තමාට හදාවඩා ගැනීමට නොහැකි බව කියමින් තල්පේ මිත්තණියක වයස අවුරුදු එක හමාරක දැරියක අද සවස ගාල්ල පොලිසියට බාර දුන්නාය.
දැරියගේ මව හා පියා පළතුරු වෙළඳුන් බවත් කියති. පොලිසිය දැරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
තමාට හදාවඩා ගැනීමට නොහැකි බව කියමින් තල්පේ මිත්තණියක වයස අවුරුදු එක හමාරක දැරියක අද සවස ගාල්ල පොලිසියට බාර දුන්නාය.
දැරියගේ මව හා පියා පළතුරු වෙළඳුන් බවත් කියති. පොලිසිය දැරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රසික, ඔබ අර ගිරා පැටව් දෙන්නගේ කතාව අහල තියෙනවද? ඕනෙම දරුවෙක් හොඳ ආශ‍්‍රයට වැටුනොත් හොඳට හැදෙනවා, නරක ආශ‍්‍රයට වැටුනොත් නරක් වෙනවා. අද අපේ රටෙත් දෙමාපියෝ සල්ලි පස්සෙම දුවනවා ළමයි ගැන හොයන්න වෙලාවක් නෑනේ. අන්තිමට ළමයා නරක පැත්තට යොමු උනොත් සල්ලි මොකටද. (ර)
අනේ පව්.! (ර)
පිටිගල, නිකන් බොරුවට අනුන්ගේ දුකකදී මෙවැනි ප්‍රතිචාර දමන්න එපා. ඔබට අවශ්‍ය නම් වියයුත්තේ මෙම දරුවා සොයායාමයි. අනුන්ගේ අසරණකම මෝඩ විහිළුවකට හරවා ගැනීම මෙවැනි අවස්ථාවක නොකළ යුත්තක්. (නි)
යුරෝපයේ ,ඇමරිකාවේ දික්කසාද හේතුවෙන් ළමයි මත්ද්‍රව්‍ය,ප්‍රචණ්ඩ ක්‍රියාවලට පෙළඹී සුන්දර ළමාවිය ශෝකාන්තයක් වෙලා.2009 වසරේ පමණක් එංගලන්තයේ ළමා ඝාතන ගණන 18 ක් (නි)
අපි දරුවන් නැති නිසා මොනතරම් දුක්වෙනවාද? යන්තම් හරි දැන් එය මඟහැරිලා තියෙන්නේ මහත්තයාගේ අගහිඟකම් ඇති ඥාති කෙනෙකුගේ දරුවෙක් අපේ ගෙදරට භාර අරගෙන ඒ ළමයා වෙනුවෙන් වැඩ කටයුතු කරන්න පටන්ගත් දවසේ ඉඳලා. ඒ දරුවා උදේට පාසල් යන්න අපිට වඳින හැම වාරයකම මගේ ඇස් වලට කඳුළු පිරෙනවා. දරුවන් අතහරින මවුපියන්ට මම කියන්නේ සංසාරයේ කවදාවත් ඔය පව නම් කරන්න එපා. (නි)
රසික මහත්තයෝ, ඇමරිකාවේ වෙන එක සිද්ධියක් හුවා දක්වලා කියන්න එපා ඒ රටවල දරුවන්ට සහ ගැහැණු අයට සුදුසු පරිසරයක් නැහැ කියලා. ඒ රටවල් තාමත් අපේ රටට වැඩිය දහස් ගුණයකින් ළමයින්ට හා ගැහැණු අයට සළකනවා. මම මේ ඇමරිකාවට කඩේ යනවා නෙමෙයි. නමුත් අපි අපේ වැරදි හඳුනාගත්තේ නැත්නම් කවදාවත් අපිට හැදෙන්න බැහැ. (නි)
ලංකාවේ දෙමාපියන් දරුවන්ගේත් දරුවන් හදා ජීවිතේ කිසිම සැනසීමක් නොලබා අවසන් ගමන් යනවා. රජයක් මගින් කළයුතුවන්නේ මෙවන් දරුවන් රැක බලාගැනීමේ ආයතන පිහිටුවාලීමෙන් රැකියා උත්පාදනය කිරීමය. දියුණු රටවල රැකියාවක් නොකරන අම්මාට පවා පුළුවන් රජයේ ආයතනයකට දරුවා යවා තම විවේකය ගතකරන්න. අපේ රටේ මිනිසුන් අධික මානසික අසහනයෙන් පෙළෙන බව දැන් දැන් සිදුවෙන දේ වලින් පෙනෙනවා. (නි)
චන්ද්‍ර වීරසිංහ කරුණු හරිහැටි නොදැන බොරුවට තප්පුලන එකත් නොකළ යුත්තක්. එකෙන් වෙන්නේ තමන්ගේ මෝඩකම අනුන්ට ප්‍රදර්ශනය වීම විතරයි.(බ)
අම්මටයි, තාත්තටයි , ආච්චිටයි තුන්දෙනාටටම අවුරුදු එකහමාරක කිරිසප්පයෙක් නඩත්තු කර ගන්න බැරි තරමට මේ රටේ ආස්චර්යකි. (නදී)
සමහර විට මෙහෙම වෙනවා මව් පියන් දෙන්නම වෙන අතක් බලා ගෙන දරුවන් ආච්චිලා සීයලාට භාරදී අත සෝදා ගත්තාම. (නදී)
අනේ මට දෙන්නකෝ (නදී)
සමහර දෙමව්පියන් ළමයින් හැදුවට හදා ගන්නට උවමනාවක් නැහැ. දරුවකු හදා ගන්නට දුප්පත් කමම බල පාන්නේ නැහැ (නදී)
දරුවන් ගැන නිතර මේ වගේ දුක් බර පුවත්මයි ඇහෙන්නේ. පවු අහිංසක ළමයි (නදී)
දරුවන් හදා ගන්න කැමති කරුණාවන්ත උදවිය ඕනා තරම් ඉන්නවා. නමුත් ලංකාවේ දරුවකු කුල වැද්දා ගැනීමේදී ඇති මහා කල් යන ක්‍රියා පටිපාටිය සහ ප්‍රායෝගික නොවන ඇතැම් නීති රීති මේ සඳහා ඉදිරිපත්වීම් අඩු කරනවා. නීති රීති නැති ව මේවා කරන්න බැහැ. නමුත් අදාළ යුවල ඉතා වෙහෙසකර අන්තිමේ ලමයාගේද හොඳ පණ ගියාට පසු දරුවා භාර් දීම තමයි සිද්ධ වන්නේ. මෙය ක්‍රමවත් කලොත් මේ වගේ අසරණ දරුවන්ට යහපත් අනාගතයක් ලැබේවි. මම දන්නා එක්තරා දරුවන් නැති යුවලක් හදා ගත් දැරිය දැන් ඒ ගෙදර ඉන්නේ රාජ කුමාරියක් වගේ. (නදී)
අනේ මට දෙන්නකෝ (නදී)
අනේ පව් අසරණ දරු පැටව් ලංකාවේ හැමදාම කාගේ හරි පවකට කරගහල දුක් විදිනවා. එකටත් එක්ක බටහිර සහ යුරෝපා රටවල දරුවන්ගේ ආරක්ෂාව ලොව ඉහලම තලයේ. අපේ රටේ දෙමාපියන් දැන් දැන් හරිම නපුරුයි. ඒවා තමයි රටට දරුවන්ට මේ විදියේ විපාකයන් ඵල දෙන්නේ. (ර)
ලංකාවේ ඇත්ත තාවය මෙයයි. රටේ වරප්‍රසාද ලත් 6% රජ මගුල්, තව 10% හොඳින් ඉන්නවා. තව 0% ක් යන්තම් ගැට ගහ ගෙන ඡන්දෙට ඇන්දිලා ලොක්කෝ වගේ ඉන්නවා. කඩෙත් යනවා. ඉතිරි අය පෙළපාලි යනවා. (ර)
එතකොට මේ දරුවාගේ දෙමාපියෝ මේ දරුවා ගැන හොයලා බලන්නේ නැද්ද.ආච්චිට දරුවා හදාගන්න බැහැයි කියන්නේ මේ දරුවාගේ දෙමාපියෝ මේ දරුවාව ඇත ඇරලා දාල කියන එකනේ.(හේ)
කුමාරි, සරසි, රුපවතී, ඔයාලාගේ අදහස් නිවැරදියි. දරුවන් හදාගන්න දුප්පත්කම බලපානවානම් අපේ දෙමාපියෝ අපි හතරදෙනෙක් නිසා කැලේ විසිකරන්න තිබුනා. (ර)
කවුරු හරි කිව්වා නේද බටහිර ආරක්ෂාව කියල? ප‍්‍රවෘත්ති බලන්න. ගිය සතියෙත් ඇමරිකාවේ ඉස්කෝලෙක ළමයෙක් ළමයි දෙන්නෙක් වෙඩි තියල මරලා. (ර)