කණාමැදිරි එළිය නැතිවී යාමේ ලකුණු ඇතැයි පරිසර හිතකාමී වෛද්‍යවරු පිරිසක් අනතුරු අඟවති.
කොළඹ හා අවට මේ තත්ත්වය දැන් දැකිය හැකි බවද වගුරු බිම් ලඳු කැලෑ, තුරු වදුළු ආදිය උයන් වතු ආදිය එළි පෙහෙළි වීමත් කණාමැදිරියන් පියඹා යන උසින් විදුලි පහන් වලින් ආලෝකය පැතිරී යාම නිසා ලොව පුරාම කණාමැදිරියන් වඳවීමේ ප්‍රවණතාවයක් ඇතැයි විශේෂඥ වෛද්‍ය ඌෂා සමරසිංහ මහත්මිය කියන්නීය.
සක්මන් මන්තීරුවල වැඩිපුර රුක් රෝපණය කිරීමෙන්ද විදුලි ආලෝකය බිම් මට්ටමින් සැපයීමෙන් කණාමැදිරියා රැකගත හැකි බවද වෛද්‍යවරිය කියන්නීය.
තමා සක්මන් කරන දියවන්නා සක්මන් මන්තීරුවල වැඩි වැඩියෙන් ගස් සිටුවීම ඇය නිදසුන් කොට දක්වන්නීය.
පිළිකා, බහුජඨරතාව හෙවත් මල්ටිපල් ස්කෙලෝරෝසිස්, කෝෂ්ඨ ප්‍රදාහය හෙවත් සිස්ටික් ෆයිබ්රෝසිස් හා හදවත් ලෙඩට පිළියම් සොයා ගැනීමේ විද්‍යාත්මක පර්යේෂණවලට කණාමැදිරියා එළිය දැල්වීමට යොදා ගන්නා ‘ලුසිෆරින්’ හා ‘ලුසිෆරේස්’ නම් දුර්ලභ රසායන දෙක යොදාගන්නා බව විද්‍යාඥයෝ කියති.
කනාමැදිරි එළිය ධන උල්පතක් බවට පත් කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි බවද වෛද්‍ය සමරසිංහ මහත්මිය කියන්නීය.
මලයාසියාවේ කණාමැදිරි කලාප පිහිටුවා ඇති බවත් බොහෝ විදේශිකයන් ඒ සඳහා ඇදී එන බවත් එක් විදේශිකයකුගෙන් රින්ගිත් (රුපියල් 11,440ක්) අය කරන බවත් ඇය පවසන්නීය.
ලොව පුරා කණාමැදිරි වර්ග 2000 ක් පමණ සිටින බවත් සහකරු සොයා ගැනීම සඳහා කණාමැදිරියා සිය උදරයේ පසුපස කොටසින් ලා කොළ පැහැ ආලෝකයක් නිකුත් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම වැදගත්. උගතුන්, නිලධාරීන් එකතුවුණොත් කරන්න පුළුවන්. බුද්ධිමත් නිලධාරීන්ගේ හිඟයක් දැන් තියෙන්නේ.... (නි)
මේවා ලංකාවේ බුද්ධිමතුන් කොපමණ ඔප්පුකර පෙන්වා දුන්නත් වැඩක් වෙයි කියා හිතන්න අමාරුයි. පිටරකින් මොනවාහරි හදන්න පුළුවන් කිව්වා නම් අපේ අය උඩ පැනගෙන ප්‍රසිද්ධියත් දීලා ආධාරත් දෙයි! (නි)
කණාමැදිරියො පමණක් නොවෙයි, ග්‍රාමීය පෙදෙස්වල සිටි පක්ෂීන්, මී මැස්සො, බෙහෙත් පැළෑටි ආදිය සියයට අනූවකටත් වැඩිය වඳවෙලා ගිහින්. (නි)
මම හිතුවේ රෑබදුල්ලා කියන්නෙත් කණාමැදිරියට කියලා. (නි)
ඔබ දන්නවාද කණාමැදිරියන් නැත්වෙන්නේ මදුරු කොයිල් වලින් කියා?(දිල්)
ගොඩක් වැදගත් ලිපියක් ලංකාවේත් කණාමැදිරි කලාප පිහිටෙව්වා නම් හරි.(හේ)
" කලා මැදිරියෝ කලාමදිරියෝ එළිය නිවාපන් එළිය නිවාපන් එළියෙන් වන්නේ අවැඩක් මයි "(දිල්)
මෙයාල හුඟාක් කැමතියි පින්න ගස් ගොල්ලට , අනේ අපි පොඩි කාලේ මේ සත්තු නිසා මොන තරම් සතුටු වුණාද?(දිල්)
මේ වගේම එළිය විහිදුවන සතෙක් හිටියා රෑ බදුල්ලා කියලා. ඒ සතාත් දැන් පේන්න නැහැ. (ර)
සෝමදාස මහතාගේ කතාව මමත් අනුමත කරනවා. දැන්වත් වගකිවයුතු අය මේවා ගැන වහාම ක්‍රියාත්මක වියයුතුයි (නි)