ශ්‍රී ලංකා සම්භවයක් ඇති කෝඩුකාර ඇෂ්ටන් ආගර් ගේ (98) ලෝක වාර්තාගත ඉනිම නිසා ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර ‘අළු බඳුන’ ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ නොටිංහැම් නුවර ටේරන්ට්බි්‍රජ් කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන පළමු තරගයේ දෙවැනි දිනය වූ අද (11) ඕස්ටේ‍්‍රලියානු පිල පළමු ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී ලකුණු 280 ක් රැස්කළේය.
අද දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට එංගලන්ත පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 2 ක් දැවී ලකුණු 80 ක් ලබා ලකුණු 15 ක් ඉදිරියෙන් සිටියේය.
ඇෂ්ටන් ආගර් පන්දු 101 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 98 ක් ලබා ශතකය පෙනි පෙනී දැවී ගියේය.
සිය පළමු ටෙස්ට් තරගයේදී අංක 11 පිතිකරු ලෙස පන්දුවට පහර දෙමින් අර්ධ ශතකයක් රැුස්කළ පළමු ක‍්‍රීඩකයා ලෙස 19 හැවිරිදි ඇෂ්ටන් ආගර් ඉතිහාසයට එකතු විය. මෙම ලකුණු 98 ටෙස්ට් තරගයකදී අංක 11 පිතිකරුවකු රැස්කළ වැඩිම ලකුණු ලෝක වාර්තාව ද වේ.
බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන ක‍්‍රිඩක ටීනෝ බෙස්ට් පසුගිය වසරේ එංගලන්තයට එරෙහිව එජ්බැස්ටන්හිදී ලකුණු 95 ක් රැස්කරමින් අංක 11 පිතිකරු වැඩිම ලකුණු වාර්තාව පිහිටුවා තිබුණි.
ඕස්ටේ‍්‍රලියාව ලකුණු 117 කට කඩුලූ 9 ක් දැවී දැඩි අසීරු අඩියකට වැටී සිටියදී පිලිප් හියුස් (නොදැවී 81) සහ ඇෂ්ටන් ආගර් (98) 10 වැනි කඩුල්ල සඳහා ලකුණු 163 ක සම්බන්ධතාවක් පවත්වමින් අවසන් කඩුල්ලේ ලෝක වාර්තාව පිහිටුවීමට සමත් වූහ.
අවසන් කඩුල්ලේ මීට පෙර වැඩිම කඩුලූ සම්බන්ධතාව ලෙස නවසීලන්තය වෙනුවෙන් බ‍්‍රයන් හස්ටින් සහ රිචඞ් කොලින් (1972/73) පාකිස්තානයට එරෙහිව ද, පාකිස්තානය වෙනුවෙන් අසාර් මහ්මූඞ් සහ මුෂ්ටාක් අහ්මඞ් (1997/98) දකුණු අප‍්‍රිකාවට එරෙහිව ද, ලකුණු 151 ක සම්බන්ධතාවක් පවත්වමින් එම වාර්තාවට සමව හිමිකම් කීහ.
ඕස්ටේ‍්‍රලියානු ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ අංක 11 පිතිකරුවකු රැස්කළ වැඩිම ලකුණු ලෙස ග්ලේන් මැග‍්‍රාත් රැස්කර සිටි ලකුණු 61 ක ද පසුකර යෑමට ඇෂ්ටන් ආගර් සමත් විය. හිටපු ඕස්ටේ‍්‍රලියානු සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක මැග‍්‍රාත් මෙහිදී ආගර්ට ටෙස්ට් හිස්වැස්ස නිල වශයෙන් පිරිනැමූ ආරාධිතයා වීම ද කැපී පෙනේ.
වමතින් පා දඟ පන්දු යවන්නකු ලෙස ඕස්ටේ‍්‍රලියානු පිලට එක්වූ ඇෂ්ටන් ආගර් ගේ මුත්තණුවන් වන නාලා හේවාවිස්ස මහනුවර ධර්මරාජ විදුහල වෙනුවෙන් කි‍්‍රකට් කී‍්‍රඩා කර තිබේ. ආගර්ගේ මිත්තණිය ශීලා හේවාවිස්ස කලක් ශී‍්‍ර ලංකා තේ මණ්ඩලයේ සේවය කර තිබේ.
එංගලන්ත පිල පළමු ඉනිම සියලූ දෙනා දැවී 215
(ජොනතන් ට්‍රොට් 48, පීටර් සිඞ්ල් 50/5) සහ දෙවැනි ඉනිම කඩුලූ 2 ට 80 (ඇලෙස්ටියාර් කුක් නොදැවී 37, කෙවින් පීටර්සන් නොදැවී 35, මිචෙල් ස්ටාර්ක් 15/2)
ඕස්ටේ‍්‍රලියානු පිල පළමු ඉනිම සියලූ දෙනා දැවී 280
(ස්ටීවන් ස්මිත් 53, පිලිප් හියුස් නොදැවී 81, ඇෂ්ටන් ආගර් 98, ජේම්ස් ඇන්ඩසන් 85/5, ස්ටීව් ෆින් 80/2, ගේ‍්‍රම් ස්වාන් 60/2)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අපේ ලෝක වාර්තාවක් තිබ්බේ ෆ්ලයිට් එකක? (නි)
ලුම්බිණී, ඇෂ්ටන්ගේ මව, සෝනියා, ශ්‍රී ලාංකික කාන්තාවක්.(නදී)
සුනිල්, බය වෙන්න එපා දුක් වෙන්න එපා. අපේ අරයගේ පුතාව කෙලින්ම ලංකා ටීම් එකට දාන්න කාලේ හරි. එතකොට බලන්නකෝ සෙල්ලම් කරන හැටි.(නදී)
අපේ ලංකාවේ ක්‍රිකට් ගැන කතා නොකර අපි ඇෂ්ටන් ආගර් ගැන කතා කරමු, (නි)
අනේ ලංකාවේ ක්‍රිකට් ගැන කතා එපා. ඔය සංගා, මහේල ගිය ගමන් ලංකාවේ ක්‍රිකට් තිබුනද කියලා හොයන්නත් නැති වේවි ...... (දී)
කොහොමද ශ්‍රී ලංකා සම්භවය තියෙන්නේ? (නි)
අපේ රටට සම්බන්ධ ඔක්කොම මාර වැඩනේ දෙන්නේ.මේ අපිට නම් ඔය වගේ ගහන්න එපා. (නි)
පිස්සු ආ....එහෙම කොහමද ලංකාවේ චන්දිමාල්,වගේ පොරවල් ඉන්නකල්.(නදී)