IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ආගමික නායකයෝ නිදහස අගයති

නිදහස ලබා 68 වසරක් ගත වුවද ජාතියක් ලෙස දිනාගත යුතු තවත් බොහෝ දේ ලාංකිකයන් හමුවේ ඉතිරිව ඇතැයි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් ගලගම අත්ථදස්සි අස්ගිරි මහ නාහිමියෝ කියති.

අතීත විරුවන්ගේ චරිත උදාහරණයට ගනිමින් මවුබිමේ යහපත උදෙසා සියලු දෙනා ධෛර්යමත්ව ක්‍රියා කළ යුතු බව ද අස්ගිරි නාහිමියෝ පවසති.

මේ අතර තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහනාහිමියෝ නිදහස් දින පණිවිඩයෙන් කියනුයේ නව පාලනය යටතේ උදාවී ඇති ස්වර්ණමය අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ජාති, ආගම් හෝ පක්ෂ භේද නොසලකා ජාතික අපේක්ෂාවන් ඉටුකර ගැනීමට සියලු දෙනා එක්සිත්ව, එක්සත්ව කටයුතු කළ යුතු බවයි.

දිනාගත් නිදහස අර්ථවත් කිරීමට රට ගොඩනැගීමේ කාර්ය අවංකව ඉටු කිරීමට අවැසි ශක්තිය සහ වරප්‍රසාද සියලු දෙනාට ලබාදෙන්නැයි දෙවියන්ට යාඥා කරන බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නිදහස් දින පණිවිඩයෙන් කියයි.

සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීමට ඉවසිල්ලෙන් හා සාමකාමීව කටයුතු කළ යුතු බව සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය නිදහස් දින පණිවිඩයෙන් පවසයි.

 



අදහස් (0)

ආගමික නායකයෝ නිදහස අගයති

ධම්මි Thursday, 04 February 2016 08:02 AM

ඇයි මෙහෙම කියන්නේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 598 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 293 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site