(දොඩන්දූව සංඛ විජේසූරිය ) නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය සමුළුවට සමගාමීව පැවැත්වෙන නියෝජිත සමුළුවක් ගාල්ලේදී පැවැත්වෙන අතර හික්කඩුව ඡායා ට‍්‍රාන්ස් හෝටලයේ (කලින් කොරල් ගාඞ්න් හෝටලය) එම විදේශීය නියෝජිතයින්ට නේවාසික පහසුකම් සලසා තිබේ.
එම නිසා හික්කඩුව නගරය සහ ඒ අවට ප‍්‍රදේශ පිරිසිදුව, සිත් ගන්නා ආකාරයට සකස් කිරීමටත් දැනට තිබෙන යටිතල පහසුකම් වැඩි කිරීමේ අරමුණෙන් විශේෂ සාකච්ඡාවක් දකුණු පලාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් හික්කඩුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
හික්කඩුව ප‍්‍රාදේශීය ලේකම් දමයන්ති පරණගම මහත්මිය,ගාල්ල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී ,රත්ගම ශ‍්‍රී.ල.නි.ප.සංවිධායක මොහාන් පී. ද සිල්වා, දකුණු පලාත් සභා මන්ත‍්‍රී ගා.දේනෙත්තිල හික්කඩුව නගර සභාපති විනී කාරියවසම්, රත්ගම ප‍්‍රාදේශීය සභා සභාපති මනෝජ් මෙන්ඩිස් මහත්ම මහත්මින් සහ ප‍්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන නිලධාරීන් සහ නගර සහ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුද සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුද්දට පෙනෙන්න විතරද පිරිසිදුකම ගැන හිතන්නේ? ඇයි අපේ අනාගත පරපුර ගැන හිතලා හැමදාම ඔය විදියට තියාගන්න උත්සාහ නොකරන්නේ? සුද්ද එනවා කියලා ඒ ගොල්ලන් ඔයාලට වැටුප් ගෙවන්නේ නැහැනේ? වැටුප් ගෙවන්නේ ලංකාවේ මිනිසුන්ගෙන් අයකර ගන්න මුදලින්. අනේ ඔයාලටත් දරුවෝ ඉන්නවනේ!ඒ නිසා පොඩ්ඩක් ඒ ගැනත් හිතන්න. (නි)