ඉන්දු ලංකා ගිවිසුම හා ඔස්ලෝ සම්මුතිය පදනම් කරගත් දේශපාලන විසඳුමක් මෙරට ජාතික ගැටලුව සම්බන්ධයෙන් අවශ්‍ය බව මෙවර මහ මැතිවරණයට තරඟ කරන හිටපු එල් ටී ටී ඊ සාමාජිකයන්ගෙන් සැඳුම්ලත් ප්‍රජාතන්ත්‍රවාදී විමුක්ති පෙරමුණේ මැතිවරණ ප්‍රකාශයකු කිවේය.
මෙම කෝවිල වසර 133 ක් පැරණි බව සඳහන් වේ. 1987 වසරේ අගෝස්තු මස 04 වැනිදා දිනක එල් ටී ටි ඊ සංවිධානයේ හිටපු නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් එම පකෂයේ යාපනය දිස්ත්‍රික් අපේක්ෂක එන්.විදහදරන් මහතා පැවසුවේ ආයුධ අතහැර ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහනයට එළැඹෙන බව සුඩුමලෛ අම්මන් කෝවිල අසල දී විශේෂ ප්‍රකාශයක් කරමින් තම ආයුධ ඉන්දීය හමුදාව වෙත බාර දුන් බවත් එම වැදගත් අවස්ථාව සිහිපත් කරමින් තම ප්‍රතිපත්ති ප්‍රකාශය අම්මන් කෝවිල අසල දී අද (04) එළීදැක්විණි.
විද්‍යාධරන් මහතා සුඩරෝලි පුවත්පතේ හිටපු කතෘවරයකු ලෙස සේවය කර ඇත.
ශ්‍රී ලංකා රජය 2002 දෙසැම්බරයේදී කොටි සංවිධානය සමග නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවරදී ගිවිසුමකට එකඟ වෙමින් ශ්‍රී ලංකාවේ ගැටුමට විසඳුමක් සෙවීම සඳහා ඇති මාර්ග සොයා බැලිය යුතු යැයි තීරණය කළේය.
ඇන්ටන් බාලසිංහම් එම සාකච්ඡාවෙන් පසුව පැවසූයේ මේ සඳහා ශ්‍රී ලංකාවට අලුතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගත යුතු බවයි. එම සාකච්ඡාවට ශ්‍රී ලංකාව වෙනුවෙන් මහාචාර්ය ජී.ඇල්.පීරිස් ශ්‍රී ලංකාවේ ප්‍රධාන නියෝජිතයා විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රජාතන්ත්‍රවාදයෙන් එන එක ඉතා සුභවාදී දෙයක්. . ඒ උනාට ඊලම නම් අත්හරින්නම වෙනවා. ඒකීය රජයක් තුල ජීවත් වෙන්න දැනගන්න ඕනේ. ෆෙඩරල් සහ සන්දීය ඔය කතා නවත්වන්න (නදී)
පුල්ලි මාරුවෙන්නේ නැහැ මොන මුහුණු බැඳගෙන ආවත්. (නි)
උතුරේ ප්‍රජාතන්ත්‍රවාදී විකල්ප 2009 යුද ජයේ දරුවෝ (නදී)
මේ අය මේ ලෙස ඡන්දෙට එන්නේ මහින්ද මහත්තයා නිසයි. යුද්ධය අවසන්වුණේ නැත්නම් අපි මැරිච්ච තැන්වල ගසුත් නැහැ. කමක් නැහැ. ත්‍රස්තවාදයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට සාදරයෙන් පිළිගනිමු. (නි)
නොමඟ ගිය අය සුමඟට ඇවිත් නම් එය හොඳ දෙයක්. ඔවුන් මේ රටේ නීතියට යටත් පුරවැසියන් ලෙස අප සැලකිය යුතුයි. අංගුලිමාලටත් රහත් වීමට පින් තිබුණු බව අප අමතක නොකළ යුතුයි. මෙහිදී වැදගත්වන එකම දෙය ජාතිවාදය ප්‍රතික්ෂේප කිරීමේ අවශ්‍යතාවයයි. අපි හැමෝම ශ්‍රී ලාංකිකයන් ලෙස එක්වී අපේ රට ගොඩනැගීමට කටයුතු කළ යුතුයි.(නදී)
ජාතිවාදිත්වය අමතක කර මගේ රට යන හැගීම තුලින් මේ අය කරන්නට යෙදෙන්නාවූ දේශපාලන අරගලය මමත් අනුමත කරමි ශ්‍රී ලාංකිකයෝ වශයෙන්.(නදී)
ඔවුන් හිටපු කොටි සාමාජිකයන් වුණත් මේ රටේ පුරවැසියන්ය.මේ ආයුධ අතහැර එන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශය අගයකළ යුතුයි.හැමදාම මේ අවිශ්වාසය අප අතර තියාගන්නද...? දැන් ඔය ජ.වි.පෙ. යස අපූරුවට ප්‍රජාතන්ත්‍රවාදයට ඇවිල්ලා ඉන්නේ.අප මෙය අගය කරමු .මින් ඉදිරියට වෙනම රටක්,ජනවාර්ගික කලාපයක් ,ජනවාර්ගික නීති අවශ්‍ය නැත.සියලුදෙනා සමාන වියයුතුයි.බහුතර සිංහල ප්‍රජාවට වෙන්වීමට අවශ්‍ය නැතිබව දැනගත යුතුයි (නි)