එක කියනවනම් රාජ්‍ය සේවකයට අඩුම ගාණේ පැය 4ක්වත් හරියට වැඩ කරන්න කියලා. එතකෛාට ප්‍රගතශිලියි. එහෙම කියන්න ජේවිපි එකට කොන්දක් නැහැ. ජේවිපි තවමත් ඉන්නේ 1964 ගණන් වල. මේ සැරේ ජේවිපි ඉස්සරහට එයි ටිකක්. හේතුව ජේවිපියේ දැන් ඉන්න අයට වඩා ජාතික ලැයිස්තුවේ ඉන්න මායාදුන්නේ වගේ පුද්ගලයෝ හින්දා. (අ)
ජේ.වී.පි.එකට හිටපු සෙනග අපි දැක්කා ... ආසන 10ක් අරන් පෙන්නන්නකො ... මහින්ද දිනන බව දන්නා සාත්තර පුන්චලා උපරිම උත්සාහය ගන්නවා ජනතා මානසිකත්වය බිද දාන්න ... ඔය මොනදෙකටවත් මහින්දගේ ගමන වලක්කන්න බෑ ... (ස)
මේවා ඇහෙනකොට ලක්ෂ 58ටේ කට්ටියගේ පංචස්කන්ධය සලිතවෙලා යනවා ඇති නේද? (නි)
මොන දේශපාලන පක්ෂය බලයට පැමිණියත් මගේ රට මේ ලෝකේ උතුම්ම රට බවට පත් කිරීමට හැකිවේවා යයි ප්‍රර්ථනා කරමි. "මගේ රටට දළදා හිමි සෙවනයි මගේ දැයට දළදා හිමි සරණයි සැපතින් සපිරුණ නිවහල් දෙරණයි උපතින් මා හට මේ හැම උරුමයි" (අ)
හරි ගියොත් හොදයි නේද ? (ස)
මේක මොළය තියෙන අයට තේරෙනවා. (නි)
බලමුකෝ. (ස)
අපිට මතුපිටින් පෙනෙන විදිහට කොළ පාටට ගොඩක් වසයි වගේ. මහින්ද දෙන පොරොන්දු වලින්ම ඒ බව පෙනෙනවා. රතු බලයත් වැඩිවේවි.මහින්ද මැතිතුමා මන්ත්‍රී කෙනෙක් වෙනවා ඉර හඳ වගේ විශ්වාසයි. (නි)
බලමුකෝ. (ස)
අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. වෙන්නේ ඔය ටික කියලා පුංචි ළමයාටත් තේරෙනවා (නි)
අද ග්‍රහචාරීන් ඔක්කොම වගේ බොරුකාරයෝ හොඳට සල්ලි ගරනවා .මහජනයා නොමඟ යවන්න හදනවා (ම)
සුමනදාස මහතා වගේ කේන්දර බාගෙටද බැලුවේ? (ස)
අපිත් කියන්නේ ඔය ටිකම තමයි ජවිපේ ට මන්තී ධූර 15_20 අතර ඵනවා (බ)
එතනින් එහාට රටට වෙන දේ ගැන ඔය ජ්‍යෝතිෂයට පෙනෙන්නේ නැද්ද? (නි)
අපිට ජෝතිර්වේදය ගැන දැනුමක් නැති වුනත් පොළොවේ පය ගහල සාමාන්‍ය ජනතාව අතර ඉන්න නිසා මේ අනාවැකිය නිවැරදි කියල කියන්න පුළුවන්. (බ)
ඕක කියන්න ජෞතිර්වේදියෙක් වෙන්න ඕනෙද? (ම)
පෙට්රෝල් ඩිසල් ඇතුළු අත්‍යවශ්‍ය බඩු වලින් සහගහන බදූ ගහල තාත්තල පුතාල බාප්පල ලෝකේ පූරා බැංකු පිරෙව්වා, මාලිගා හැදුවා ආයෙත් හොර පවුල් පාලනයකට රට පත් කරනවද ජනතාවට සහන දෙන චම්පික ඇමතිතුමා වගේ අයට රට බාර දෙනවද දෙසැරයක් හිතපල්ලා. අපිට තෙල් මිල අඩු කරලා සහන දුන්න චම්පික ඇමතිතුමනි, ඔබ මොන ලකුණෙන් ආවත් රටේ කොල්ලෝ කෙල්ලෝ ඇතුළු සියලු ජනතාව රතන හාමුදුරුවන්ට වගේම ඔබතුමාටත් ඡන්දෙ දෙනවා ඒක සිකුරුයි. ඔබතුමා මහින්දගේ ආණ්ඩුව අය කළ සහ ගහන තෙල් මිල අඩුකලා කියන දෙය කරන ඔබ වගේ අය රටට අවශ්‍යම මොහොත. ඔබතුමා උඩින්ම ජයගන්නවා ඔබ වැනි විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් දුඟද හමන පාර්ලිමේන්තුවකට නෙළුමක් වන බව එ්කාන්තයි (නදී)
කලින් අනාවැකි හරි ගියාට මේකනම් හරි යන්නේ නැහැ.සන්ධානයට 118 පමණ ගන්න පුළුවන්.පස්සේ ඇතුලත ආරවුල් කර ගෙන කොටස් බෙදී යන්න ඉඩ තියනවා. (බ)
මෙයාටත් සුමණදාස උන්නැහෙට වෙච්ච සන්තෑසියම වෙයිද? (නදී)
එහෙමද එහෙනම් අපි මහින්ද මහතාගේ ශ්‍රීලනිපය දිනවන්න තව උනන්දු වී වැඩ කරමු. එකතු වෙලා. අපේ රට බේරාගැනීමට එකතු වෙමු. එජාප නඩේ පරදවමු (බ)
අනිවාර්යයෙන්ම රනිල් අගමැති වෙනවා.මහින්ද ජීවිතේට ඡන්දෙ ඉල්ලන්නෙත් නැහැ. නැවත පොදු පෙරමුණක් කියල එකක් ලංකාවේ බලය පිලිබඳ සිහින මවන එකකුත් නැතිවේවි. සාමය සෞභාග්‍ය පිරි නිදහස් රටක අපිට හුස්ම ටිකක් හොඳට ගන්න පුළුවන් වේවි. (බ)
ඕව නිකම් සම්ප්‍රප්ප්‍රලාප. හරියට කියනවනම් නම් ගම එක්ක දිනයත් කියන්න. එහෙම නැතුව ආපු ප්‍රතිපලයට ගලපන්න බලාගෙන අනාවැකි කියන්න එපා. (බ)
තව කෙනෙක් සෙට් වෙලා. වෙලාවට ඕව කියලා රනිල්ගෙන් අධ්‍යක්ෂ තනතුරු එහෙම ගන්න බෑ. (බ)
මේ මනුස්සයට පිස්සුද කොහේදෝ මේවා කියල මිනිසුන්ව රවටන්න බැහැ. දිනන නිසා ඇස්වල කටු ඇනෙනවා ඇති (නදී)
ඉන්දික තොටවත්ත මහත්තය මොනවද දන්නෙ නෑ කියන්නේ. (බ)
ඔය දේ වෙනවා කියල ලංකාවේ ඕනෑම පොඩි දරුවෙක් පවා දන්නවා.. (බ)
ඔබ තුමා පරිස්සමින් ඉන්න තවම හොරුන්ගේ හොල්මන් තියෙනවා ඔබතුමාවත් ගෑනු පලහිලව්වකට පටලවන්න රටේ වංශය ලියන්න හදන ඕලෙවල්වත් පාස් නැති කෙනෙක් ලැස්ති වෙනවා කියල ආරංචි (බ)
මොරිස් මහතා, මෙහි ජ්‍යෝතිෂ්‍ය කියා දෙයක් නොමැත. නමුත් තාරකා ගණිත ශාෂ්ත්‍රය තරමක් දුරට දැකිය හැකිය, මා ජ්‍යෝතිෂය පිලි නොගත්තත් එයට ගරු කරමි. (ස)