2016-11-11-ent-37

ආක්ෂේ කුමාර් ඔහුගේ පවුලේ උදවියත් සමඟ දිවාලි උත්සවය සැමරුවේ කේප්ටවුන්වලදීය. එහි සිට ආපසු පැමිණි වහාම ඔහු සිය අලූත්ම චිත‍්‍රපටියේ පළමුවෙනි රූගත කිරීමට සහභාගි වූයේය. කෙනෙකු විශ්වාස කළත් නැතත් ආක්ෂේ පළමු දර්ශනය රඟපෑවේ වැසිකිළියක් තුළය.

ඔහුගේ අලූත් චිත‍්‍රපටියේ ටොයිලට් ඒක් පේ‍්‍රම් කතා යනුවෙන් නම් කර තිබේ. ඔහු මෙහි රඟපාන්නේ භූමි පෙඞ්නෙකර් සමගය. ඉන්දියානු මාදිලියේ වැසිකිළියක් පසුබිමේ ඇතිව ඔහු විසින් භූමි සමඟ ගන්නා ලද ඡුායාරූපයක් සමාජ වෙබ් අඩවිවලට නිකුත් කර තිබේ.

”ටොයිලට් ඒක් පේ‍්‍රම් කතා” වෙන නමක් තිබුණේම නැද්ද දන්නේ නෑ ෆිල්ම් එකට දාන්න..” බොහෝ දෙනෙක් උපහාසයෙන් මෙන්ම පුදුමයෙන් ද ප‍්‍රශ්න කරති.

 

2016-11-11-ent-38
2016-11-11-ent-40
2016-11-11-ent-39