නැගෙනහිර පළාත් සභා රැස්වීමට අද මුළු විපක්ෂයම පැමිණ සිටි නමුත් ආරම්භයේදී ආණ්ඩු පක්ෂයේ සිටියේ ජාතික නිදහස් පෙරමුණේ ජයන්ත විජේසේකර මන්ත්‍රී පමණි.
විපක්ෂ මන්ත්‍රීන් සියලු දෙනාම සිටින නිසා රැස්වීම පවත්වාගෙන යෑමට ආරියවතී ගලප්පත්ති සභාපතිනිය තීරණය කළාය.
පෙරවරු 10.30ට පමණ මහ ඇමති අබ්දුල් මජීඩ් මහතා පැමිණියේය.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී සංඛ්‍යාව 22කි. විපක්ෂ මන්ත්‍රී සංඛ්‍යාව 17කි. දෙමළ සංධාන මන්ත්‍රීවරු කළු පටි බැඳගෙන ආහ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය යළි සංශෝධනය නොකරන ලෙස ඉල්ලමින් ඔවුහු එසේ විරෝධය පළ කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඉතින් අපේ අයට ආවත් වැරදියි, නාවත් වැරදියි!මෙහෙමත් ජාතියක් ...(නි)
මහජන මුදල් නාස්ති කරමින් කරන මොන තරම් විහිලුවක්ද මේක? (නදී)
මේ පුද්ගලයන්ට පඩි ගෙවන්න කෝටි ගනන් වියදම් කරන්නෙ අහිංසක අපේ සල්ලි නේද? (නි)
අහිංසක අපේ සල්ලි නෙමෙයි , මෝඩ අපේ සල්ලි (නි)
පලාත් සභාව නමැති සුදු අලියාව දැන්වත් අහෝසි කර දැමීමට රජය ක්‍රියාකළ යුතුයි. පාර්ලිමේන්තුවත් පලාත් පාලන ආයතනයන් වන ප්‍රාදේශීය නගර සහා, මහ නගර සභා ආදීන් රටේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට හොඳටම ප්‍රමාණවත් වන බැවින් පලාත් සභා ක්‍රමයම අහෝසි කළ යුතු කාලයයි මේ. (නි)
ඔන්න ඕකනේ මම ලංකාවේ දේශපාලනය ගැන කතා කරන්නේ නැත්තේ (දී)