( පුෂ්පකුමාර මල්ලවආරච්චි)
‘ව්‍යවස්ථායකය හා විධායක අතර පැවති අරගලය නිසා ආරක්ෂක මණ්ඩලය කැඳවූයේ නැහැ. අනතුරු ඇගවීම් තුට්ටුවකට ගණන් ගත්තේ නැහැ. අහිංසක ජීවිත තුන් සීයක් විනාශ වුනේ හිතුවක්කාර දඩබ්බර ප්‍රතිපත්තියක් නැති නායකයෝ නිසයි.මේ සියලූ දෙනාට ගෙදර යන්න කියලා රට කරන්න පුළුවන් කෙනෙකුට බාර දෙන්න ඕනෑ‘ යැයි අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.
අද (21) උදේ කාදිනල්තුමන් මේ බව සදහන් කළේ පාස්කු ඉරිදා ත්‍රස්ත්‍ර ප්‍රහාරය හේතුවෙන් විනාශයට පත් මීගමුව කටුවපිටිය ශූද්ධවූ සෙබස්තියන් මුනිදුන්ගේ දේවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීීමෙන් පසු නැවත කැප කිරීමේ දිව්‍ය යාගය හා ප්‍රහාරයෙන් මියගිය පිරිස් වෙනුවෙන් දිව්‍ය පූජාව අවසථාවේදී අදහස් දක්වමිනි.
අද පෙරවරු 8.00 ට කාදිනල්තුමන් සහායක රදගුරුතුමන්, පියතුමන් ඇතුලූ පිරිස ජනතාව මහත් හරසරින් යුතුව පිළිගෙන දේවදූතයින්ගේ පෙරහරින් නවීකරණය කෙරුණු දේවස්ථානය වෙත කැදවාගෙන එනු ලැබීමෙන් අනතුරුව දිව්‍ය පූජාව ආරම්භ විය.
කාදිනල්තුමෝ එහිදී මෙසේද පැවසුහ.
කටුවපිටිය, කෝච්ච්කඬේ, මඩකලපුව සියොන් දේවස්ථානය, හෝටල්, ආපනශාලාවල සිදුවූ ප්‍රහාරය නිසා සියලූ දෙනාගේ දුක වේදනාව මට හොදට දැනෙනවා. මේ මිනිස් ඝාතනය ගැන කරුණ කියන්නට මම පසුගියදා මේ පාප්තුමන් හමුවුණා. වාර්තාවක් ඉදිරිපත් කළා. සංයුක්ත තැටියක් මගින් මේ විනාශය මම පාප්තුමන්ට පෙන්නුවා. උන්වහන්සේ මමත් එක්ක කදුළු සැලූවා. උන්වහන්සේ ඔබ වෙනුවෙන් යාච්ඥා කරනවා. මම ඔබ සමග සිටිනවා.උන්වහන්සේ සමග ලෝකයේ හැම දෙනාම ඔබ සමග සිටිනවා.
අපිට විනාශවූ ජීවිත දෙන්න බැහැ. කදුළු පිස දමන්න උදව් කරන්න පුලූවනි. මම ගිය අවස්ථාවේ පාප්තුමන් ඩොලර් 25000 ක් මට දුන්නා. ජනතාවට උදව් කරන්න කිව්වා. දින දෙකකට පස්සේ මට එතුමන් යුරෝ 60000ක ලබාදුන්නා. මේ සියල්ලෙන්ම පෙන්වන්නේ ලෝකයම ඔබ සමග බවයි. ආගමක් අදහන්නේ නැති අය, භික්ෂූන් වහන්සේ, කුරුක්කල්තුමන්, මවුලවිතුමන්ලා ඇතළු හැම දෙනාම අපිට උපකාර ලබා දුන්නා. ඒවයින් ඔබට උදව් කරන වැඩ සටහන් කරනවා.
මේ ශාන්තුවරයන්ගේ පල්ලියෙන් පාස්කු ඉරිදා තවත් සාත්තුවරයින් 120 ක් බිහිවුනා. මේ ප්‍රහාරයෙන් අනෙක් ආගම් අදහන අයත් මරණයට පත්වුනා. මේ මැරුනේ අපේ සහෝදර මිනිසුන් පිරිසක්.
මේ ප්‍රහාරය වලක්වාගන්න තිබුනාද. ඕනෑ තරම් ඉඩකඩ තිබුනු බවට තොරතුරු ලැබිලා තියෙනවා. ප්‍රහාරයට කලිනුත් රජයේ නිලධාරීන්ට මේ බව දැන්වූ බව ඉන්දියානු මහ කොමසාරිස් දැනුම් දුන්නා. එහෙම නම් වලක්වා ගන්න තිබුනා. අපේ අවාසනාවට , ආත්මාර්ථකාමී දේශපාලන බංකොලොත්කරුවන්ගේ කුලල් කා ගැනීම නිසා මේ ව්‍යසනය සිද්ධ වුනා.
ඕන ඕන විදියට කමිටු පත්කරමින් ඡන්දය ගන්න බලාගෙන කරන උප්පරවැට්ටි වාර්තා දුන්නා. ඒවා බාරදුන්නා කිවවාට තවම දැකලා නැහැ. හැත්තෑවේ ඉදලා මිනිමැරුම්, ටයර් සෑයවල්, ගංගාවල පාවීම්, සිද්ධ වුණා. එක එක ආණ්ඩු තිබුණා. කමිටු පත් කළා. කිසිම නායකයෙක් ඒ වාර්තාවල් එලියට දැම්මේ නැහැ. මේ රටේ යථාර්ථය එයයි. රට පාලනය කරන අයගේ දේශපාලන සංස්කෘතිය මගින් මේ සියල්ල රතු පලස යට සඟවා තියෙනවා. මේ නිසා ඒ අය විශ්වාස කරන්න බැහැ.
අයි සිස් නායකයා බලගතු රටක ජීවත් වෙන බව බදාදා පුවත්පතක තිබුණා. ඒ කියන්නේ අයිසිස් නායකයා ඒ රටේ අතකොලූවක්ද. සිංහල මුස්ලිම් කෝලාහල ඇති කරලා රට අස්ථාවර කරන්න පිරිසක් උත්සාහ ගන්නවා. තරුණ පිරිස ඉස්ලාම් ආගම වෙනවෙන් ජීවිත පූජා කලැයි විහ්වාස කරන්න පුළුවන්ද. මෙය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් .
මේ සිදුවුනේ නිදහසෙන් පස්සේ සිදුවූ ලොකුම විනාශයයි. මේ පිටිපස්සේ ජාත්‍යන්තර සංවිධාන සම්බන්ධ වෙන්නේ කෙසේද. එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ ඇත්ත නැත්ත කරන නැත්ත ඇත්ත කරන කට්ටියක්. ඔවුන් විශ්වාස කරන්න බැහැ. සිද්ධියෙන් පස්සේ ඒ අය ආවා. ඒ අය ගියේ අල්ලාගෙන ඉන්න වැරදිකරුවන් ට සාදාරණය කරන්නයි. ඔවුනට විපතට පත්වූවන් ගැන රිදීමක් කැක්කුමක් නැහැ. අපේ රටේ නායකයෝ ඒවාට විරුද්ධව කි‍්‍රයාකරන්න බයයි.
මුස්ලිම් ජනතාවට මම කියන්නේ පාස්කු ඉරිදා සිද්ධිය ඔබේ වැඩක් නොවෙයි. ජාත්‍යන්තර කුමන්ත්රණකරුවන් නොමග ගිය තරුණ පිරිසක් අල්ලාගෙන කළ ප්‍රහාරයක්. මේකට මුස්ලිම් අය වග කියන්න ඕන නැහැ. අද මුස්ලිම් ජනතාව ජාත්‍යන්තර කුමන්ත්රණකරුවන්ගේ ගොදුරක් බවට පත් වෙලා. උත්තරීතර ඉස්ලාම් ධර්මය ආරක්ෂා කරන්න පෙරට එන්න. අන්තවාදී අදහස්වලට ඉඩදී මුස්ලිම් ධර්මයට කරන නිග්‍රහය පරාජය කරන්න අප සමග එකතු වන්න කියා මම ඉල්ලනවා.
ලෝකයේ යුද්ධ වැඩි වශයෙන් පැවතුනේ ඉස්ලාම් රටවලයි. අන්තවාදය වපුරා කලබල ඇතිකර ආයුද විකූණන්න තෙල් බිම් අතට ගන්න කරන මේ වැඩ පිළිවෙල ඉස්ලාම් ධර්මයට සම්බන්ධ නැහැ.
ජනාධිපතිතුමාන් පාප්තුමන් හමවූ අවසතාවේදී යුද්ධ ඇතිවෙන්නේ ඇයි කියා අසා තියෙනවා. ඔබතුමාම කියන්න කියා ජනපතිතුමා කිව්වාම ආයුද නිෂ්පාදනය කරන රටවල් ආයුද විකුණගන්න යුද්ධ ඇති කරන බව පාප්තුමා පවසා තියෙනවා. එය ඇත්තයි.
මෙහේම නොවෙන්න විදේශීය බලවේගවලට අත පොවන්න ඉඩ නොදෙන්න අපේ නායකයන්ගේ කොන්ද පණ මදි. මේවා විසදන්න නායකයෝ උදව් කරන්න ඕනෑ කකුලෙන් අදින්න එපා.ශක්තිමත්ව තිබූ බුද්ධි අංශය විනාශ කළා. ජාත්‍යන්තර ඕන එපාකම් කිරීීම සදහා . එක්සත් ජාතීන්ගේ සංවිධානය , මානව හිමිකම් සංවිධාන සතුටු කරන්න බුද්ධි අංශ අඩපන කර විනාශ කර දැම්මා. වනාතවිල්ලූවේ සිද්ධියේදී කිසිවක් කලේ නැහැ. මාවනැල්ලේ බුදු පිලිම විනාශ කළ අය හෙලිකල අයට වෙඩි තිබ්බා ඒවා යට ගැහුවා.
ව්‍යවස්ථායකය විධායක අතර අරගලය නිසා ආරක්ෂක මණ්ඩලය කැදවූයේ නැහැ. අනතුරු ඇගවීම් තුට්ටුවකට ගණන් ගත්තේ නැහැ. මේ නිසා අහිංසක ජීවිත තුන් සීයක් විනාශ වුනා. හිතුවක්කාර දඩබ්බර ප්‍රතිපත්තියක් නැති නායකයෝ නිසා මෙහෙම වැඩ සිද්ධ වෙනවා. මේ සියලූ දෙනාට ගෙදර යන්න කියලා කරන්න පුලූවන් කෙනෙකුට බාර දෙන්න ඕනෑ.
මේ මෝඩ මිනිසුන්ට සමාව දෙන්න. මම කියන්නේ වෛරය තියා ගන්න එපා. ඉස්ලාම් අයට කරදර කරන්න එපා. ගෞරවයෙන් සලකන්න.අන්තවාදී අදහස්වලට ඉඩ නොදෙන්නට සියලූ දෙනා අත්වැල් බැදගනිමු. ලෝකය අන්තවාදයෙන් නිදහස් කරන්න එක්වන්න කියා ලෝක මුස්ලිම් ප්‍රජාවගෙන් ඉල්ලනවා.
මේ විනාශයෙන් පස්සේ යලි යථා තත්ත්වයට පත් කරන්න අතහිත දුන් සජිත් පේමදාස ඇමතිතුමන්ට, යුද හමුදාව ගුවන් හමුදාව පොලිසිය ඇතුළු විවිධ අංශ වලට මගේ ස්තුතිය පුද කරනවා. මීසම බාරව කටයුතු කළ ශී‍්‍ර ලාල් ෆොන්සේකා පියතුමන්ගේ සේවයද අගයනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ලොකුම පුටුවේ වාඩිවූ පසු බොහෝ දෙනාට තමන් කරන්නම් කිව්ව දේවල් අමතක වෙනවා. ඉන්පසු බලන්නේ කොහොමහරි බලේ එල්ලිලා ඉන්න. ඒකනේ කොහෙවත් තියෙන පක්ෂයක් බදාගත්තේ. අන්තිමට ඒක නැතිකරලාම දැම්මා. දෙවෙනියාට වෙලා තියෙන්නේ ලොකු පුටුවේ ඉදගන්න ආසාව තියෙනවා හැබැයි මිනිස්සු මේ කපේට මිනිහට ඡන්දේ දෙන්නේ නෑ. ඉතින් නූල්සූත්තර දාලා බලන්නේ කොහොමහරි පුටුවේ වාඩිවෙන්න. හිටපු මහරජාටත් ඕන කොහොමහරි බලේ ගන්න රටට කෙලවුනත් කමක් නෑ කියලා හිතලා අර දෙන්න වගේම. රතු අය ගැන නම් කතා කරලා වැඩක් නෑ. ඒලග චන්දෙන් කාටහරි හේත්තු වුනේ නැත්තම් සෝදාපාලුවට ලක්වෙනවා. අනික රටේ ක්‍රමවේදයක් හදන්න ඕන ඔක්කොම චන්ද අවුරුදු පහෙන් පහට හෝ හයෙන් හයට එන්න. අතරමැද චන්ද නැති කරන්න ඕන .එහෙම වුන්හම තමයි මේ ගැටලු නිර්මාණය වෙන්නේ. අනික පාර්ලිමේන්තුවේ බහුතරය එන ඕනෙම කන්ඩායමකට බෝනස් සීට් 25ක් විතර එකතුවෙන ක්‍රමයක් ගේන්න ඕන.එතකොට කුමුන හෝ කන්ඩායමක් ආන්ඩුව කරගෙන යාවී විකාර නොකර. නැත්තම් ඉතින් ආසන ක්‍රමය යලි ගේන්න ඔන
අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණනි, ඔබවහසේගේ අදහස් 100% නිවැරදිය.
සහතික ඇත්ත
ආගමික නායකයකු උනත් නිවට දෙසපාලකයින්ට වැඩිය නිවැරදිව මෙහි යථාර්තය තේරුම් ගැනීම විතරක් නෙවෙයි නොබියව ඒ පිළිබඳව අදහස් දැක්වීම ගැන ඔබ වහන්සේට ප්‍රණාමය.
'' හිතුවක්කාර දඩබ්බර ප්‍රතිපත්තියක් නැති නායකයෝ නිසයි.මේ සියලූ දෙනාට ගෙදර යන්න කියලා රට කරන්න පුළුවන් කෙනෙකුට බාර දෙන්න ඕනෑ'' මෙය මේ රටේ දුක් විඳින මිලියන 20ක ජනතාවගේ ඒකායන ප්‍රාර්ථනයයි. රතු, කොළ, නිල්, පොහොට්ටු ආදී සියලුම දේශපාලුවන්ගෙන් තොර ශ්‍රී ලංකාවක්. නව දේශපාලන චින්තනයක් ඇති. උගත් බුද්ධිමත්,අවංක, මෙතෙක් දේශපාලනයේ සිටි කිසිම දේශපාලකයෙකුගේ නෑදෑයෙක් නොවන රටට හිතැති විදේශීය රටවල් වලට ගැතිනැති ශක්තිමත් නායකයෙක් හොයා ගමු.
අදහස් විශිෂ්ටය කාදිනල් තුමා
කාදිනල්තුමනි, මා බෞද්ධයෙක් වශයෙන් ඔබට යමක් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. ඔබතුමා මේ රටට දෙවියන් දුන් ඉතාමත් අගනා වටිනා මිනිසෙක්. ඔබව රැකීමට අපද හදවතින්ම කැපවෙමු. ඔබට සෙත් වේවා
මම බෞද්ධාගමිකයෙක් එම නිසා අපි පුහුණු වෙලා තිබෙනවා නිර්භීතව හරිදේ හරී කියන්න. ඔබවහන්සේ නිර්භීතව කල ප්‍රකාශය හිස මුදුනින් අනුමත කරනවා.
නිර්භීතව සහ අවංකව යථා තත්වය එඩිතරව ප්‍රකාශ කරන කාදිනල් තුමානන්ට මුළු මහත් ලාංකිකයන්ගේ ප්‍රණාමය හිමි විය යුතුය. ඔබවහන්සේ අපගේ වාසනාවට පහලවූ මනුෂ්‍ය රත්නයකි.
අති ශ්‍රේෂ්ට ලංකා පුත්‍රයෙකු වන ඔබ වහන්සේට මාගේ නමස්කාරය!
ඔබ වහන්සේ වගේම අනිකුත් ආගමික නායකයෝ මෙහම ප්‍රසිද්ධයේ නිර්භීතව අදහස් කරනවා නම්, මේ දේශපාලකයන්ව යම් තරමට මට්ටු කල හැකි වේවි.
කර්දිනල් තුමනි නගනන්ද කොඩිතුවක්කු සමග සාකච්චා කිරීමට කාලය ඇවිල්ල තියෙන්නේ. හිතල බලන්නකෝ.
'අහිංසක ජීවිත විනාශ වුණේ හිතුවක්කාර , ප්‍රතිපත්තියක් නැති නායකයෝ නිසයි'
සේරම අදහස් හොදයි නමුත් දළ දා මාලිගවට. ශ්‍රී මහාබෝධියට කොටි පහර දෙනකොට ඔය අදහස් තිබුනෙ නෑනෙ. එදා වගේම අදත් මේ බෝම්බ පිපිරීමෙන් උන ජීවිත හානිය ගැන බලවත් සේ කනගාටු වෙනවා.
කාදිනල් තුමනි වෙච්චදේට බෞද්ධ අපටත් ඉතා කනගාටුයි , නමුත් සාමාන්‍ය පුරවැසි මට කළහැකි දෙයක් නැත මමත් ඉන්නේ මේ ඡන්දෙ ලං වෙනකන් ,
එළකිරි...
බුදුන්වහන්සේ දේශනාකරලා තියනවා උන්වහන්සේ කිව්වත් විමසා නොබලා පිළිගන්න එපා කියල. සැකහැර විචිකිච්ඡාවෙන් තොරව පිළිගතහැකි පරම සත්‍යවබෝධය ලැබෙන්නේ එවිට පමණයි කියලයි ඒ කියන්නේ.එනම් නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි ක්‍රියාව, නිවැරදි ජීවනය, නිවැරදි සිහිය, නිවැරදි අරමුණ, යනාදී මාර්ග අටකින් හැම සිදුවිමක්ම් ඇතිවීමට හේතුවන ප්‍රත්‍ය දැක තමාව වටහාගන්නා බවයි, තමාව වැටහුනා යනු ලෝකයම වැටහුණු බවයි, නොහොත් අර්යාෂ්ටාංගික මාර්ගය හා ප්‍රත්‍ය සම-උත්පාදය (ප්‍රත්‍ය සමුප්පාදය) කියන්නේ ඕකටයි. පාස්කු ඉරිදා ව්‍යසනයත් එසේ හැම පැත්තම විමසා බලා වටහා ගත යුතු අතර ඉදිරියටද සිදුවන සියල්ල එසේ කවුරු කිව්වත් වීමසා බලා වටහා ගතයුතුය.