වසර ගණනාවකට පසු බුන්දල ජාතික වනෝද්‍යානයට සංග්‍රමණය වූ ඉතා දුර්ලභ ගණයේ විදේශීය සංචාරක පක්ෂීන් දෙදෙනකු පියාසර කිරීමේ දුබලතාවයකට ලක්ව සිටිය දී අල්ලා ගත් වනජීවී නිලධරයෝ ඒ කුරුල්ලන් උඩවලව ඇත් අතුරු සෙවණේ පශු වෛද්‍ය ඒකකයට බාර දුන්හ.
ආක්ටික් ප්‍රදේශවල සිට සංක්‍රමණය වන මෙම පක්ෂීන් ලිහිණි විශේෂයකි. හම්බන්තොට ඩිපෝව ප්‍රදේශයේ දී වනජීවී නිලධාරීන් විසින් මෙම පක්ෂීන් දෙදෙනා සොයා ගෙන තිබේ. සුදු පැහැයට හුරු පියකරු පෙනුමකින් යුත් පක්ෂි විශේෂයකි. ‘රන්තුඩුගිම්වලයා‘ නැමති සිංහල අනුවර්ථ නාමයෙන් ද මෙම පක්ෂි විශේෂය හැඳින්වෙයි.
ආක්ටික්, පැසිපික්, ඉන්දියන් සාගර ආශ්‍රිතව මෙම පක්ෂීන් ජීවත් වන අතර එම ප්‍රදේශවල ආහාර අඩු කාලයට ලංකාව වැනි රටවලට පැමිණ තම ශරීරවලට ආහාර ලබා දී නැවත තම නිජ භූමි වලට පියාස කරති.
මෙම පක්ෂීන් තම නිජ භූමියේ හැර සංචාරයේ යෙදෙන වෙනත් රටවල බිත්තර දැමීම, කූඩු සැදීම, පැටවුන් බෝ කිරීම සිදු වන්නේ නැත.
ශ්‍රී ලංකාවේ සංචාරක පක්ෂීන් වැඩි වශයෙන් සැරිසරණ බුන්දල ජාතික වනෝද්‍යානයට ජලජ පක්ෂීන් විශාල වශයෙන් පැමිණෙන අතර මෙම ළිහිණි විශේෂය පුරා වසර 15ට පමණ පසු මෙවර පැමිණ ඇති බව වනජීවී අඩවි සහකාර ජේ ඒ පී විජය කුමාර මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ බටහිර සහ දකුණු වෙරළ තීරවල මේ දිනවල මෙම පක්ෂීන් සැරිසරණ බව ද ඔහු පෙන්වා දෙයි.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආක්ටික් අමුත්තෝ උඩවලව ‘රෝහලේ‘