අන්තර්ජාතික ආර්ථික විශේෂඥයෙකු වන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අදාල සියලු පාර්ශවයන්ගේ එකඟත්වයෙන් ශ්‍රී ලංකා මහබැංකුවේ ප්‍රධානියා ලෙස පත් කළ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ට්විටර් වෙබ් අඩවියේ සඳහන් කර ඇත.
මේ අතර නිවේදනයක් නිකුත් කරන ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටින්නේ
ශ‍්‍රී ලංකා මහබැංකුවේ නවඅධිපතිවරයා ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පත්කිරීමට ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේනමැතිතුමා තීරණයකර ඇති බවත් ජනාධිපතිතුමා සහ අගමැති අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගනු ලැබූ බවත් ලබන සඳුදා (04) ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා නව මහබැංකු අධිපතිවරයා ලෙස පත් කෙරෙණු ඇති බවත්ය.
මහ බැංකු අධිපති සම්බන්ධයෙන් ඇමැති අජිත් පී පෙරේරා කියා සිටියේ ඔහු ආර්ථික විශේෂඥයෙක් බවත් මහ බැංකුවේ සේවය කළ පුද්ගලයෙක් නිසා ඔහුට ලංකා ආර්ථිකය සම්බන්ධයෙන් හොඳ දැනීමක් ඇති බවත්ය


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිටලු දෙනාම හොඳයි හොඳයි කියන්නේ මේ මහතා ගැන දැනගෙනද? නැත්නම් ජනාධිපති පත්කළ නිසාද? (නි)
සමස්ත අහිංසක ජනතාව වෙනුවෙන් සිතන්න. ඔබට ජනතාව වෙනුවෙන් සුභ පැතුම්! (නි)
හොඳ තීරණයක් මේක (නි)
හොඳ තීරණයක්. (ර)
හොඳ තීරණයක්ලු. මහේන්ද්‍ර පත්කරනකොටත් සිතුවේ ඔහොමයි. අන්තිමට වුණේ මොකක්ද? (නි)
ප්‍රමාද වී හෝ නිවැරදි පුද්ගලයෙක් පත්ක්රිම වටිනවා. (ර)
සුදුස්සෙකු පත්කිරීම සතුටක්. (ර)
ගිය කෙනා මහේන්ද්‍රන්. අා එක්කෙනා ඉන්ද්‍රජිත් කුමාරස්වාමි. මේ මහතා ගැන දන්නා කෙනෙක් කියන්න. (නි)
මේ පත්කිරීම නියමයි. යහපාලනය නිවැරදි මගට ගැනීම ගැන සතුටුයි. (ර)
පත් කරනකම් විශ්වාස නැහැ. (ර)
ඉතාමත් හොඳ තීරණයක්. මහජන විරෝධයට කන් දී අවසානයේදී නිවැරදි තීරණයක් ගැනීම අගේ කලයුතුය. (ර)
නිවැරදි තීරණයක්. සුබපැතුම්.! (ර)
තිලක් ඩුබායි, ඔබ දිව දෙකේ මනුස්සයෙක්ද..? (බ)
ආචාර්ය කුමාරස්වාමි මේ තනතුරට සුදුස්සෙක්. නමුත් ඔහු තවත් විග්නේශ්වරන් කෙනෙක් නොවේවා කියල ප්‍රර්ථනා කරමි. (බ)
දෙශපාලනයට යටහත් නොවීය යුතුයි. (ර)
බොහොම නැණවත් හොද තීරණයක්. (ර)
මෙතුමා ගැන දැන ගන්නට රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අසන්න , ඔහු ගැන ජනාධිපතිට වඩා දන්නේ අපේ අගමැති , දෙන්නා එකම පාසලේ ( රාජකීය විද්‍යාලයෙන් ) පත් කිරීම ජනාධිපති වුනාට , යෝජනාව අගමැති වන්න ඕනේ , මා සිතන විදියට ගිය කෙනා සහ ආපු කෙනා අතරේ ලොකු වෙනසක් නෙහැ , මුහුණු වල සහ නම් වල හැරෙන්න (බ)
සංහිඳියාව පෙන්නන්න වෙන්න ඇති... (ර)
මේ පත්කිරීම නියමයි. යහපාලනය නිවැරදි මගට ගැනීම ගැන සතුටුයි බොහොම නැණවත් හොද තීරණයක්. (ර)
අපේ රටේ මිනිසුන්ට ඉවසීමක් නැහැ යමක් කරන්න කලින් බොරුවට උඩපනිනවා. (ර)
සුදුස්සාට සුදුසු තැන දීම තමා රටේ දියුණුව. (ර)
ජවිපෙට ස්තුතියි. (ර)
පත් කිරීම ඉතා අගය කරමි. දැන් හිටපු එක්කෙනා? (ර)
දැන්වත්, තමාගේ පෞද්ගලික සම්බන්දතාවයන්ට ප්‍රමුකත්වය නොදී, සුදුස්සාට සුදුස තැන දීමට කවරු කවුරුත් යහපාලනයේ නාමයෙන් හිතාගත යුතුයි. (ර)
ශ්රී ලංකා මහබැංකුවේ නවඅධිපතිවරයා ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පත්කිරීම ගැන ඉතාමත් සතුටු වෙනවා. (ර)
නිවැරදි තීරණයක්. සුබපැතුම්.! (ර)
අද යහපාලනය කියන්නේ ජනතා පරමාධිපත්‍ය කියලා ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නුවා. ඔන්න ඕකයි වෙනස (නි)
අර්ජුන මහේන්ද්‍රන් මහත්තයා ගියේ රටටම ලොකු පණිවුඩයකුත් දීගෙන. ඒ තමයි "මහා බැංකු අධිපති පත්කරන්නේ ජනාධිපති වුණාට එළවන්නේ ජනාතාව කියලා". ඒක කොයි කාටත් වලංගුයි. (නි)
මුහුණෙන් පේනවා හොඳ කෙනෙක් කියලා. කොහොම වුණත් අපි බලාඉඳලා හරි පාරේ ගෙනියමු (නි)
පමාවී හෝ කළයුතු දෙයක්. හැබැයි සඳුදා වෙනතෙක් විශ්වාසයක් නැහැ මට නම් (නි)
මම හිතන්නේ හොඳ තීරණයක්. මොකද, ලොකු වගකීමක් තියෙන තනතුරක් මෙය. (නි)
මෙම පදවියට කළ පත්කිරීම ගැන අපේ නම් කිසිදු ප්‍රසාදයක් නැත (නි)
නාලක, ඔබේ අදහස නිවැරදි බව මටත් සිතෙනවා (නි)
මෙම යෝජනාව කරනු ලැබුවේ කවරෙකු විසින්ද කියාත් අපි දැනගන්න කැමතියි (නි)
මට නම් මේ තීරණය ගැන කිසිම සතුටක් නැහැ (නි)
දැන්තමයි යහපාලනය ක්‍රියාත්මක වෙන්නේ (නි)
රටට හිතකර හොඳ තීරණයක් (නි)
ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් වෙයිද කියලත් බයයි. හැබැයි ඔහුගේ ක්‍රියාකාරිත්වය කෙසේ සිදුවේද යන්න ගැන පමණක් බලා අප තීරණය කළයුතුය. (නි)
ආදී රාජකීය සිසුවෙකු වන මෙතුමා එට්කා ගිවිසුම සම්බන්ධයෙන් රජය නියෝජනය කරන පාර්ශවයේ කෙනෙක්ද වෙනවා නේද? ඒ බව දැනගන්න කැමතියි (නි)
කොහොම වුණත් රටේ උන්නතියට තීරණ ගනී කියලා විශ්වාස කරමු. ලක් මෑණියට ජය වේවා..! (නි)
වැටී ඇති මහබැංකුව ගොඩගන්න ලැබේවා! (නි)
මට නම් කිසිම වෙනසක් නැහැ. වෙන්නෙත් එකම දේ වගෙයි පෙනෙන්නේ (නි)
මහජන මතයට කන්දෙමින් ගන්නා ලද ඉතා හොඳ තීරණයක්. 2015 ජනවාරි 8 අප පැතූ යහපාලනය මෙයයි. කලින් පාලනයේදී නම් උද්ඝෝෂණය කරන විරෝධතා දක්වන අයට හිමිවුණේ වෙඩි සහ සුදු වෑන්. (නි)
ඇයි මනා පළපුරුද්දක් තිබෙන දැනට මහබැංකුවේ ඉන්න දෙවෙනියා මේ තනතුරට සුදුසු (නි)
ඉතා බුද්ධිමත්, අන්තර්ජාතික ගණයේ ආර්ථික විශේෂඥයෙක් පත්කිරීම ශ්‍රී ලංකාවට වැදගත් තීරණයක් (නි)
හිටපු අය නම් පරම්පරා ගානකට හම්බකරගෙන ගියානේ..... (නි)
නිවැරදි පත්කිරීමක් වියයුතුයි. එ්ත් අපේ සිංහල කෙනෙක් පත්නොවීම ගැන හිතේ දුකකුත් නැතුවා නෙමෙයි. දැන්වත් මහ බැංකුවට පිටිපස්සේ දොරින් නැතුව හොඳට උගත්කමක් තියෙන අයව බඳවාගන්න. (නි)
ඉන්දියාව නම් ගොඩක් කැමතිවේවි නේද? (නි)
ජනාධිපතිතුමනි, මේ රට හොරුන්ගෙන් ගළවා දෙන්න. ඔබට ජනතා සහය අපි දෙන්නම් (නි)
නිවැරදි තීරණයක් (නි)
මේක ප්‍රමාදවීමක් නොවේ. හොඳට කාලය අරගෙන සුදුසු කෙනෙක් පත්කිරීමක්ය. කලින් අපේ කට්ටිය නිකන් බොරුවට උඩුබිරුවා. ඕක තමයි කියන්නේ ඉවසන්න පුරුදුවන්න කියලා. (නි)
ඉතාමත් අගනා ක්‍රියාවක් (නි)
දුරදක්නා නුවණක්නැත්තන් අවදි වෙන්නේ මහා විනාශයක් වුණාට පසුවයි (නි)
මොහු ගැන සොයාබලා මිසක් අදහස් දක්වන්න එපා. (නි)
තවම අලුත් වැඩියි. බලමු මෙයා මොකද කරන්න යන්නේ කියලා (නි)
දැන් සමහරුන්ට හරි සතුටු ඇති (නි)
අයියෝ මොනවද මේ සමහරුන්ගේ කතා? මුලින් සොයා බලා අදහස් පළකරන්න (නි)
කලකින් අසන්නට ලැබුණු හොඳ තීරණයක් (නි)
ඒකාබද්ධ විරුද්ධ පක්ෂයට ජය වේවා! ඔබ ගෙනගිය සටනේ ප්‍රතිඵල (නි)
ඉදිරියට රටට හොඳ කාලයක් උදාවේවි (නි)
ශ්රී ලංකා මහබැංකුවේ නව අධිපතිවරයා ලෙස ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පත්කිරීම ගැන මට නම් සතුටු වෙන්න බැහැ (නි)
ඉතා හොඳ තීරණයක් ලෙස දකිමි. (නි)
ඒ කියන්නේ අන්තිමට කලින් කෙනා අස්කරන්න එකඟ වුණාද? (නි)
ඉතාම හොඳ තීරණයක් (නි)
මේ තීරණය ගත්තා කියලා යහපාලනය හොඳයි කියන්න බැහැනේ (නි)
විජේ මහතාගේ ප්‍රකාශය ඉතා වැදගත්කොට සැළකිය හැකිය. රටේ පවතින බොහෝ ප්‍රශ්න ඇතිවීමට එය මුලික හේතුවක් වී ඇත. මේ අවස්ථාවේ අපට කියන්න තියෙන්නේ, රටේ නායකයා අර්බුදකාරී තත්ත්වයකට යන ප්‍රශ්නවලදී වගකීමෙන් කටයුතු කළයුතු බවය. (නි)
මේක යහපාලනයේ සහ රටේ මිනිස්සු අවදියෙන් සිටීමේ ප්‍රතිඵලයක්. රට හොඳ පැත්තට යන ලකුණු දැන් පේනවා (නි)
ඇත්ත තේරුම් නොගෙන සමහරු අදහස් දැමීම ගැන ලැජ්ජයි (නි)
හොඳ තීරණයක්. රටට වඩාත් හොඳ සේවයක් ඉටුවෙයි කියා බලපොරොත්තු වෙමි (නි)
ප්‍රමාදවී හෝ ගත් මෙම පත්කිරීම සමාජ සාධාරණත්වයට ගරුකිරීමක් ලෙස අප අගය කළයුතු අතරම විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාශීලි වැඩපිළිවෙලට අපේ ආචාරය! (නි)
නිවැරදි පත්කිරීමක්. පොදු විපක්ෂයට වෙන මාතෘකාවක් සොයාගන්න වෙනවා. (නි)
ලංකාවට හිතකර, ඉතා නිවැරදි, උගත් මෙතුමාගේ පත්වීම සතුටට කරුණක්. ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාට සුබ පතමි! (නි)
කොහොමත් දැන් ඉතින් ජවිපෙ බලයට ගෙනඑන්න කාලය හරි. මේ හැමෝම රට කෑවා. හපයවත් ජවිපෙට දීලා බලමු. (නි)
ඔබට සුබ පැතුම්! (නි)