(අජන්ත කුමාර අගලකඩ)
පළාත් තුනක් සඳහා පත්කළ ආණ්ඩුකාරවරු තිදෙනෙක් අද(05) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
ඒ අනුව, රජිත් කීර්ති තෙන්නකෝන් මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් ද, මෛත්‍රී ගුණරත්න මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් ද, හේමාල් ගුණසේකර මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් ද දිව්රුම් දෙනු ලැබූහ.
ජනාධිපති නිල නිවසේදී මොවුහු දිවුරුම් දුන්හ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකම කාර්ඩ් කුට්ටම තමා අනන්නේ.
අතන ඉන්න කෙනා මෙතනට දානවා. මෙතන ඉන්න කෙනා අතනට දානවා. කොටින්ම කිව්වොත් මේ ජනාධිපතිගේ මේ අවුරුදු 5 තුල ජනාධිපති ලේකම්වරු කී දෙනෙක් මාරු උනාද? ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරු කී දෙනෙක් මාරු උනාද? ජනපතිධුරය හෑල්ලු උන තරමක්.
මේ පත් වීම් දුන්නේ මේ අයට දැන් මුළු නිල කාලයම ඉන්න පුළුවන් වෙන්න නේ.
මේකෙන් කාටවත්ම වැඩක් වේවිද?
මේ අය දාම් ඉත්තොද? මොන තරම් වියදම් සහ වේලාව නාස්තියක්ද?
තවත් මේ රට නැති කරලා දාන්න එපා.
ඒ රටේ ජනාධිපති තනිකරම කෙලින්නේ පිස්සු...
රටම විහිළුවක් වෙලා නේද? මෙවැනි දුර්වල පාලනයක් කවදාවත්ම තිබිලා නෑ.
හුවමාරුවක්, අත්දැකීම් ඇති රජයේ විශ්‍රාම ලත් උගතුන් මොහොමයක් ඇත. ඒ අයගෙන් වැඩ ගැනීම වැදගත්...
මේ ජනාධිපති ළඟ ඉන්න එක ගොයියෙක් බලේ ඉහවහ ගිහිල්ලා දකුණු අධිවේගී මාර්ගයේ හයියෙන් ගිහිල්ලා දඩ කොලේ දුන්නු පොලිස් කාරයට බැනපු ගොයියා නේද? පස්සේ පොලිස්කාරයාගේ කාර් එකත් ඔය මනුස්සය ගිනිතිබ්බා නේද? අපිට ඔය අයගේ ට්‍රැක් රෙකොර්ඩ් හොඳට මතකයි. මේ තමා අපේ ආණ්ඩුකාරවරු. අපේ රටට හරියයිද මේ වගේ මිනිසුන් මේවගේ වැදගත් තනතුරු වලට පත්කරලා....
තුන්දෙනා කතාවෙලා කරගෙන වගේ ජොලියට...
සෙල්ලම් ගෙදර වගේ !