රුපියල් බිලියන 400 ක භාණ්ඩාගාර බිල්පත් යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජය කළේ රජයේ චපල පිළිවෙත නිසා යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් සෙනෙවිරත්න මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (8) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු පැවසූයේ රජයේ සේවක පඩි නඩි ගෙවීමට මුදල් අවශ්‍ය බවට පක්ෂ නායක රැස්වීමේදී කියූ නමුත් ‘අපට සල්ලි ඕනෑ තරම් තියෙනවා. චීනෙන් සල්ලි ලැබෙනවා ‘ආදී වශයෙන් මුදල් ඇමැති රවී කරුණානායක වගාඩම්බර දොඩමින් විවාදයේ මුල සිට අග දක්වාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පහර ගැසීයැයි ඔහු කීවේය.
ප්‍රබල විපක්ෂයක සහාය පතන රජයක් ඒ ආකාරයෙන් හැසිරීම අනුමත නොකරන බව පෙන්වීම සඳහා රජයේ යෝජනාව පරාජය කිරීමට ක්ෂණික තීරණයක් ගත් බවත් ඔහු කීවේය. පක්ෂ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, මන්ත්‍රී තිලංග සුමතිපාල හා වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර මහත්වරුද පැමිණ සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත් ප්‍රේමදාස අමතිතිතුමා ජනවාරි මාසේ ඇමති පඩිය නොගෙන හිටියා වගේ ඇමතිවරු සියලු දෙනාම තම වැටුප් භාණ්ඩාගාරයට බැරකරනවා නම් භාණ්ඩාගාර බිල්පත් විකුණන්න උවමනාවෙන එකක් නැහැ (නි)
පනින සිරි නම් ක්ෂණික තීරණ වලට දක්ෂයි නේද? (නදී)
තව ටික දවසකින් බලන්නකෝ දැනටම නය පොලිය වැඩිවෙන බව පේනවා (නදී)
සියලුම් වැඩ නවතා දැන් පඩි ගෙවන්නත් බැරි වෙලා ද?
තවමත් අපේ අයට තේරිලා නැහැ. තව ටික කාලයක් යයි තේරෙන්න. හැබැයි එතකොට පමා වැඩියි (නදී)
ආණ්ඩුව කට වරද්දා ගත්ත විතරක් නොවෙයි, පස්ස පැත්තත් හිර කරගෙනලු. දැන් තටමන්න පටන් අරන් (නදී)
ජෝන් බාස් ලබන ඡන්දෙන් පරදිනවා. (ස)
පසුගිය රජයේ අත්තනෝමතික ක්‍රියාවලි වල ප්‍රතිපල විඳවන්නේ වර්තමාන රජය. (නදී)
කොහොමත් ආණ්ඩුවට අපි බලයක් දීල නැහැ. ජනපතිවරනේ පිහිටෙන් යන ආණ්ඩුව ඇපයේ ඉන්ටෙර්වල් එකේ ඉන්නේ එක නොතේරෙන එකයි වරද ? (නදී)
කෝ ජනපති මහින්ද මහත්තය වෙනුවෙන් ගිය වියදම් ඉතිරි කරා කියපු සල්ලි. ඒවා පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕන අලුත් සල්ලි අච්චු ගහන්නේ අපරාදෙනේ. (ස)
අනේ මන්ද ඔයාල නම්. ඕකට කියන්නේ නොහැකියාව කියල. ආණ්ඩුව ගන්නකොට ඔය ටෝක්ස් තිබුනේ නෑනේ. (ස)
දැන් තේරෙනවා ඇති බදු නැතුව රජය ගෙනියන්න බැහැ කියලා. පරණ ආණ්ඩුවේ වැරදි කියන්න බදු මිල අඩුකළ එක හොඳයි. ඒත් රජයට අාදායම නැති උනහම මොනවා කරන්නද. (නදී)
හොඳට ආණ්ඩුව කරපු නිසා තමයි ,අලුත් ආණ්ඩුවට ගොඩක් මුදල් තියෙන්නේ .. හොරකම් කරලා හොරකම් කරලා භාණ්ඩගාරේ ණය ගුහාවක් කරපු නිසා තමයි අපේ රට සව් සිරියෙන් බැබලෙන්නේ (ම)
වියදම් සෑහෙන ප්‍රමාණයක් නැතිකලාට සල්ලි නැනේ.ගිය ආණ්ඩුව වගේම මේ ආණ්ඩුවත් ණය වෙනවා. සංවර්ධන වැඩ සදහා නොවයි , පඩි ගෙවන්න.(ම)
හොඳ වැඩක්. නියම ක්‍රමයක් දැන් රටේ තියෙන්නේ. දිගටම මෙහෙම කරොත් රටට හොඳක් වෙනවා.(ම)
අපි වැටුනේ කබලෙන් ළිපටද ...(ම)
රනිල් අගමැතිතුමාට සුදුසුම නායකකම තියෙන්නේ විරුද්ධ පක්ෂයේම පමණි.(බ)
සියල්ලන්ගේ මුලික පරමාර්ථය වුනු මහින්ද එළවීම කරගන්න ආඩි ටික එකතුවුනාට මහින්ද එලව ගත්තට පස්සේ රට ගෙනියන්නේ කොහොමද කියන එක ගැන එක මතයක් තිබුනේ නැහැ..හැමෝම හිතුවේ තම තමන්ගේ උපකල්පන මත.එහෙම නොවුනානම් ජනාධිපතිවරණයෙන් පසු කළයුතුව තිබුනේ කාගේවත් පෙන්ෂන් ගැන නොහිත වහාම මහා මැතිවරණයක් පවත්වා ලැබූ ජන වරම පාර්ලිමේන්තුවේ නියෝජනය වීමට සැලැස්වීම..දවසින් දවස දැන් කට්ටිය අනා ගන්නවා විතරක් නෙමෙයි හත් පොලේත් ගා ගන්නවා.මේ එකක්.දේශපාලනේ යම් බුද්ධියක් ඔය කියන මහලොකු මොළ වලට තිබුනානම් මෙහෙම තත්වයක් තමන්ට බලය නැති පාර්ලිමේන්තුවක වෙන්න පුළුවන් කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන..ඒ වගේම මහින්ද මහත්තය පෙරට වඩා ජවයකින් ආයෙත් නැගිටින බවත් ඊට මුණ දිය යුතු බවත් දැන සිටින්න ඕන.තමන්ගේ එකතුව එක අරමුණක් සදහා තාවකාලිකව එක වුනු කැද හැලියක් වුනත් අනෙක් පස පිරිසිදු බහුතරයේ බහුතරය සහිත ලක්ෂ 58 ක් සිටින බවත් ඔවුන් ඉක්මනින් දිනා ගැනීමට කටයුතු කලයුතු බවත් දැන සිටින්න ඕන.ඒ වෙනුවට කලේ ලක්ෂ 58 වයිරයට දවසින් දවස පත් වීම බහුතරයේ බහුතරය ගැන නොසිතා දිගටම සුළුතරය පිනවීමෙන් බහුතරයේ විශ්වාසය තවදුරටත් බිද ගැනීම....මේ ආණ්ඩුව දැන් කැද හැලියක්..වෙන විකල්ප දැන් නැහැ.පාර්ලිමේන්තුව ඉක්මනින් විසුරුවල නැවත ජන මතය උරගාල බලනවා මිසක්..(බ)
අනේ තව දවස් 1200 ක් මෙයාලටම කරන්න දෙමුද? (ම)
ආණ්ඩුවේ ඔක්කොම අති පණ්ඩිත කයිවාරුවෝ. හත් පොලේ ගා ගන්නවා. (ස)
පව් අප්පා පිනට ඡන්ද නැතුව ආණ්ඩු පිහිටපුවහම ප්‍රතිඵලේ මේක තමයි. දැන් ඉතින් ජනපති අගමැති පාර්ලිමේන්තුවට නෙමෙයි වග කියන්න ඕනේ ජනතාවට. (බ)
හොරකම් කරලා තියෙනවා කියපු සල්ලි හොයා ගත්තා නම් නරකද? (ස)
මෙම ප්‍රශ්න විසදන්න රටට විකල්පයක් ඕන. ජනතා විමුක්ති පෙරමුණ වගේ. (ස)
ඔය පටන් ගත්තා විතරයි. (ස)
තෙල් මිල අඩු කළා එ්ක හොඳයි..අත්‍යවශ්‍ය ආහාර කියල බඩු මිලත් අඩු කළා එ්කත් හොඳයි ..පඩිය වැඩි කරා කිව්වා එ්කත් හොඳයි ..මේ ඔක්කොම සහන දෙන්නේ දුෂණය නැති කරලා කියල කිව්වා එ්කත් හොඳයි දැන් ඒ කියපුවා කරන්න කෝටි ගණන් සල්ලි අච්චු ගහන්න ඕනිලු .. බැරි දේවල් නොකර හිටියනම් නේද හොඳ ..බඩු අඩු කළ නිසාත් පඩි වැඩි කළ නිසාත් මිනිස්සු අතේ සල්ලි ගොඩයිලු අනේ දෙවියෙනේ බත් පරිප්පු කාල බස් එකේ යන අපිටනම් වැලේ වැල් නෑ... (බ)
ඔන්න ඉන්දියාව ණය දෙනවලු.හැබැයි රට උගසට.(බ)
එල කොල්ලෙක් ආ ..(ස)
මෙතන යන්නේ වෙනම පොතක්. සල්ලි හොයන ක්‍රම රනිල් දන්නවා. මේක පොඩි සමීක්ෂණයක්. (බ)
ජනපති පත් කළාම මැතිවරණයකින් හිටි හැටියේ හිටපු ඇමැතිවරු අගමැති සියල්ලම හිතේ හැටියට මාරුකළා දින සියකින් හැම එකක්ම කණපිට හරවනවා කියලා වැඩ කිඩ පැන්නුවා. හැම තැනටම අරයලා මෙයාලා පත්කළා හරියට රජයක් අලුතින් පිහිටුවා කියලා හිතලා. දැන් සල්ලි නැතිලු වැඩට. පඩි ගෙවන්න .චීනයට මහා දොස් පැවරුවා.ආයෙත් දැන් පස්සෙන් එලවනවා.හලෝ ,බටහිර රට වලින් වැඩි දෙනෙකුම දැන් යැපෙන්නේ චීනෙන් බව නොදැන පාලනයකට ගියාම හොඳ පාඩම් තව ඉගෙන ගනීවි.මේක එජාප පාලනයක් නොවෙයි කියලා හිතලා පුළුල් විධියට හිතලා සහයෝගයෙන් වැඩ කළොත් තමයි ඔය තනතුරු රැකෙන්නේ කියලා කල්පනා කළොත් හොඳයි ජවිපෙ අනුර කුමාර, වික්‍රමබාහු කියන අය ජාතික සභාවට අරගෙන කරන ප්‍රකාශ හැම දිනකම පුවත් පත්වල රුපවාහිනිය මගින් අපි දකිනවා.මොවුන් මෙරට බහුතර ජනතාව ප්‍රතික්‍ෂ්ප කළ පක්ෂ නියෝජනය කළ නායකයන් බව මේ ජනපති හෝ අගමැති ඇතුළු මුළු මහත් පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමැතිවරු දැනගෙන හිටියොත් හොඳයි.නයි ඔඩොකුවේ දාගත්තොත් කනබව මේ අය මතක තබාගෙන වැඩ කළොත් හොඳයි. අනික දකුණේ දුර්වල පාලනය නිසා උතුරේ අයට විරුද්ධද පක්ෂය අර අම්ර්ත ලිංගම් ගේ කාලයේ පරිදි හිමිවේවි යන්නත් සිහි කරගෙන හිටියොත් අපි රැකෙවී.නැතිනම් ආරාජික කාලයකට ආයෙත් යනවා නොඅනුමානයි. (බ) නිසා dhayi කර ඇති
ඩොලර් කුට්ටි කොහොමත් බටහිර රටවලින් ලැබෙනවා. එයාල දන්නේ මේ රට විකුනන්න. අනෙක මෙයාලට කවුද ආණ්ඩුවක් කරන්න ඡන්දෙ දුන්නේ. (අ)
ලෝකයේ විශාල ආර්ථික අර්බුදයක් තිබුණු පහුගියකාලේ ලංකාවට එය නොදැනෙන විදියට කළමනාකරණය කරගන්න මහින්ද රජයට හැකි වුන. ඒවා සිහියට එන්නේ කීයෙන් කී දෙනාටද? දැන් රටේ නායකයා කවුද? ඕනෑම පාසලක සංගමයක පවා තනතුරු සහ වගකීම් ගලාගෙන යන ක්‍රමයක් තියෙනවා.දැන් අපේ රටේ එහෙම එකක් තියෙනවද? කප්පිත්තෙක් නැති නැවට වෙන දේ තමා දැන් මේ වෙන්නේ. (බ)
පද්මිණීට තමයි හරියට තේරුණේ. ලංකාවෙමද හිටියේ (බ)
ජෝන් බාස්ල රටට කළේ මොකක්ද? පාර දිගේ අමු අමුවේ මරා දැම්මා. ජේවීපී එකත් ඒ දෙයම කළා.රට ආපස්සට ගෙන ගියා. දැන් අගමැතිකම බලෙන් අරගෙන කුමන්ත්‍රණ කරනවා.රට කරන්න සල්ලි හොයා ගන්න දන්නේ නැහැ.කතා කරන්නේ ආර්ථික විශ්ලේෂකයෝ වගෙයි.මෙයාලට තියෙන්නේ හිස් ඔලු ගෙඩි විතරයි.(බ)
මුදල් ඇමැතිතුමා කැමති ඉන්දියාවෙන් ණයගන්න රට උගස් තිබ්බත් සින්න වෙන්නේ නෑදෑයන්ටනේ. අද පැන්ෂන් දෙන්නත් සල්ලි නැතිලු නේද? අවුරුද්දට සැරයක් හරි මිනිස්සු බඩපිරෙන්න බත් ටිකක් කන්න ඉන්නේ ඒකත් නැතිවෙයිද ? (බ)
හිටපු කෙනා යන විට එක් පුරවැසියෙක් ලක්ෂ 4 ක් ලෝකෙට ණයයි කියන එක බොහෝ දෙනෙකුට අමතක වෙලා .(අ)
මේකෙන්ම පේනවා මේ කට්ටිය තීරණ ගන්නේ මොන්ටීසොරී බබාලා වගේ කියල . විරුද්ද වුණාට කමක් නැ රට ගැන හිතල, මෙතන එහෙම එකක් නෙවේ. (අ)
පාඨක ඔබට නොදන්නා තව එකදෙයක් කියන්න තියනවා. අප චීනය සමග ව්‍යාපාරික සම්බන්ධතා ඉතා ඉහළින් පවත්වනවා. ඒ අප රටේ යම් නිෂ්පාදනයක් චීනයට අපනයනය කර එමගින් අති විශාල මුදල් සම්බාරයක් වාර්ෂිකව මෙරටට ලබාදෙමින් අප වගේම තවත් අපනයනකරුවන් විශාල ප්‍රමාණයක් මෙලෙස චීනය සමග ගනුදෙනු කරනවා. එ්කට හේතුව තමයි අප අපනයනය සඳහා අත්පිට මුදල් ලබාදෙන එකම රට චීනය වීම......අනෙත් ගොඩක් රටවල් වල අර්ථිකය දැනටමත් කඩන් වැටිලා..අප අපනයනය ඉල්ලන්නේ මාසෙට...දෙකට ණයට....දැනට ඇමරිකාව පවතින්නේත් උන්ට චීනය ණයට මුදල් ආධාර දෙන නිසා.....යුරෝපා රටවලත් තත්වය ඕකම තමයි. අපි දැන්වත් අැත්තතත්වයට මූණදෙන්න පුරුදුවෙමු.....ඉන්දියාව සතුටුකරන්න පොඩි කාර්වලට ටැක්ස් අඩුකරාට....ඇමරිකාව සතුටුකරන්න පාන් පිටි මිල අඩුකළාට දැනට සාර්ථකව ඉදිරියට ඇදෙන චීනය රුසියාව වගේ රටවල් අමතකකරලා අපට ගොඩයාමක් නැහැ කියලයි මගේ නම් හැගීම. (බ)
අර උඩින් කව්දෝ කෙනෙක් අදහස් දාල තිබුන වගේ, කව්ද මෙයාලට ආණ්ඩු කරන්න බලේ දුන්නේ? පිස්සු නැත්නම් ශෝක් !!! (බ)
සුදත් රෝහණ මහතාණෙනි , ඒක පුද්ගලික ණය නැති රටක් පුළුවන් නම් හොයලා මෙහි පල කරන්න , රටක් දියුණු වෙනකොට ඒක පුද්ගලික ණය වැඩි වෙනවා . උදා . ඇමෙරිකාව ලක්ෂ 60 , ජපානය ලක්ෂ 100, එංගලන්තය ලක්ෂ 90 . මේ තොරතුරු පහසුවෙන් අන්තරජාලයෙන් ලබා ගෙන අප්ඩේට් වන්න , මෙහිදී බැලිය යුත්තේ ණය ප්‍රමාන නොවේ , ණය වෙනස්වීමේ සීග්‍රතාවය හා ගෙවීමේ හැකියාව , සහ ණය ලබාගත් හේතුව . 2005 ට කලින් ඒක පුද්ගලික් ණය අඩු බව පැහැදිලියි , රටේ අලුත් සංවර්ධන වැඩ ඇති උනේ නැ, ඒ වගේම යුද්දේ ට වියදම් උනෙත් නැ . මේවා පරික්ෂා කර බොරු නම් මෙහි සඳහන් කරන්න . (දී)
එජාපය ශක්තිමත් වෙලා (දී)
මෙහි ලියන පාඨකයෝ බොහොම දෙනෙක් උගත් බුද්ධිමත් අය බව පැහැදිලියි . ඒ වගේ අය සමාජයට පුර්වාදර්ශයක් ඇති වන සේ කතා කළා නම් හොද . මේ අවස්ථාවේ රට මුහුණපා ඇති අවධානම හොදින් තේරම් අරගෙන් පක්ශ දේශපාලන අමතක කරන්න . දේශපාලන යනු කලාවක් මිස විද්‍යාවක් නොවේ . කලාව තැන අනුව , දවස අනුව , පරිසරය අනුව වෙනස්වෙනවා . නමුත් විද්‍යාව එසේ නොවේ , ලෝකේ කොහේ ගියත් කවදා උනත් වෙනස් වෙන්නේ නැ . එහෙම එකේ අපි යුඑන්පි හෝ ශ්‍රී ලංකා කාරයෝ කියලා හිතාගෙන එකම ප්‍රති පත්තියේ ඉන්නේ ඇයි . (දී)