IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අෆ්රීඩි 2015 ලෝක කුසලාන ඉලක්ක කරයි

නැවතත් පකිස්ථාන කණ්ඩායමට එක් වූ ප‍්‍රවීණ තුන් ඉරියව් කි‍්‍රකට් කී‍්‍රඩක සහීඞ් අෆ්රිඩි, තමන්ගේ ඉලක්කය 2015 කි‍්‍රකට් ලෝක කුසලාන තරගාවලිය නමුත් කිසියම් මොහොතක තමන් කණ්ඩායමට බරක් ලෙස දැනුණ හොත් කී‍්‍රඩාවෙන් සමුගන්නා බවත් පවසයි. කරච්චි හිදී පැවති මාධ්‍ය සාකච්ඡවක දී අෆ්රීඩි මේ බව අද (11 වැනිදා) කියා සිටියේ ය.

ඉන්දියාවට එරෙහිව පසුගිය දෙසැම්බර් මාසයේ පැවති එක් දින කි‍්‍රකට් තරගාවලියේ දී ඔහු පකිස්ථාන සංචිතයෙන් ඉවත් කරන ලද නමුත් ඔහුගේ දුර්වල ක‍්‍රීඩා විලාසය තිබියදීම දකුණු අප‍්‍රිකා සංචාරය සඳහා එක් විය.

එහිදී ජොහැන්නස්බර්ග් නුවර දී පැවති තුන් වෙනි එක් දින තරගයේ දී ඔහු ලබා ගත් ලකුණු 88 පසුගිය මාස 12 තුල දී ඔහු ලබා ගත් පළමු අර්ධ ශතකය විය. අෆ්රිඩි, එක් දින තරග 354කදී ලකුණු 7201ක් ලබා ඇති අතර කඩුලූ 348ක් දවා ගෙන තිබේ.

”මාගේ ශාරීරික යෝග්‍යතාව ඉහල මට්ටමක තිබෙන නිසා මට දිගටම ඉහල තලයේ ක‍්‍රීඩා කිරීමට අවශ්‍යයි. 2015 කි‍්‍රකට් ලෝක කුසලාන තරගාවලිය මාගේ ඉලක්කය වන නමුත් එය රඳා පවතින්නේ ශාරීරික යෝග්‍යතාව හා දස්කම් මතයි” යයි අෆ්රීඩි පැවසීය.

එළඹෙන ජුනි මාසයේදී පැවැත්වීමට නියමිත ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා නම් කරන ලද කී‍්‍රඩකයන් 30 දෙනෙකුගෙන් යුත් පකිස්ථාන සංචිතයට අෆ්රිඩිව නම් කර තිබුණ ද ලබන මාසයේ ප‍්‍රකාශයට පත් කරන අවසන් 15 දෙනාගේ සංචිතය සඳහා එක් වීමට නම් දැන් පැවැත්වෙන පකිස්ථාන ජාතික එක් දින තරගාවලියේ දී දක්ෂතා දැක්විය යුතු ය.

”මම දක්ෂතා දක්වන්නේ නැතිනම් තරුණ කී‍්‍රඩකයන්ට අවස්ථාව දීමට මම අයින් වෙනවා. මම කාගෙවත් බලපෑම් මත ක‍්‍රීඩා කරන්නේ නෑ. මගේ දක්ෂතා නැත්නම් තේරීම් කමිටුව විසින් මාව තේරීමට වත් අවශ්‍ය නෑ” යයි 2010 වසරේ දී ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගත් අෆ්රිඩි පැවසීය.

 



අදහස් (0)

අෆ්රීඩි 2015 ලෝක කුසලාන ඉලක්ක කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 586 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site