2012 සිට 2014 දක්වා කාලයේ දී ජනාධිපති ලේකම් කාර්යාලයයෙන් 2344228641.68 (රුපියල් කෝටි 200කට වැඩිය) බදුගෙවන්නන්ගේ සල්ලි හිටපු ජනපතිගේ ගමන් වෙනුවෙන් වියදම් කර ඇත.
2014 වියදම් කළ මුදල 643250689.84කි. හිටපු ජනපති, ඔහුගේ බිරිය ශිරන්ති හා ඔවුන්ගේ නියෝජිතයන් වෙනුවෙන් විදේශ ගමන් සඳහා මේ මුදල් යොදා ඇත.
ඇමෙරිකාවේ උතුරු බැකෝටා විශ්ව විද්‍යාලයයේ ශිෂ්‍යයන්ට රුපියල් 264000 ප්‍රදායනයක් කර ඇති බවත්, 2013 දී උපදෙස් සඳහා රුපියල් 46732602ක් ගෙවා තිබේ.
ඊට අමතරව ශ්‍රී ලංකන් ගුවන් සේවය තවත් බිලක් ජනාධිපති කාර්යාලයයට යවා ඇත.
ඒ 2014 දී ය. ඒ බිලෙහි රුපියල් 305004001ක් සඳහන් වේ.
මේ අනුව 2014 දී පමණක් වැය කළ මුදල රුපියල් 948254720.84කි. වෙනත් විදියට කියතොත් රුපියල් සිය කෝටියකට ආසන්නය.
2014 දී එක්සත් ජාතීන්ගේ මහා සමළුවට සහභාගී වීම සඳහා ඒ340 ගුවන් යානයක් කුලියට ගැනීමේ මිල ද ඊට එක් කළේ නම් බිල තවත් ඉහළ යනු ඇත. ඒ තොරතුරු මෙතෙක් ලැබී නැත. පුදුමයකට මෙන් මේ විදයම් අතරට අවස්ථා දෙකක දී කැමරා දෙකක්, කැමරා බඩු මිලට ලක් බව ද නාර්තා වේ.
නිව්යෝර්ක් නුවර දී 2014 දී කැමරාවක් මිලට ගැනීමට රුපියල් 529000ක් ගෙවා ඇත.
සිංගප්පූඑරුවේ දිා කැමරා උපකරණ මිලට ගැනීමට රුපියල් 9119141.39 ගොස් තිබේ.
මෙම කැමරා රාජකාරි සදහා ගත්තේ ද, පෞද්කගලික කටයුතු සඳහා ගත්තේ ද නොපැහැදිලිය.
2014 ඔක්තෝබරයේ දී රෝමයේ වතිකානයටත්, මිලාන් නුවරටත් යෑමට හිටපු ජනපති වැය කළ මුදල රුපියල් 67722245.34කි.
රෝමයට හා ඉතාලියේ මල් පෙන්සා ගමනට ඒ 340 ගුවන් බසය සඳහා වූ රුපියල් 44195550 වෙනුවෙන් වෙනම බිලක් ජනාධිපති කාර්යාලයයට යවා ඇත.
මෙම බිල මෙතෙක් ගුවන් සමාගමට ගෙවා නැත.
තුන් දින එම සංචාරය සඳහා රාජ්‍ය භාණ්ඩාගාරයෙන් වැය වූ මුළු මුදල රුපියල් 111917795.34කි. එසේත් නැත්නම් කෝටි දහයකට වැඩිය.
2014 සැප්තැම්බරයේ දී රාජපක්ෂ මහතාගේ නිව්යෝර්ක් ගමනට වැය කළ මුදල රුපියල් 127052113.52කි. (එම මුදලට ගුවන් යානා කුලිය එක් කර නැත)
2014 ජනවාරියේ අබුඩාබියට ගිය ගමනට වැය කළ මුදල රුපියල් 5724005.61කි.
තවත් ගුවන් යානයකට නැඟීම සඳහා ගුවන්තොටේ සිටිය දී හිටපු ජනපති වෙනුවෙන් සෑහෙන මුදලක් වියදම් කර තිබේ.
බොලීවියාවට ගුවන් යානයක් එනතුරු අතිගරු ජනාධිපතිතුමා වෙනුවෙන් වෙන් කළ මුදල රුපියල් 5076427090කි.
අතිගරු ජනාධිපතිතුමාට හා නියෝජිත පිරිස ඩුබායි සිට තවත් ගුවන් යානයකට නැඟීම සඳහා වැය කළ මුදල රුපියල් 5687789.58කි.
2014 ජනවාරියේ දී හිටපු ජනපතිගේ බාල පුත් රෝහිත ජපානයට යෑමට බදු මුදලින් රුපියල් 2086000ක් වැය කර ඇත.
රෝහිත ගිය රජයේ නිල තනතුරක් දැරූ අයෙක් නොවෙයි.
2014 දෙසැම්බරයේ දී ඉන්දියාවේ තිරුපති කෝවිලට යෑමේ පෞද්ගලික ගමන සඳහා හිටපු ජනපති ඒ 340 ගුවන් බසයක් ශ්‍රී ලංකාන් එයාර් ලයින් විසින් මිලට ගත්තතේය.
තිරුපති වෙන්කතේෂ්වර කෝවිලට යෑම සඳහා වූ එම ගුවන් යානයේ බිල රුපියල් 3916836කි. එම බිල තවම ගෙවා නැත.
ඔහු රුපියල් 4458225ක් ඇතුළුව රජයේ භාණ්ඩාගාරයට ණය වූ තවත් මුදලක් වූයේ රුලියල් 12291297 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විස්තරය සිංහලෙන් ප්‍රින්ට් කරලා එජාප මැතිවරණ වේදිකාවල බෙදාහරින්න කටයුතු කරන්නේ නම් ඉතා වටිනවා. මොකද පත්තරවල තියෙන හැමදේම ඡන්ද දායකයන්ට කියවන්න නොලබෙන නිසා මේවා කියවපුවම මිනිස්සු අවදිවෙනවා (නදී)
ඔහුගේ සියලු දේපල රාජසන්තක කර වෙන්දේසිකර මේ මුදල අය කර ගන්න. (නදී)
ජවිපෙට පාර කැපෙයි.(නදී)
තවත් කන්න දෙමුද පුතේ ?(ම)
ඇත්තටම මේ රටේ කුසට අහරක් නැතුව දරු පැටවුන්ට කන්න දෙන්න විදියක් නැතුව අනේකවිධ දුක් කරදර විඳිමින් දහදිය වගුරන දුප්පත් මිනිසුන් ජීවත්වෙන වග නොදැනද මේ රටට පහළවෙන හැම පාලකයෙකුම මහජන මුදල් වැය කරන්නේ? දැන් මේ සෑම විදෙස් වියදමක්ම ඒ සිටිය පාලකයින් හා ඒවාට සහභාගිවූවන්ගෙන් අයකරගත යුතුයි. (නි)
මාසි,ඔය මාස 6 එයාර්පොර්ට් එකට වෙලා බලාගෙනද හිටියේ? (බ)
මුදලිගේ කතාව හොඳටම ඇත්ත. දේශප්‍රේමය මනින්න මෙතෙක් කලක් භාවිත කළ මිනුම් දණ්ඩ වුණේ යුද්ධය සහ අධිරාජ්‍යවාදීන්ට බැනීම. ජාතික ධනය අරපරිස්සමෙන් පාවිච්චි කිරීමත් දේශප්‍රේමයේම කොටසක් බව දේශපාලකයන් තේරුම්ගත යුතුව ඇත (නි)
මේ වගේ වියදම් කරන්න සහ හොරකම් කරන්න පුළුවන් නිසා තමයි කට්ටිය ගජරාමෙට මහින්ද එක්ක නැගිටින්න හදන්නේ. මුදලිගේ සමඟ මමද එකඟ වෙනවා. (නි)
මූල්‍ය විෂමාචාර සිදුව ඇත්නම් නඩු නොදමන්නේ දේශ පාලන කප්පමක් ගැනීමටද ? (ම)
මේ මොනවා කිවුවත් අපේ රටේ අය මේ අය නැවත ගේනවා (නි)
ආයුබෝවේවා මහා රජාණෙනි .ඔබතුමා සහ පවුලේ සැම බොහෝ කලක් දිනේවා (බ)
කමක් නෑ යුද්දේ දින්නනේ අපි හම්බකරකර බදු ගෙවනවනේ (ම)
මේ කජු ඇටද? කොස් ඇටද? (නි)
අනේ දෙවියනේ! (නි)
අද අපිට ආසාවට කියආ අපේම ගුවන් යානයකින් ලංකාවට එන්න බැරි කරලයි තිබෙන්නේ.වෙනත් ගුවන් සමාගමකින් ගුවන් පතක් ගන්නවට වඩා 3 ගුණයකින් අපේ ගුවන් සමාගමේ ගුවන් පතක මිල වැඩියි.එහෙත් පාඩුයි. (නි)
තවත් බොරුවක් රැවෙටෙන්න එපා (නදී)
අපිට රුපියල් සියක් වුණත් වටිනවා වුණාට රාජපක්ෂවරුන්ට රුපියල් කෝටි ප්‍රකෝටි කියන්නේ "කජු ඇට කොස් ඇට" වගෙයි.මොකෝ දුක්විඳලා හරි හම්බ කරනවා කියලද? (නි)
මහජන මුදල් කොල්ල කාලා මිනිස්සුන්ට දැඩි ලෙස පිඩා කළ අයට දඩුවම් කළ යුතුයී . (ම)
තවත් අවුරුදු 2 ක් හිටියා නම් අපේ රටත් සෝමාලියාවක්,ඉතියෝපියාවක්,උගන්ඩාවක් ,ස්වාසිලන්තයක් කරලම තමයි පස්ස බලන්නේ. (නි)
ශ්‍රී ලාංකිකයිනේ ආපසු නොහැරෙව් (නදී)
මේ ලිපිය මුද්‍රණය කරලා රටේ ගම්දනව් සියල්ලටම නොමිලේ බෙදලා දෙන්න කෙනෙක් නැද්ද? (නි)
කර තිබෙන අපරාධ වල හැටියට විඳවන්න වෙනවාමයි. එහෙම නොවුණොත් පවු පින් සියල්ලම බොරු. (නි)
දිට්ටදම්ම වේදනීය කරුමෙක හැටි. 'එදා රත්තරන් හැන්ඳෛන් කාපු අය අද පොල්කටු හැන්ඳෙන් කනවා ' එ්කත් හොඳ වැඩියි. (නදී)
දැන් ඉන්න අපේ සිරිසේන මහත්තයාට ඒ වගේ උණ ගැනිලා නැති එක මහ ජනතාවගේත් අපේ මවුබිමේත් වාසනාවක් (නි)
රාජ්‍ය වියදම් පිළිබඳව පුරවැසියන් වශයෙන් අපට දැනගැනීමේ අයිතියක් උදාකර ගත යුතුයි ඒ සදහා විද්වතුන් ඇතුළු සියලු බුද්ධිමත් ජනතාව පෙළගැසිය යුතු බවයි මගේ අදහස (බ)
ඉලක්කම් වලින් වගේම අකුරෙනුත් තිබුන එක හොඳයි. මට නම් ඒ ඉලක්කම් වලින් කියවෙන ගාන කියවන්නත් බැහැ කැරකැවිල්ල වගේ. ජීවිතේට ඒ වගේ ගණන් කියවලත් නැහැ. එකතු කරලාත් නැහැ. (නි)
තව වාරයක් දෙමු . එය ගුවනේ අපි මහපොළව යට.(ම)
මම හිතන්නේ ලංකාවේ භාන්ඩා ගාරෙටත් වඩා වියදන් කරලනේ. බිල් තියනවනන් ඒව මෙච්චර දවසක් ඉදිරිපත් නොකර දැන් නිකන් මෝඩ සන්දර්ශන තියනවා.(නදී)
මේ ඉලක්කම් අහලා දැන් අපට තිත්තවෙලා තියෙන්නේ. මේ වැරදි වලට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කරන්න තමයි අපි ඔබලාට කතිරය ගැහුවේ. (නි)
වෙන දෙයක් බලාගෙන ඉන්නවා හැර අපි දැන් මොනවා කරන්නද? (නි)
මේ වගේ හෘද සාක්ෂියකින් තොරව මහජන මුදල් නාස්ති කරන රාජ්‍ය නායකයෙක් ලංකාවට නෙමෙයි මේ ලෝකේ කිසිම රටකට නොලැබේවා. (නි)
තමන්ට පුළුවන් ප්‍රමාණයට විතරක් කටයුතු කළා නම් අද මෙහෙම වෙන්නේ නැහැනේ (නි)
දැනට ලංකාවේ තිබෙන ගණක යන්ත්‍ර වල දර්ශන තිර මේ ගණන් එකතු කරන්න මදිවේවි නේද? (නි)
රටේ සම්පත්, බදු මුදල් සියල්ලම අයිති එතුමාට. ඉතින් මොනවා කළත් මොකද? (නි)
අනේ අපිට නම් ඉතින් මෙච්චර ගණනක් අතට ලැබෙන විදියක් තියා මේ ගණන් කියවාගන්නවත් තේරෙන්නේ නැහැ (නි)
රට කිරියෙන් පැණියෙන් ඉතිරෙනවා. ඒ නිසා වියදම ඒ පමණ ගානක් නොවෙයි (බ)
බුදු අම්මේ මෙහෙම වියදමක්? අපිට මේ ගණන් ටිකවත් කියවගන්න බැහැනේ. බලාගෙන ගියාම වියදම කෝටි ගණන් වලින් වගේ ඉවර වෙන්නේ. (නි)
මේක පුදුම හොරාකෑමක්නේ (නි)
ළඟදි මම ඉන්න රටේ කතානායිකාතුමිය බදු ගෙවන්නන්ගේ මුදල් සුඛෝපභෝගී ලෙස ගමන් බිමන් වලට වියදම් කරලා ඒවා ආපසු ගෙවන්න සිදුවුණා. රැකියාවත් අහිමිවුණා (නි)
රාජ්‍ය ගමන් මුවාවෙන් නාස්ති කළ මුදල් වලට නම් කරන්න දෙයක් නැතුව ඇති. ඒත් පුද්ගලිකව විදම් කළ මුදල් නඩු දාලා හරි අයකරගත යුතුයි. (නි)
මුදලිගේ ,ඔබගේ කතාව ඇත්ත විතරක් නොවේ. ඔබ කියන ජාතියේ මිනිස්සු ලංකාවේ ඉන්න බව නෙවිල්ගේ අදහසින් ඔප්පුකර තිබෙනවා. ඩොලර් 5700 ක හෙලිකොප්ටර් වියදමක් ගමන් ගාස්තු හැටියට අයකිරීමේ වරදට ඕස්ට්‍රේලියාවේ කථානායිකාව ඊයේ ඉල්ලා අස්වුණා. ලංකාවේ ඡන්දදායකයින්ට ඒ වගේ තත්වයක් දකින්න තව සියවස් කිහිපයක් ඉවසන්න වේවි. (නි)
බුදු අම්මෝ! මට කරකැවිල්ල වගෙයි (නි)
දැන් මේ පවතින ආණ්ඩුවේ කිසිම කෙනෙක් ගුවන් ගමන් වලට වියදම් කරන්නේ නැද්ද එතකොට? (නි)
ප්‍රශ්නයක් වෙන එකක් නැහැ (නි)
නඩු දමා අය කරන්න (නි)
මහජනතාවගේ මුදල් මේ විදියට අම්මගේ අප්පාගේ බුදලේ වගේ තම සුක විහරණයට යොදා ගත්ත අයට දඩුවම් දෙන්නම වෙනවා (නදී)
රජෙක් වගේ අභිමානයකින් වැජබෙන්න පුලුවන් පුද්ගලයෙක් නිකමි විනාශ වුණා. දැන් නන්නත්තාර වෙන්නයි යන්නේ. (නදී)
අවංකවම මේ ඉලක්කම් කියවන්න බැහැ මට නම්. රටකට ගිය කලක් තවත් ඉල්ලනවනේ මේ ලොක්කා (නදී)
මාස 6 ට යහපාලන තාත්තයි පුතයි 40 පාරක් රට ගිහින් අාපු එක කාටවත් මතක නැති පාටයි. (නදී)
මේ වියදම් ටික දැක්කහම අපේ රට ලෝකේ පොහොසත්ම රට කියලා කියන්න පුළුවන්. කාටද ආඩම්බර? (නි)
නෙවිල් මේ මෝඩ කතා කියන්නේ නැතුව ඉන්නවද. විදේශ ගමන් යන එකෙයි, ඒ සඳහා අනවශ්‍ය වියදම් කර සම්පූර්ණ ගුවන් යානයක් වෙන් කරගෙන මහජන මුදල් නාස්ති කරන එකෙයි ලොකු වෙනසක් තියෙනවා. (නදී)
ගුවන් තොටුපොළේ සිටීම වෙනුවෙන් මිලියන ගණනක්. බිස්නස් ක්ලාස් යන ඕනෑම කෙනෙකුට ලෝන්ජ් පහසුකම් නොමිලේ ලැබෙනවා. (ම)
ඕස්ට්‍රේලියා කතානායකවරිය උත්සවයකට කාරය නැතුව ගුවන් යානයකට අධික මුදලක් වියදම් කළාට ඇය තනතුරෙන් පහකර මුදල නැවත ගෙවලත් බේරන්න බැරිවුණා (නි)
ලංකාවේ මී හරක් ඉන්න බව දැනගෙන තමයි මේ අය මෙහෙම වියදම් කරන්නේ. බලන්නකෝ මේ පාරත් මේ මීහරක් ටික ඡන්දය දෙන හැටි මේ උදවියට අපේ රටට ගිය කල (නදී)
බුදු අම්මෝ! මට නම් මේ ගණන් හිලව් කියවාගන්නත් බැහැ.ජය වේවා එතුමාට........ (නි)
එතකොට එයාලා මේවා දන්නේම නැද්ද? (නි)
මගෙ අම්මෝ! මෙහෙමත් සල්ලි වියදම් කරන්න පුලුවන්ද? (නි)
ජනාධිපතිතුමනි ඔබයි අපේ එකම බලපොරොත්තුව. කව්රුන් බලයට ආවත් මෙම පරීක්ෂණ දිගටම ගෙනගොස් වැරදිකරුවන්ට දඩුවම් ලබා දෙන්න. පව් මේවා අහිංසක මිනිස්සුන්ගේ සල්ලි. (නදී)
මේ අයව කාල මදිනේ (නදී)
මේ අයව උල තියලත් මදි. අපේ රටේ දවසකට රුපියල් 1000.00 වියදම් කරන්න නොහැකි ලක්ෂ කීයක් අහිංසක ජනතාවක් ඉන්නවද ? අපේ මිනිස්සු හරක් කතිරේ ගහනවනේ (නදී)