(නිමල කොඩිතුවක්කු)
සංචරණ සීමා හෝ ක්රියාත්මක කරලීමට අසමත් ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතුව ඇතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරයි.
මේ මොහොත වන විට ආණ්ඩුවේ අසමත් බව ඕනෑවටත් වඩා තහවුරු වී ඇති බැවින් ජනතාවගේ ජීවිත සුරැකීමට නොහැකි ආණ්ඩුව වහාම ඉල්ලා අස්වීම වඩාත් ප්රායෝගික බව ද මහ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
"සංචරණ සීමා දැඩිව ක්රියාත්මක කරලීමට ආණ්ඩුව පියවර ගන්නා බව ප්රකාශ කළ ද දක්නට ලැබෙන්නේ ආණ්ඩුව එහිදී ද අසමත් වී ඇති බවයි.
ජනතාවගේ ජීවිත සුරැකීමට නොහැකි ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතුයැයි අප අවධාරණය කරන්නේ එබැවිනි" යැයිද එහි තවදුරටත් සඳහන් වේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊට පස්සේ ඔයගොල්ලන්ට බාර දෙන්නද කියන්නේ...?
එක එක අසාර්ථක පක්ෂවල මිනිස්සු කියන නිසා නොවේ. ජනතාවගේ පැත්තෙන් කියන්නේ. අනිවාර්යයෙන්ම ජනාධිපති ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි. මේ වගේ අකාර්යක්ෂම රජයක්. නිදහසෙන් පස්සෙම තිබිලා නැහැ. මේක මහදැන මුත්තයි, ගෝලයෝ රොත්තටත් වඩා අන්තයි.
කාටද ඉල්ලා අස්වීම් ලිපිය බාරදෙන්න ඕනෑ..? 69 ලක්ෂයටද?
බෝම්බ පිපිරිලා 300ක් විතර මැරුණු වෙලාවේ ඔය තීරණයම ගන්න තිබුණා නේද? එතකොට කටේ පිට්ටුද? නිකන් ගොන් ජෝක්ස් දාන්න එපා...
හා.. ඊට පස්සේ? ඔහෙලා ඇවිත් ඉතුරු ටික ඊට වඩා අඩු කාලයකින් ඉවර කරන්නද? මේ ලෝක වසංගතයක් අස්සේ බයිලා එපා ලොක්කා.
නියමයිනේ... ඊට පස්සේ ආපහු මැතිවරණයකට යමු. ඔක්කොම පැත්තක තියලා. එතකොට මෙතුමාලාට ආපහු බලය ගන්න පුළුවන්. නියම කතා...!!!
බොම්බ පුපුරද්දි නිදාගෙනද හිටියේ
ආණ්ඩුව වහාම ඉල්ලා අස්වුවහොත් රට බාරගැනීමට සමගි ජනබලවේගයේ සැලසුමක් කුමක්ද? සැලසුමක් තිබේද?
එසේ නැතිනම් ජාතික රජයක් පිහිටුවන්න...
අස්වුණාට පස්සේ කාටද අප්පේ දෙන්නේ? ඔයගොල්ලන්ට දුන්නොත් ආයෙත් මහබැංකුවට සුද්දෙ දෙනවා.
ඕවා මතක් වෙන්නේ විපක්ෂයේ ඉන්න කොට... තමුන්ලා ආණ්ඩු කරන කාලේ ඔය වැඩේ කළා නම් යූඇන්පීය බින්දුවට බහින්නේ නැහැනේ... නිකං බොරුවට ලකුණු දාගන්න කියලා තුන්වැනි පන්තියේ කතා කරලා තියෙන ටිකත් බස්ස ගන්න එපා. මෙයාලා බොර දියේ මාළු බානවා...
ඔක්කොට පිස්සු
තමුන්ලාට පුළුවන්ද රට වහන්නේ නැතිව ඉස්සර වගේ අපිට ජීවත් වෙන්න ඉඩ හදලා දෙන්න. එහෙමනම් අපි උදව් කරන්න ලෑස්තියි. හැබැයි කොරෝනා වවන් කන්න බැහැ.