(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (21) පෙරවරු 11 .30 ට පැවැත්වේ.
රටේ ඇතිව තිබෙන ආර්ථික හා දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් මෙන්ම,ආණ්ඩුවේ අර්බුදය සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව කැඳවා ඇතැයි දැනගන්නට ඇත.
මේ අතර දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලගන්වා, විසිවැනි සංශෝධනය නැවත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනා පිළිබඳව ද එහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd