2005 මා බලයට ඇවිත් කිව්වා යුද්ධය නතර කරනවා කියල. අවුරුදු 30ක් තිබ්බ යුද්ධය අවුරුදු තුන හමාරෙන් නතර කළා. මං රට සංවර්ධනය කරනවා කිව්වා. සංවර්ධනය ආරම්භ කළා. මුළු රටේම මං මාවත්, රෝහල්, පාසල් සංවර්දනය කළා. දැන් මෙකද වෙලා තියෙන්නේ. ඒ ඒ සංවර්ධන කටයුතු එක තැන නතර වෙලා. ආණ්ඩු වෙනස් වන කොට කරගෙන ආ සංවර්ධන වැඩ ඉස්සරහට කරගෙන යා යුතුයි. සංවර්ධනය නරත කරන්න බෑ. හරියට රිලේ එකක් දුවනවා වගේ. බැටන් එක අරගෙන ඉස්සරහට යා යුතුයි. දැන් මේ ආණ්ඩුව මොකද කළේ . දින 180ක් පමණ රට පාලනය කළත් දින 100 කරනවා කියු පොරොන්දු එකක් වත් ඉටු කරන්න බැරිවුණා. දැන් ආයෙත් මාස 60කට බලය ඉල්ලනවා ලබා දුන් පොරොන්දු ඉටු කරන්න. අපි ජනතාවට පොරොන්දුවක් වුණොත් එක් ඉටු කරන්න ඕනෑ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මොරගොල්ලාගම නිකවැව පැවැති රැළියක සහභාගී වෙමින් පැවැසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරණ අයම ආයෙත් අාවොත් පවුල් ගස් නම් නැවතුන තැන ඉඳලා සංවර්ධනය වෙයි.(නදී)
ඔබතුමාගේ කතාව ඇත්ත (නි)
යුද්ධය අවසන් වෙලත් 18 ව්‍යවස්ථාව හදාගෙන දිගටම බලය ඉල්ලන්න හැදුවේ ලොකුම පවුල් සංවර්ධනයට බව කාටත් පෙනුන නිසා තමා ගෙදර යැවුවේ. (නි)
රටපුරා කොන්ක්‍රීට් ඇතිරීමෙන් පමණක් ජන හදවත් දිනාගත නොහැකි බවත්, කොන්ක්‍රීට් වලින් එහා ගිය මානව අයිතිවාසිකම්, යහපාලනය, නීතියේ ආධිපත්‍ය, රජකුගේ අන්තේවාසිකයන් ලෙස නොව නිවහල් ජනතාවක් ලෙස ජීවත්වීමට ඇති අභිලාෂය ජනතාවට වඩා වටිනා බව උතුරේත් දකුණේත් ජනතාව ජනවාරි 8 දා ප්‍රකාශ කළහ. (නි)
ආණ්ඩු මාරුවුණත් දෑත් ශක්තිමත් කරන්න ආ පිරිසගේ ඇතුළු සැමගේ සංවර්ධනය දිගටම කළයුතුයි. (නි)
හසන්ත, ඕකට හේතුව තේරුම් ගන්න ටිකිරි මොළයක් නැද්ද? ව්‍යවස්ථා හා නීති සංශෝධනය කරලා සියයට දහයේ සිට ඉහළට ලබාගන්න පුළුවන් මොන රටේද?අන්න ඒකට ට්‍රිලියන ගණන් වැයවෙන යෝධ ව්‍යාපෘති. මතක් වෙනකොටත් සතුටුයි. (නි)
ඔබතුමා යුද්දේ කරපු හැටි අහන්න ඕනැ චම්පික ඇමති තුමාගෙන්. ඔබතුමාත් 2005 බලයට ආවේ කොටි එක්ක සාකච්ඡා කරන්න බලාගෙන. මාවිල්ආරුවෙන් පස්සේ කොටි එක්ක සාකච්ඡා හරි නොයන බව කියා ඔවුන් යුදමය වශයෙන් පරාජය කල යුතුයැයි ජාතික හෙළ උරුමයත් ජවිපෙත් බල කල නිසයි ඔබ එසේ කලේ. (නදී)
මහජන මුදලින් රුපියල් කෝටි 250ක් වියදම් කරලා අර තමන්ටම යන්න කියල ගන්න ගිය අදි සුකෝපබෝගී ගුවන් යානයට මොකද වුනේ? (නදී)
"දැයට කිරුල ප්‍රදර්ශනයේ එක් වැසිකිලියක් ශුද්ධ කිරීම රුපියල් 820 කට කළ හැකිව තිබියදී වැසිකිලියක් ශුද්ධ කිරීම රු. 1,20,000 ක් තරම් පොලොව නුහුලනා ගාණකට බාර දී මහජන මුදල් කෝටි ගානක සුද්දයක් දමා ඇතැයි කීවොත් ඔබ පුදුම වෙනවා ඇත". (නදී)
රටේද ,ඔබතුමාලගේද ? (නදී)
දැයට කිරුළට වැසිකිලි හදන්න කියල ගහපු වැසිකිලි ගැහිලි ගැන විස්තරාත්මක ලිපියක් අන්තර්ජාලයේ තිබෙනවා බලන්න.(නදී)
රටේ මිනිසුන්ට කන්න අදින්න නැතිව අම්මල දරුවන් සමග ගඟට මුහුදට පැනල ජිවිත විනාශ කර ගන්න රටේ, තේ කහට කෝප්පය බිල සෙරෙප්පු දෙකක් නැතිව පහසුකම් නැති පාසල් වල ලක්ෂ සංඛ්‍යාත දරුවන් අසරණව ජිවත් වෙන රටේ, ජනාධිපති කෙනෙකුගේ වියදම වශයෙන් රුපියල් කෝටි 10,465ක් වියදම් කරන්න කියල වැඩිකර ගනීවිද හදවතක් තිබෙන කෙනෙක් නම්. (නදී)
ඔබතුමා නුවර යනකොට යන්නේ හෙලිකොප්ටරෙන් වෙන්න ඇති නැත්නම් නැවතිලා කියන පාරවල් හැදිල්ල නුවර පාරේ යන අයට නම් හොඳට පේනවා. ඒවගේම කුරුණෑගල පාරත් හදනවා. කොළඹ පිට වට රවුම් පාරත් නතර නොකර දිගටම වැඩ කරනවා. ඔය නතර වෙලා කියන්නේ විසුරුවා හැර තිබෙන ප්‍රාදේශීය සභාවල සංවර්ධන වැඩ වෙන්න ඇති නේද? (නදී)
අපේ මාදුළුවාවේ සෝපිත හිමි සහ රත්න හාමුදුරවෝ නොහිටින්න මේ රට අපායක් වෙන්න තිබුනා (නදී)
ඇයි ඔය මුල් ගල් මාරු කරන්නේ? (නදී)
ත්‍රස්තවාදය පරාජය කිරීම ගැන මහින්ද රාජපක්ෂ මහතාට මම හිස නමා ආචාර කරමි. එහෙත් ත්‍රස්තවාදයෙන් රට බේරා ගැනීමට හිලව්ව වශයෙන් පුරවැසියන් ලෙස අපට ඇති සියලු අයිතීන් අමතක කර රජකුගේ අන්තේවාසිකයන් බවට අප පත්විය යුතු නම්, ඒ තෝරා ගැනීමට වඩා ත්‍රස්තවාදයෙන් මහමග මියයාම මට නම් වඩා හොඳය. මෙහි අදහස් දක්වන සමහරු නිරන්තරයෙන් පවසන කරුණක් වන්නේ ත්‍රස්තවාදයෙන් රට බේරාගැනීම වෙනුවෙන් අප සදාකාලිකව මහින්ද රාජපක්ෂ මහතාට ණයගැති බවත් ඒ හේතුව නිසා ඔහුට සහ පවුලට රට නින්දගමක් ලෙස පාලනය කරන්නට ඉඩදී ජනතාව වහලුන් අන්තේවාසිකයන් සේ ජීවත් විය යුතු බවත්ය. වහලුන් වන්නට කැමති අය එසේ වන්න. කරුණාකර අපට වහලුන් වන්නැයි නොකියන්න. යමෙක් ත්‍රස්තවාදය පිළිකෙව් කරන්නේ නම් ත්‍රස්තවාදී සංවිධාන වල ත්‍රස්තවාදය මෙන්ම රාජ්‍ය ත්‍රස්තවාදයද පිළිකෙව් කල යුතුය.(නදී)
බලපුවම නම් කිසිම සුළගක් නැහැ වගේ. (නදී)
ඔබතුමා යුද්දේ කරපු හැටි අහන්න ඕනැ චම්පික ඇමති තුමාගෙන් (නදී)
රටේ සංවර්දනය හොදින් සිද්ද වෙනවා ඒ උනාට ඔබතුමාගේ වටේ සිටපු කට්ටියගේ සංවර්දනේ ඇණ සිටලා ඉදිරියේදී සැබෑ සංවර්දනය රනිල් මහත්තයා රටට ලබා දෙනු ඇත. මොකද එතුමා අවංක පුද්ගලයෙක් හෙයින්. (නදී)
මෙතුමා මොන සංවර්දනයක් ගැනද කියන්නේ ? නය වෙලා හදන පාරවල් කන්න බෑනේ. (නදී)
අප්පු, කිසිම සංවර්දනයක් නැහැ. මඩ තවරනවා පමණයි (නදී)
ඔව් ඔව් පවුලේ සංවර්ධනය අඩාල කරන්න නම් බැහැ තමයි (ම)
අනේ මෙහෙම ආශාවක් අනේ මෙහෙම තණ්හාවක් මිනිසුනේ ලැබේද මින් සැනසීමක්(නදී)
මම ඉන්නේ ගල්ෆ් රටක. මෙහි අදිවේග මාර්ග හදනවා ගුවන් පාලම හදනවා ඒවාට කවුරුවත් මුල්ගල් තියන්නෙත් නැහැ විවෘත කරන්නෙත් නැහැ. ඒකට ලංකාව (නදී)
මෙතුමා කියන්නේ ඇත්ත (නි)
අපි දන්නා විදියට රටේ සංවර්ධනය නම් ඒ විදියටම සිදුවෙනවා. හැබැයි, ඔබෙත්, පවුලේත්, ඥාතීන්ගේත් සංවර්ධනය නම් එක තැන නතරවෙලා බව හැබෑව. (නි)
චම්පික 2009 දි ලියපු එයාගෙම චරිතාප්‍රදානයේ මහින්ද ගැන ලියලා තියෙනවා ලස්සනට. ඒ ලියපු ඒවයි මේ කියන ඒවයි සංසන්දනය කරලා බලන්න රේණුකා. නුවර නගරය හදන්න ගත් වැඩ ජනවාරිවල නැවතුණ පාර තාම පටන්ගෙන නැහැ හරියට. හිටපු ගමන් දවසක් විතර වැඩ කරනවා දකිනවා. ගම් ඇතුළෙ නම් කිසිම වැඩක් වුණේ නැහැ. (නි)
ඒකට හරියන්නේ හොඳ කොන්ත්‍රාත්කරුවෙක්. මොකද ණය අරගෙන පාරවල් හදන්න සුදුසු ඒ වගේ අය. (නි)
ඇත්ත ඇත්ත. කතාව ඇත්ත (නි)
දුප්පතාගේ පොකැට්ටුව පුළුවන්තරම් ණයබරින් පිරෙව්වා. ඒ ටික කියන්න අමතකවෙලා. (නි)
ඔබතුමා රට වෙනුවෙන් කලේ යුද්ධය දිනාදීම පමණකි. නයට සල්ලි අරගෙන පාරවල් හදලා සංවර්ධනය උනේ ඔබතුමාගේ වටේ හිටි අය. අර ඹබතුමාගේ කාලයේ තදකරපු පටිය බුරුල්කරන්න බැරිව අපි ඉන්නේ. (නදී)
ඇත්තටම මම නම් මහින්ද මහත්තයට මගේ හදවතින්ම ගරුකරනවා. නමුත් බුද්ධිමත් ජනතාවක් හැටියට මෙවර ජේ.වී.පී. යට ඡන්ද දීලා බලන්න රටේ වෙනස යහපත්ව දැකගන්න ඕනෑ නම්. වසර තිස් ගානක් මා දන්නා තරමින් මේ පක්ෂදෙක මාරුවෙන් මාරුවට අපේ රට කෑවා. දැන් අපි වෙන කෙනකුට කන්න දීලා බලමු අපේ නියරවත් ඉතුරු වෙයිද කියලා බලන්න. (නි)
මෙතුමා මේ මොනවා කියවනවද මන්දා (නි)
අනිත් දේවල් ගැන මම දන්නේ නැහැ. හැබැයි සමහරුන්ගේ සාක්කුව නම් ඔය සංවර්ධන වැඩවලින් හොඳට සංවර්ධනය වුණා. (නි)
අප්පු හාමි තවම කොන්ඩේ බැඳලද ඉන්නේ බුලත් විටද කන්නේ (නදී)
මේවට අත්පුඩි ගහන මෝඩ මිනිස්සු තවමත් ඉන්නවනේ? (නදී)
අප්පු හාමි ඔයාගේ මොලේ පොඩි අවුල් ගතියක් පේනවා. පාරවල් කන්න බැහැ තමයි. ටාසන් වගේ යන්න වැල දාල දෙන්නම් ඔයාට. එ්කෙන් බෙල්ලේ වැල හරි දාගන්න පුළුවන්නේ නේද? (නදී)
මෙතුමා කරපු සේවය දැන් ඉනන කව්රුවත් කරලා නැහැ. අපිව මර බියෙන් බේරගත්තා. එ්ක මතක නැති, දුෂ්ට කතා කියන හැමෝටම කර්මය විසින් කර්මය පල දෙනවා නියතයි (නදී)
රේණුකා, අපිට කාගෙන්වත් අහන්න ඕනෑ නැහැ යුද්ධය කරපු හැටි. අපි කෝමා හැදිලා හිටියේ නැහැ ඒ කාලේ. ඔයා ඉන්න ඇත්තේ කෝමා තත්වෙන් වෙන්න ඇති (නි)
මෙතන අදහස් දාලා තිබෙන මිනිස්සු දැක්කහම පුදුම කළකිරීමක් ඇතිවෙනවා. දැන් බලනකොට මේ රටේ පහළවුණ නරකම රාජ්‍ය නායකයා මහින්ද. ඇත්ත. මහින්ද සමාව දිය නොහැකි වරදවල් බොහොමයක් කළා. අපි දේවත්වයෙන් අදහන බටහිර සුදු ඇත්තන්ගේ කීමට පිටින් ගිහිල්ලා, යුද්ධය අවසන් කරන්න නායකත්වය දුන්නා. අපි පාසලේ ඉගෙනගත් විදියට තුන්වන ලෝකයේ රටක් හැටියට තියෙන්න නොදී මහාමාර්ග , අධිවේගී මාර්ග හදන්න ගත්තා.ඇත්තටම සමාවදිය නොහැකියි (නි)
මේ කතා ඇහෙනකොට මට මතක් වෙන්නේ "ලෙඩා මළත් බඩ සුද්දයි" කියන උපහැරණය. ඒ වගේම රෑ වැටුණු වළේ දවල් නොවැටීමට බහුතරය බුද්ධිමත්වීම ඉතාම වැදගත් බව අවධාරණය කරමි. (නි)
ඔබතුමා කියන්නේ පවුලේ සංවර්ධනයද?රටේ සංවර්ධනය කෙරිගෙන යනවා. පවුලේ සංවර්ධනය ඇණහිටලා. දුෂිතයන් අතරමංවෙලා! (නි)
වටේ හිටිය කට්ටියගේ සංවර්ධනය ගැන වෙන්න ඇති නේද මේ කියන්නේ? ඒවා නවත්වන්න හොඳ නැහැ තමයි. (නි)
පාරවල් කන්නද? මහ බැංකුව ගිනි පොළියට ගත් බිලියන 10න් අපිට පඩි වැඩිවුණා. තෙල් වලට ගහන බදු අඩුකළා. දෙයියනේ කියලා කාලා ඇඳලා ඉන්න පුළුවන්. (නි)
සතපහක් වැයවෙන්නෙ නැති ව්‍යවස්ථා හා නීති සංශෝධනය වගේ දේවල් කිසිවක් කළේ නැහැ. ට්‍රිලියන ගණන් වැයවුණු යෝධ ව්‍යාපෘති පමණයි ඒ කාලේ කළේ. ඇයි ඒ? (නි)
මගේ අසල්වැසියා හොඳ මහින්ද හිතෛෂියෙක්. එයා එකල වැජඹුනු වැජඹිල්ලෙන්ම මම හිතාගත්තා තව තව ඉහළ යනකොට ඒ මට්ටමේ අය මොනතරම් රටේ සම්පත් තමන්ගේ පුද්ගලික පරිහරණයට ගන්න ඇද්ද කියලා. ඒ නිසා මට වෙන සාක්කි අවශ්‍ය නැහැ එකල වුණ දූෂණය ගැන තීරණයක් ගන්න. (නි)
හසන්ත 100% ක් හරි. (නි)
දින 3287 කිනුත් කරන්න බැරි උන හින්දද අායි ඉල්ලන්නේ. 100 ට කරපු ටිකත් එක්ක බැලුවම, ඔන්න ඔය මාස 60 ත් මෙයාලටම දෙනවා. (නදී)
කරගෙන අපු සංවර්දන වැඩ ජනවාරි මාසෙන් පස්සේ නතර උනා. ගාල්ලේ පැත්තේ හදාගෙන අපු පාරවල් වල වැඩ අතරමග නතර කළා. දැන් සමහර ඒවා අාපහු පටන් අරන් යුඇන්පීය පටන්ගත්තු විදියට. හැබැයි කලින් සැලසුම් වෙනස් කරලා. පැලැස්තර දමමින් යන්නේ. ගාල්ල බද්දේගම පාර පළල් කරන වැඩේ නතර වෙලා.(නදී)
ලෝකෙට ණය වෙලා ගිනි පොළියට ණය අරගෙන පාරවල් හදලා මොකටද? අඩුගානේ ගත් ණයවත් හරියට යොදවනවා නම් කමක් නැහැ. රට සංවර්ධනය වෙන වේගෙට වැඩිය වටේ හිටපු නඩේ සංවර්ධනය වුණ වේගය නම් වැඩියි. (නි)
අනේ! ඒ ගැන කුමට කතාද? (නි)
ලංකාවේ අධිවේගී පාරවල් කියලා පස් පිරෙව්වා,තාර ටිකක් උඩින් ඇතිල්ලුවා.ජනතා අයිතියට පත්කළා.වියදම හරියට රත්තරන් දියකරලා හැදුවා වගේ. (නි)
දිලිප්, කළකිරෙන්න ඕනෑ රටේ අසරණ දරුවන්ට කන්න අදින්න නැතුව අම්මලා දරුවන් සමඟ ගඟේ මුහුදේ පැනලා මැරෙන රටක එක පවුලක්,කල්ලියක් අධිසුඛෝපභෝගී ජිවිතයක් ගතකරන එක ගැනයි. (නි)
රටම ණයකරලා,අනාගත දරු පරම්පරාවම ණය කරලා,රටේ මිනිස්සු බඩගින්නේ තියලා ගිනි පොළියට ණය අරගෙන කළ සංවර්ධනය අපි දනිමු (නි)
රටක සංවර්ධනයට මාර්ග පද්ධතිය ඉතාම වැදගත් (නි)
අපි ඔබතුමා සමඟයි (නි)
නුවන්ලට, යමුනලාට නොතේරුනාට, රටක සංවර්ධනයට බලපාන ප්‍රධානම සාධකයක් වන්නේ යටිතල පහසුකම්. ඒ අතරිනුත් මහාමාර්ග. නිෂ්පාදකයාට තමන්ගේ භාණ්ඩ ඉතා පහසුවෙන් අඩු කාලයකින් එහා මෙහා ගෙනයාම, මෙන්ම මහජනයාට ගමන් කිරීමට හැකියාව ලැබීමට. සමහරු කියනවා තවම එම වැඩ කෙරීගෙන යනවා කියලා. නමුත් කරන්නේ, ඒවගේ පුළුල් කිරීම අඩුකරලා .නැතහොත් මාස තුනෙන් කරන වැඩේ තවමත් ඉවර කරගන්නේ නැතුව අත ගානවා. සංවර්ධනයට කාලයද ඉතා වැදගත් බව මේ ආණ්ඩුවට තේරිලා නැහැ තවම. අනික් කාරණය, මේ කිවුව විදිහට කිසිම වියදම් අඩුකිරීමක් කරලා නැහැ කිසිම සංවර්ධනයක. එන වසර වෙනකොට මිනිසුන්ට තේරේවි වුණේ මොකක්ද කියලා. (නි)
මට අවශ්‍ය වෙන්නේ කියන දේ මෝඩයෙක් වගේ කරන නායකයෙක් නොව බුද්ධිමත්ව නිහතමානීව වැඩ කරන නායකයෙකි. එක වැරැද්දකට දෙකකට සමාවදිය හැකිය. පුරුද්දක් වශයෙන් වැරදි කළ අයෙකුට දොර තිබෙන තැන පෙන්විය යුතුය. මක්නිසාදයත් රට නායකයාගේ නොව මගේ නිසාය. (නි)
සිංහල අපිට හිටියේ මහින්ද විතරයි.මේ කියන්නෙ බොරු නෙමෙයි.මේක මතක තියාගන්න. අවුරුද්දෙන් තේරෙයි (නි)
ඔව් ඔව්. රට විකුණාගෙන කමු (නි)
ඔබතුමා පැරදුනේ ඔබේම නොසැළකිල්ල නිසා බව නොදන්නා කෙනෙකු සිටීද? (නි)
අපිට මහනුවර වැව වටේ කාර් රේස් යන්න ඕනේ නැහැ. අපිට තාජුදීන්ලා එපා. අපිට දේශපාලන හෙන්චයියෝ පමණක් පොහොසත් වීමයි ඕනේ. (නදී)
ඔබට සදා ජය! (නි)
හිටපු ජනපති, ඔහුගේ බිරිය හා ඔවුන්ගේ නියෝජිතයන් වෙනුවෙන් විදේශ ගමන් සඳහා කොපමණ මුදල් යොදා ඇද්ද? තව කුමට කතාද? (නි)
රාජපක්ෂලා නිකම්ම හොරුන් නොව කිනම් වර්ගයක අයද කියා දැන් අපිට පැහැදිලි වී හමාරයි (නි)
මෙතන අදහස් දාලා තියෙන අය හරියට මැරිලා ඉපදිලා වගෙයි. මෙතුමා දැන් නරකම නායකයා වෙලා. අනේ අපේ මිනිසුන්ට අමතකවෙන හැටි? අඩුම තරමෙන් ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගෙන අපිට බය නැතුව පාරේ යන්න ඉඩ ලබාදුන්නා. ඒක අමතක කරන්න එපා (නි)
සංවර්ධනය වියයුතුයි. නමුත් සංවර්ධනයේ නාමයෙන් කරපු ගසාකෑම නැවතිය යුතුයි. (නි)
කවුරු කවුරු ගැනත් අපිට හොඳට තේරෙනවා (නි)
යුද්ධය අවසන් කරනවා කිවුවේ සරත් ෆොන්සේකා මැතිතුමා. ඔහු එදා කිවුවා එම අවුරුද්දෙම ප්‍රභාකරන්ට මහවිරු සමරන්නත් ඉඩදෙන්නේ නැහැ කියලා. ඔහු එය කළා. 1994 ඔබට තිබුනේ එක ගෙයක් පමණයි. එය මිරිහානේ ගෙය. ළමයි තුන් දෙනෙකුට පිටරට යවලා උගන්වන්න පුලුවන්ද ඔය එදා ගත් මන්ත්‍රී වැටුපෙන්? අපිට මේවා තේරෙනවා (නි)
යුද්ධ කළ කාලේ කකුලෙන් ඇද්ද යු.එන්.පී. ය දැන් සිල්ගත්ත අය වෙන්න යනවා. එයාලා මොනවද කළේ. (නි)