
(අංජුල මහික වීරරත්න)
හදිසි ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම රුපියල් මිලියන 250ක ආධාරයක් දුන්නේය.
එම ආධාර මුදල හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියට කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ලබා දුන්නාය.
බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා සහ බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමේ අධ්යක්ෂ මණඩල සාමාජික සාමාජිකාවෝද මේ අවස්ථාවට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජා.ජ.බ. වේගයේ අරමුදලෙනුත් කෝටි තුන හතරක් දෙමුද රට ගොඩ නගන්න ? ලොකුම අරමුදල ඒකනෙ
කජු සියා මොනවාද දන්නේ නැ දෙන්න හිතන් ඉන්නේ
පොඩ්ඩක් විපරම් කරලා බැලුවාම මේ තරම් සතුටු පුද්ගලික ධනය නොවේ. අරමුදලකින් අරමුදලේ ජනපති විපක්ෂයක අගවිනිසුරු විගණකාධිපති ඇතුළු කණ්ඩායමක් ඉන්නවා පසුගිය දවස්වල චන්ද්‍රිකා මැතිණිය කුලියට ගෙවල් හොයපු හින්දයි බැලුවේ
ස්තුතියි ජනාධිපතිතුමියනි
කජු සියා මොකුත් දෙන්නේ නැතැයි
චන්ද්‍රිකාගෙ පුද්ගලික මුදලක් නෙවෙයි නේද, ඒත් මහජන මුදල් (අරමුදල).
බොහොම ස්තුතියි
අර ප්‍රංශයෙන් ගෙන්වල පාවිච්චියට නොගන්න දුම්රිය එන්ජින් දහයක් විතර පරන යකඩ වලට විකුනල ඒ සල්ලිත් ඔය අරමුදලටම එකතුකලා නම් හොද නැද්ද?
දොඩව දොඩවා ඉන්න බහුතර විපක්ෂ ඈයොත් එක්ක බැලුවාම මෙතුමිය කර ඇත්තේ සද් ක්‍රියාවක්...!
කාලකණ්ණි ජෙප්පන්ගේ මඩහෝදන අය මේ වෙලාවේත් දේශපාලනේ...